The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රනිල් ට එරෙහි නඩුකරය ඇරඹෙයි : නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට විරුද්ධ වේ

T

The Leader Desk

August 26, 2025 • 9:46 AM

රනිල් ට එරෙහි නඩුකරය ඇරඹෙයි : නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබාදීමට විරුද්ධ වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ ය.
  • සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වී සිටිති.
  • ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.
  • ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් "මර්දනයට එරෙහිව" නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඉදිරියේ ය.

සැකකාර රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කර නැති අතර සූම් ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණයක් තිබේ.

අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙනී සිටියි.

සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් වී සිටිති.

රනිල් වික්‍රමසිංහ ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ. ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේය


කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. ඒ විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් "මර්දනයට එරෙහිව" නමින් ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙනි.

එම තත්ත්වය තුළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි.

කිව් පාර කෝවිල අසලින් සහ, ආරක්ෂක විද්‍යාලය අසලින් වසා දමා ඇති බවත්, ඊට අමතරව, බැරැක්ක පටුමග ද වසා දමා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

අධිකරණ භූමියට ඔබ්බෙන් මහා පිරිසක් රැස්වී උද්ඝෝෂණය කරමින් සිටිති.

" අනුර එපා කිව්වට අපි ආවා කොළඹට"ආදී සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණය කරති.




විපක්ෂ නායක අධිකරණ භූමියට

image e41228f268

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණියේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ද විපක්ෂ නායකවරයා සමඟ අධිකරණ භූමියට පැමිණියහ.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද රනිල් වික්‍රමසිංහ ගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණි සිටියි.

අධිකරණ සංකීර්ණයෙන් පිටත දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ කීවේ, ආණ්ඩුව දිගටම රාජපක්ෂවරුන්ගෙන් පළිගනිමින් සිටි අතර දැන් රනින්ගෙන් පළිගැනීම අලුත් තත්වයක් වී ඇති බවයි. ආණ්ඩුවේ පළිගැනීමේ සංස්කෘතිය වහාම නතර කළ යුතුව තිබෙන බවද නාමල් රාජපක්ෂ කීය.

 
protest 26protest 26 1
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...