The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

හිටපු ජනාධිපති රනිල්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වෙලා - එජාප උප නායක කියයි

T

The Leader Desk

August 26, 2025 • 5:06 AM

හිටපු ජනාධිපති රනිල්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වෙලා - එජාප උප නායක කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය.
  • මේ නඩුව ආරම්භයේ සිටම සහයෝගය දුන් ලෙසම හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ හිටපු කාර්ය මණ්ඩලය මේ නීති කෘත්‍ය අවසන් වෙනතුරු අධිකරණයට සහයෝගය දීම අනිවාර්යයෙන්ම සිදුකරනු ඇති බවද එජාප උප නායකවරයා එහිදී අවධාරණය කළේය.
  • නීතිඥ අකිල කාරියවසම් තවදුරටත් මෙසේද සඳහන් කළේය.
  • ඒ වගේම මේ දක්වා පැමිණිල්ල කියන ආකාරයට සාක්ෂිකරුවන් 38දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවත්, එතුමාගේ ආරක්ෂාව පිළිබදවූ අවදානම පිලිබදවත්, රට ලොකුම අභියෝගයට මුහුණ දුන්න වෙලාවේ කළ කැපවීමත්, එතුමාගේ බිරිදගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එතුමගේ සෞඛ්‍ය තත්ත්වයට ඇතිවන පීඩනය පිලිබදවත් යනාදී මේ කාරණා සියල්ල අද දිනයේදී ගරු අධිකරණය විසින් සැලකිල්ලට ගනී යයි තමා විස්වාස කරන බවද ඔහු කියා සිටියි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය.

මේ නඩුව ආරම්භයේ සිටම සහයෝගය දුන් ලෙසම හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ හිටපු කාර්ය මණ්ඩලය මේ නීති කෘත්‍ය අවසන් වෙනතුරු අධිකරණයට සහයෝගය දීම අනිවාර්යයෙන්ම සිදුකරනු ඇති බවද එජාප උප නායකවරයා එහිදී අවධාරණය කළේය.

නීතිඥ අකිල කාරියවසම් තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''සිකුරාදා දවසට සාමාන්‍යයෙන් කෙනෙක් CIDයට එන්නේ නැහැ''

''මේ නඩුව කරගෙන යන්න එතුමා ගෙන් කිසිම බලපෑමක් වුනෙත් නැහැ. වෙන්නත් නැහැ. එතුමා දිගින් දිගටම මේ නඩු කටයුතුවලට සහයෝගය දීලා තියෙනවා. ඒ වගේම එතුමාගේ පුද්ගලික ලේකම් සාක්ෂි දීලා තියෙනවා. ස්ථීර ලේකම් සාක්ෂි දීලා තියෙනවා. ඒ වගේම මේ දක්වා පැමිණිල්ල කියන ආකාරයට සාක්ෂිකරුවන් 38දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඒ කිසිම සාක්ෂිකරුවෙක් හිටපු ජනාධිපතිතුමා ඔවුන්ට බලපෑම් කළ බව කියා නැහැ. ඒ වගේම ඔවුන් කිසිවෙක් එතුමා කෙරෙහි ඇති බය නිසා විමර්ශනයට සහය දෙන්න බය බව කියා නැහැ.

සිකුරාදා දවසට සාමාන්‍යයෙන් කෙනෙක් අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට එන්නේ නැහැ. එදාට මග අරිනවා. එහෙම තියෙද්දිත් හිටපු ජනාධිපතිතුමා මේකට මුහුණ දෙන්න සහ සහයෝගය දෙන්න පහුගිය සිකුරාදා ආවා.

මේ නඩු කටයුත්ත ඉදිරියට කරගෙන යන්න දෙන්න පුළුවන්, උපරිම සහයෝගය සහ දායකත්වය එතුමා ලබාදීලා තියෙනවා. කොටින්ම එතුමගෙන් මේ නඩුව ඉදිරියට කරගෙන යන්න කිසිම බාදාවක් නැහැ.

ඇත්තටම අවධානම තියෙන්නේ හිටපු ජනාධිපතිතුමාට...

ඇත්තටම අවධානම තියෙන්නේ එතුමට. මේ මුළු රටටම අවධානමක් ආපු වෙලාවේ මේ රට බේරාගැනීමේ අවධානම එතුමා ගත්තා.

දැන් එතුමගේ ජීවිතයට අවධානමක් තියෙනවා.

එතුමාගේ වයස අවුරුදු හැත්තෑ හයයි. මේක අවුරුදු දෙකකට කලින් වෙච්ච සිද්ධියක්.

සිංගප්පූරුවේ වෛද්‍යවරු, ඇමරිකාවේ වෛද්‍යවරු, වගේම මේ වෙනකොට එතුමාට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවා තහවුරු කරලා තියෙනවා මේ තියෙන තත්වය ඇතුලේ එතුමට ඕනම වෙලාවක හෘද රෝගයක් එන්න පුළුවන් කියලා.


ජීවිතයක් අවදානමේ දාන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද?.

මේ නඩුව ආරම්භයේ ඉදලම සහයෝගය දුන්නා වගේම මේ නීති කෘත්‍ය අවසන් වෙනතුරු එතුමා සහයෝගය දෙනවා.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සෑම සැකකරුවෙකුටම නිර්දෝෂී බාවයේ පූර්ව නිගමනය බල පැවැත්වෙනවා.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) ව්‍යවස්ථාව අනුව කිසිම පුද්ගලයෙක් නඩු විභාගයක් හෝ විමර්ශනයක් පොරොත්තුවෙන් දඩුවමක් වශයෙන් රදවා තැබීම නොකළ යුතුයි.

පොදු දේපල පනත යටතේ අදාල වැරදි සම්බන්ධයෙන් ඇප පනත අදාල නොවුනත්, ඇප පනතේ 14 වගන්තියේ සදහන් කරුණු අනුව, එනම් ඇප ප්‍රතික්ෂේප කිරීමට තුඩුදෙන කරුණු නැතිනම්, එය අසාමාන්‍ය කරුණක් ලෙස සැලකිය හැකිබව අභියාචනාධිකරණය රුවන් ගුණසේකරට එදිරිව රවි කරුණානායක නඩුවේ තීන්දු කළා. සාමාන්‍ය තත්ත්වය  එහෙමයි.

ඒවගේම තවත් විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා කවදාවත් විදෙස් සංචාරවලදී රජයෙන් 'per diem එක (දෛනික දීමනා) අරගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි, තමන් පදිංචිව සිටින කොළඹ 07, කුරුඳුවත්ත 5වන පටුමග නිවාස තමන්ගේ හා තම බිරිඳගේ මරණින් පසුව තමන් අධ්‍යාපනය ලැබූ රාජකීය විද්‍යාලයට පවරාදීමට දැනටමත් නිත්‍යානුකුලව කටයුතු කර පොදු දේපල වර්ධනයට දායක වී ඇති කෙනෙක්.

මේ සියල්ලට ම වඩා මේ අවස්ථාවේදී  හිටපු ජනාධිපතුමාගේ සෞඛ්‍ය වගේම හිටපු ජනපති හැටියට ආරක්ෂාවත් අවධානමට ලක්වෙලා තියෙනවා.

ඒ වගේම මෙතුමගෙ බිරිඳ රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා. මේ දෙන්නට ඉන්නේ මේ දෙන්නා විතරයි. මෙහෙම තත්ත්වයක් තුළ මේ මානසික පීඩනය නිසා මෙතුමගේ හදවත් රෝගී තත්වය උත්සන්න වෙන්න පුලුවන් .


WhatsApp Image 2025 08 26 at 10.18.23 AM

 



''හිටපු ජනාධිපතිතුමා මේ චෝදනාවලට වැරදිකරු වෙලා නෑ''


හිටපු ජනාධිපතිතුමා මේ චෝදනාවලට වැරදිකරු වෙලා නෑ. සැකකරුවෙක් පමණයි. එහෙම තත්වයක් තුල එතුමා වැරදිකරුවෙක් වගේ සැලකුවොත් ඒක වැරදි.

මෙතුමා මේ නඩුවට මුහුණ දෙනවා. මේකෙන් පලා යන්නේ නැහැ. මෙතුමා කිසිම දවසක මේ නඩු කටයුත්තට බාදාවක් වෙලත් නැහැ.

ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවත්, එතුමාගේ ආරක්ෂාව පිළිබදවූ අවදානම පිලිබදවත්, රට ලොකුම අභියෝගයට මුහුණ දුන්න අවස්ථාවේ කළ කැපවීමත්, එතුමාගේ බිරිදගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එතුමගේ සෞඛ්‍ය තත්ත්වයට ඇතිවන පීඩනය පිලිබදවත් යනාදී මේ කාරණා සියල්ල අද දිනයේදී ගරු අධිකරණය විසින් සැලකිල්ලට ගනී කියල මම විස්වාස කරනවා ..''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිටපු ජනාධිපති රනිල්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වෙලා - එජාප උප නායක කියයි | The Leader