ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති ඒකාබද්ධ නීතිඥ වරුන්ගේ මාධ්‍ය හමුව අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජී. එල්. පීරිස්...
අත්අඩංගුවට ගැනීම සඳහා කිසිම සාධාරණ හේතුවක් නැහැ
''අපි කළේ වරදක් ය, ඒ නිසා දඩුවම් කරන්න වෙනවා කියලා අපිට චෝදනා කළා. ඒක වැරදියි. අපි අධිකරණයට අපහාස කළේ නෑ. අපි කතා කරන්නේ අධිකරණයේ ගෞරවය වෙනුවෙන්. විමර්ශනවලින් පසු සාක්ෂි තිබෙනවා නම් නඩු පැවැරීම කමක් නෑ. නමුත් මේක වෙනස් තත්ත්වයක්. අත්අඩංගුවට ගත්තේ පොලීසිය. ඒ කියන්නේ විධායකය. විමර්ශන කරන්නේ පොලීසිය.
නඩුවක් තිබෙනවා නම් B වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. පොලීසියට ක්‍රියාත්මක වෙන්න බලය තිබෙනවා. නමුත් හරි දේ කළේ නෑ. පොලීසියට ඕන උණේ අත්අඩංගුවට ගන්න පමණයි. අපි විවේචනය කළේ පොලීසිය. සාක්ෂිකරුවන් 38 ක් සාක්ෂි ලේඛනගත කරලා, ඒවා වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහට බෑ.
අත්අඩංගුවට ගැනීම සඳහා කිසිම සාධාරණ හේතුවක් නැහැ. මෙතන තිබෙන්නේ වෙනම චේතනාවක්. මේ හදන්නේ බිය ගන්වන්න. ඒ හරහා සමාජයට පණිවුඩයක් යවන්න හැදුවේ. ආණ්ඩුව විවේචනය කලොත් වෙන දේ මේකයි කියලා පෙන්වන්නයි හැදුවේ. අපෙ විවේචනය අත්අඩංගුවට ගැනීමයි."
(සටහන - නිරෝශන්)




