ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීමට අද (26) එහි ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රට වෙනුවෙන් පෙළ ගැසෙන්න
'' ආණ්ඩුව: තර්ජන, ගර්ජන, මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක ක්‍රියාත්මක කරනවා. තර්ජන ගර්ජන මර්දනයට අපි බය නැහැ. ඕනෑම අභියෝගයකට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදය දඩයම් කරන්න දරන මේ කූට උත්සාහයන් පරාජය කිරීමට ජනතාව සමග එකට එකතු වී ශක්තිමත් නායකත්වය හා මගපෙන්වීම ලබා දෙන්න අපි සූදානම්. පුරවැසියන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, කතා කිරීමේ නිදහස, මතයක් දැරීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස තිබෙනවා.
මේ තර්ජනකාරී ක්‍රියාදාමයට සැලෙන්නේ නැතිව රට වෙනුවෙන් සුබ සිද්ධිය උදෙසා පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ සඳහා ලබා දිය හැකි උපරිම රැකවරණය, උපරිම ශක්තිය ලබා දෙනවා. මහජන අයිතිය මූලික අයිතිය සුරක්ෂා කරන්න විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙනවා.
මේක ජනතාවට අහිතකර සෘණාත්මක රාජ්‍ය පාලනයක්
එසේ ම ජනතාව මර්දනයට තර්ජනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා පෙළ ගැසෙනවා. ඒ සඳහා ලබා දිය යුතු නායකත්වය ලබා දෙනවා. නීතියට ගරු කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ආරක්ෂා කරමින් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. රජය උත්සාහ කරන තර්ජන ගර්ජන ක්‍රියාවලිය තුළ තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාවලියට ඉඩ දෙන්නෙ නැහැ. ආණ්ඩු යනව ද එනව ද කියලා තීන්දු කරන්නේ රටේ ජනතාව.
මේ යන ආකාරයට නම් රටේ රාජ්‍ය පාලනය ජනතාවට අහිතකර සෘණාත්මක රාජ්‍ය පාලනයක් වෙනවා. විරැකියාව වැඩි වෙලා; උද්ධමනය වැඩි වෙලා. මෙවැනි තත්ත්වයක් දෙස බලා ජනතාව විඳින දුක් ගැහැට මැද විපක්ෂයක් ලෙස වුවත් ආණ්ඩුව ගැන සතුටු විය නොහැකි යි."




