The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●
Top Ad
පුවත්

ස්වාධීන, අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වුණා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 26, 2025 • 6:11 PM

ස්වාධීන, අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වුණා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආධිපත්‍යය අභියෝගයට ලක් කරන්නට විවිධ පාර්ශ්ව කටයුතු කළ ද ස්වාධීන අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන්, එතුමාගේ නිදහස වෙනුවෙන් එකතු වූ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට මගේ ස්තූතිය පුද කරනවා.
  • අද ප්‍රජාතන්ත්‍රවාදය මෙන් ම මානව හා මූලික අයිතිය ජය ගත්තා තර්ජනයට බිය නොවී, බලපෑම්වලට ආපස්සට නොයන ලෙස ඉල්ලා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ආධිපත්‍යය අභියෝගයට ලක් කරන්නට විවිධ පාර්ශ්ව කටයුතු කළ ද ස්වාධීන අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ස්වාධීන අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වුණා

''අද දවස ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ සහ ව්‍යවස්ථා ඉතිහාසයේ ඓතිහාසික දවසක්. රටේ ස්වාධීන අධිකරණය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලි, නීතියේ ආධිපත්‍යය අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුක්තව සර්ව සාධාරණව ක්‍රියාත්මක වුණා. මේ අවස්ථාවේ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න පෙර තීන්දු ගැන විවිධ අනාවැකි පළ කර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නීතියෙ ආධිපත්‍යය අභියෝගයට ලක් කරන්න විවිධ පාර්ශ්ව කටයුතු කළත් ස්වාධීන අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වුණා.

මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන්, එතුමාගේ නිදහස වෙනුවෙන් එකතු වූ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට මගේ ස්තූතිය පුද කරනවා.

අද ප්‍රජාතන්ත්‍රවාදය මෙන් ම මානව හා මූලික අයිතිය ජය ගත්තා

තර්ජනයට බිය නොවී, බලපෑම්වලට ආපස්සට නොයන ලෙස ඉල්ලා සිටිනවා. උත්තරීතර නීතිය තුළින් මේවා යටපත් වෙනවා. තමන් සිතන පතන ආකාරයට නිදහස්ව නිවහල්ව නීතිය තුළ: ප්‍රතිපත්ති, දේශපාලන පක්ෂ, ආගම්, සංස්කෘතින් ක්‍රියාත්මක කළ හැකියි. කාටවත් මේවා උදුරා ගන්න බැහැ. 

 
එසේම අද ප්‍රජාතන්ත්‍රවාදය ජය ගත්තා; මානව හා මූලික අයිතිය ජය ගත්තා. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පුද කරනවා. ආණ්ඩුව සිටින්නේ මිනිස් ජීවිත රැක ගන්න යි. එම නිසා මේ මිනිමරු සංස්කෘතිය ද මුලින් උපුටු දමන්න කටයුතු කළ යුතු යි. එය රජය සතු වගකීම යි."
 
zdgdfgfgh
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...