The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

රාජිතගේ දේපොළ තහනමට ඉල්ලු නියෝගය විසි වෙයි

T

The Leader Desk

August 26, 2025 • 6:03 PM

 රාජිතගේ දේපොළ තහනමට ඉල්ලු නියෝගය විසි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදු කළ යුතු බවට පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සැකකරුගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අද (25)ප්‍රතික්ෂේප කළේය.
  • සැකකාර සේනාරත්න ගේ කොළඹ කඩුවෙල පිහිටි රුපියල් කෝටි තුනක් වටිනා දේපළක් තහනම් කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ මෝෂම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.
  • කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට ලබන 29 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පසුගිය 20 වෙනි දින ප්‍රකාශනයක් නිකුත් කළා.
  • අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 60 (1)වගන්තියේ ප්‍රකාරව සැකකරුගේ දේපළ තහනමට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා‍.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදු කළ යුතු බවට පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සැකකරුගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි   අල්ලස්  කොමිසම කළ ඉල්ලීම අද (25)ප්‍රතික්ෂේප කළේය.

අධිකරණයට ගෙන්වාගත නොහැකිව සැඟව සිටින වරෙන්තු කරුවෙකුට අධිකරණයට එන්නැයි බලකරමින් ප්‍රකාශන නියෝගයක් නිකුත් කර දින තිහක කාලයකට පසුව ඔහුගේ දේපළ තහනම් කිරීම අධිකරණ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථා ප්‍රතිපාදනය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, දින 30ක් පසුවීමෙන් පසුව දේපළ තහනම් කිරීමේ නියෝගයක් ලබා ගැනීමට ඊයේ දින නිකුත් කරන නියෝගය කිසිදු බලපෑමක් නොවන බවද සඳහන් කළේය.

සැකකාර සේනාරත්න ගේ කොළඹ කඩුවෙල පිහිටි රුපියල් කෝටි තුනක් වටිනා දේපළක් තහනම් කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ මෝෂම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා  එසේ පැවසීය.

අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ  නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෝෂමට කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.


කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුට ලබන 29 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පසුගිය 20 වෙනි දින ප්‍රකාශනයක් නිකුත් කළා.


අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 60 (1)වගන්තියේ ප්‍රකාරව සැකකරුගේ දේපළ තහනමට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා‍.

අදාල දේපළ තහනමට ගන්නැයි දන්වා කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට හා  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසද නීතිඥවරිය ඉල්ලා සිටියාය.

2012 මැයි මස 10 දින  SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර , එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාමට අනීතිකව අවසර ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 262ක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිකුත් කළ ප්‍රකාශන නියෝගය අනුව ඔහු ලබන 29 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත්, අධිකරණ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අධිකරණයට ගෙන්වා ගත නොහැකි සැකකරුවකු ගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව දින තිහක කාලයක් තුළ ඔවුන් නොපැමිණියහොත් සිදු කළ යුතු බවට සඳහන් වන හෙයින් අදාල ඉල්ලීම මේ මොහොතේ ප්‍රතික්ෂේප කරන බවට නියෝග කළේය.

ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය අනුව නියමිත දින වකවානුවලදී අදාළ නියෝගය ලබා ගැනීමට ඊයේ නිකුත් කරන නියෝගය බාධාවක් නොවන බවද ප්‍රකාශ කළේය.

(lankadeepa | රෝෂන් තුෂාර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...