The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

මෙටා සමාගමෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ වැඩමුළුවක්

T

The Leader Desk

August 26, 2025 • 5:39 PM

මෙටා සමාගමෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතය පිළිබඳ වැඩමුළුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජිතයින් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක් ඊයේ (25) ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) පැවැත්විණි.
  • ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක, ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ ඉසුරු අනුරාධ යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජිතයින් වෙනුවෙන් පවත්වන ලද විශේෂ වැඩමුළුවක් ඊයේ (25) ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) පැවැත්විණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරු, ජාතික රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ මාධ්‍ය ආයතනයන්හි ඩිජිටල් මාධ්‍ය කටයුතුවල නිරතව සිටින නිලධාරීහු එක්ව සිටියහ.

මෙටා සමාගමේ ආසියා-පැසිෆික් කලාපයේ රජයේ සහ සමාජ බලපෑම් අධ්‍යක්ෂිකා කයා වඩෙල් (Kaiya Waddell), හවුල්කාර කළමනාකරු නේහා මාතූර් (Neha Mathur), දකුණු ආසියාවේ ආරක්ෂක ප්‍රතිපත්ති කළමනාකරු ආචාර්ය ප්‍රියංකා භල්ලා (Dr Priyanka Bhalla), මධ්‍යම ආසියාව, මොන්ගෝලියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී සෙනුර අබේවර්ධන යන අය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදහ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක, ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂ ඉසුරු අනුරාධ යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 uyejg

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...