The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

'රනිල් අත් අඩංගුවට ගත් ක්‍රියාවලියේ දී මතුව ඇති සැක සංකා බැහැර කළ නොහැකි යි' - සාධාරණ සමාජයක්

T

The Leader Desk

August 26, 2025 • 10:05 AM

 'රනිල් අත් අඩංගුවට ගත් ක්‍රියාවලියේ දී මතුව ඇති සැක සංකා බැහැර කළ නොහැකි යි' - සාධාරණ සමාජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ව්‍යාපාරය මෙලෙස සඳහන් කරන්නේ එහි මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන ආකාරයට රටේ රාජ්‍ය නායකයාට පවා දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු බව පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස ඔවුන් එය රටේ යහපත සඳහා තහවුරු කළ යුතුව ඇති දේශපාලන සංස්කෘතියක් බව අවධාරණය කර ඇත.
  • තව ද, රාජ්‍ය නායකයා ද ඇතුළු සියලු පුරවැසියන් හට නීතිය සමාන ලෙස ක්‍රීයාත්මක වීම, නීතිය හා සාමය පිළිබඳ විශ්වාසය ගොඩ නැගීමට අත්‍යව්‍යශ්‍ය බවත්, ඒ පිළිබඳ විවාදයක් නොමැති බවත් එම ව්‍යාපාරය අවධාරණය කරයි.
  • එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන සමාජය තුළ ගොඩනැගෙන සැක සංකා සැලකිල්ලට ගත යුත්තේ යහපත් රාජ්‍යකරණයක් සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ව්‍යාපාරය මෙලෙස සඳහන් කරන්නේ එහි මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන ආකාරයට රටේ රාජ්‍ය නායකයාට පවා දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු බව පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස ඔවුන් එය රටේ යහපත සඳහා තහවුරු කළ යුතුව ඇති දේශපාලන සංස්කෘතියක් බව  අවධාරණය කර ඇත.

එමෙන් ම රටේ පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සැලකෙන අවස්ථාවක ධුරය දරමින් සිටින අතරතුර පවා ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය වග උත්තරකරුවකු කරමින් නඩු පැවරීමට හැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය ගෙන ඒමට කැපවී කටයුතු කළ සමාජ ව්‍යාපාරයක කොටස්කරුවෙකු ලෙස ද නීතියේ ආධිපත්‍යය හා සමානාත්මතාවය වෙනුවෙන් එම ව්‍යාපාරය තුළ පවත්නා උනන්දුව හා පෙනී සිටීම යළි යළිත් තහවුරු කරන බව ද සදහන් කර ඇත.

තව ද, රාජ්‍ය නායකයා ද ඇතුළු සියලු පුරවැසියන් හට නීතිය සමාන ලෙස ක්‍රීයාත්මක වීම, නීතිය හා සාමය පිළිබඳ විශ්වාසය ගොඩ නැගීමට අත්‍යව්‍යශ්‍ය බවත්, ඒ පිළිබඳ විවාදයක් නොමැති බවත් එම ව්‍යාපාරය අවධාරණය කරයි.

එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන සමාජය තුළ ගොඩනැගෙන සැක සංකා සැලකිල්ලට ගත යුත්තේ යහපත් රාජ්‍යකරණයක් සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වන බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

මතු පළවන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

addvertisment 8.26

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...