The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් අස්ගිරි මහානාහිමි බැහැදකී

T

The Leader Desk

August 26, 2025 • 6:49 AM

රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් අස්ගිරි මහානාහිමි බැහැදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්ත්වය සහ රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව එජාප නියෝජිත පිරිස මහනාහිමිවරුන් දැනුවත් කළේය.
  • ඇතැම් පාර්ශව සිදුකරන බොරු ප්‍රකාශ මිස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන්වීම සඳහා කිසිම අදහසක් තවම සාකච්ඡා වී නැති බවත් ඇය කීවාය.
  • ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට පෞරුෂයක් තියන අවබෝධයක් දැනුමක් බුද්ධිමත් බවක් තියන පරිණත දේශපාලකයෙක්.” එමෙන් තලතා අතුකොරල පැවසුවේ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමෙන් පසු විපක්ෂය බය වී නැති බවත් හිටපු ජනාධිපතිවරයාට ගරු කරන දේශපාලන නායකයින් සෑම දේශපාලන කඳවුරක් තුළම සිටින බවත්ය.
  • හැමදාම විපක්ෂ නායක තුමා ඇතුළු සමගි ජන බලවේගය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්ත්වය සහ රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව එජාප නියෝජිත පිරිස මහනාහිමිවරුන් දැනුවත් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එහිදී මහ නා හිමිවරුන් විමසිලිමත් වී ඇති අතර රනිල් වික්‍රමසිංහට උන්වහන්සේලා ආශිර්වාද කළහ.

පක්ෂ මහා ලේකම් නීතිඥ තලතා අතොකෝරල ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.



''ආණ්ඩුවට රනිල් ෆෝබියාව'' - තලතා නුවර දී කියයි

අද (26) උදැසන මහානායක හිමිවරුන් හමුවී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට පත් වූ තත්ත්වය සම්බන්ධව සංදේශයක් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, නීතිඥ තලතා අතුකෝළ පැවසුයේ, මේ වනවිට රනිල් වික්‍රමසිංහ මුල් කරගෙන ආණ්ඩු පක්ෂයට රනිල් ෆෝබියා නැමැති රෝගය වැළඳී ඇතිබවයි.

ඇතැම් පාර්ශව සිදුකරන බොරු ප්‍රකාශ මිස රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන්වීම සඳහා කිසිම අදහසක් තවම සාකච්ඡා වී නැති බවත් ඇය කීවාය.

“මේ දවස්වල තියනවා රනිල් ෆෝබියා කියලා එකක්. රනිල් වික්‍රමසිංහ පිළිබඳ දැඩි බයකින් පෙළෙනවා මේ ආණ්ඩුව. එතුමා තමයි මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා ජීවතුන් අතර ඉන්න. එතුමාගේ අත්දැකීම් එක්ක අවුරුදු දෙකක් තුළ මේ වැටිච්ච රට අමාරු වෙලාවක බාරගෙන රට ගොඩදැම්මා. එතුමාට හැම තැනකින්ම පිලිගැනීම සහයෝගය ලැබුණා. ජාත්‍යාන්තරව විශාල පිළිගැනීමක් තිබුණා. ඒ නිසා සමහර විට බයත් ඇති. ඒ නිසා තමයි ඔය තකාව පතුරුවන්නේ.  ඕවා අපි ගණන් ගන්නේ නෑ. “

“රනිල් වික්‍රමසිංහ කියන්නේ සැලෙන චරිතයක් නෙමෙයි. ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට පෞරුෂයක් තියන අවබෝධයක් දැනුමක් බුද්ධිමත් බවක් තියන පරිණත දේශපාලකයෙක්.”

එමෙන් තලතා අතුකොරල පැවසුවේ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමෙන් පසු විපක්ෂය බය වී නැති බවත් හිටපු ජනාධිපතිවරයාට ගරු කරන දේශපාලන නායකයින් සෑම දේශපාලන කඳවුරක් තුළම සිටින බවත්ය.

“විපක්ෂය අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. හැමදාම විපක්ෂ නායක තුමා ඇතුළු සමගි ජන බලවේගය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයෙ. විපක්ෂයේ නායක තුමා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගේ නියෝජ්‍ය නායක තුමා. එතකොට අනිත් කඳවුර මහින්ද රාජපක්ෂලා ගැන වෙන්න පුලුවන්. වෙනත් අය ගැන වෙන්න පුලුවන්. ඒ අයත් එක්ක එතුමා ආණ්ඩු කළා. ඒ අය තමයි එතුමා ජනාධිපති හැටියට පත් කළේ.”

“අනික් පැත්තෙන් බැලුවම මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති ලෙස පත් කරලා යහපාලන රජයක් ලෙස එකඟතාවයකින් වැඩ කළා. මේ හැම එක්කෙනාම එතුමා එක්ක දේශපාලනය කරපු එතුමා ගැන යම් කිසි හැඟීමක් හිත තුළ තිබෙන එතුමාට ගරු කරන චරිත. එක එක්කෙනාගේ වෙනස්කම් වෙන වෙන දේශපාලන ක්‍රියාමාර්ග තියෙන්න පුලුවන්. ඒක තමයි සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ.  සියලුදෙනාම බලාපොරොත්තුව  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම.” ඇය කීවාය.



සබැඳි පුවත් :

අධිකරණය කෙරෙහි පුර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන්න - එජාප නියෝජ්‍ය නායක

හිටපු ජනාධිපති රනිල්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වෙලා - එජාප උප නායක කියයි  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් අස්ගිරි මහානාහිමි බැහැදකී | The Leader