නියමිත බව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැරදවීමට පුළුල් විරෝධතා ව්‍යාපායක් වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුද කරන බවය.
වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශ්ව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිත බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
රනිල්ට සහාය දුන් සැමට එජාපය ස්තුති කරයි
මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන නායකයන් ඇතුළු සැමට ස්තුතිය පළ කර සිටියි.
රුවන් විජයවර්ධන මේ බව සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ ගේ නඩු විභාග වන අවස්ථාවට සහභාගී වීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න පැමිණි සැමට ස්තුති වන්ත වෙනවා. සමගි ජන බලවේගය විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායමටත් අනෙක් පක්ෂ වල නායක වරුන්ටත් අප ස්තූතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔවුන්ගේ සහයෝගය ලැබුණා.
අපේ ප්‍රතිවාදීන් ලෙස සිටි පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමත් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති තුමන්ලාටත් ස්තුතිය පුද කරනවා'' යනුවෙන් රුවන් විජයවර්ධන එහිදී කීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය අමතමින්, මෙම කාලය පුරාවටම කැප වී වැඩ කරපු සියලු දෙනාට තම පක්ෂය වෙනුවෙන් ස්තූතිය පුද කරන බව සඳහන් කළේය.
නීතිඥවරු 500කට වැඩි ප්‍රමාණයක් හා විශාල ජනකායක් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා පැමිණීම සම්බන්ධයෙන්ද තමා සිය කෘතඥතාවය පළ කරන බව ද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





