හිමියෝ තේරීපත්වුහ.
වරකාගොඩ ශ්‍රී ඤාණරතන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනූනායක වෙඬරුවේ උපාලි හිමිපණන් වහන්සේ ප්‍රමුඛද අස්ගිරි කාරක සංඝ සභාවේ සභික හිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඓතිහාසික අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේදී, නව අනුනායක හිමි පාණන්වහනසේ තෝරා පත් කරගැනීම සිදු කෙරිණි.
අනූනායක ධූරය සඳහා ඉදිරිපත්වූ මහියංගන රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද යන හිමිපාණන් වහන්සේලා ද වැඩම කර සිටියහ.
අස්ගිරි මහා නායක හිමි පාණන් වහන්සේගේ ප්‍රධානත්යෙන් අභිනව අස්ගිරි අනූනායක හිමියන් තෝරා පත් කර ගැනීම අද පස්වරු 3 00 ට පමණ ආරම්භ විය.
අනූනායක භික්ෂූන් වහන්සේ දෙදෙනකු ඉදිරිපත්ව සිටින බැවින් අනුනායක පදවියට භික්ෂූන්වහන්සේ නමක් තෝරාපත් කරගැනීම සඳහා ඡන්දයක් විමසීමට සූදානම් වූ අවස්ථාවේ ඡන්දය විමසීමට එකඟ නොවූ උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ ඉවත් වන බව සංඝ සභාවට දැනුම් දී සංඝ සභාරැස්වීමෙන් ඉවත්ව යාම නිසා අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි පාණන් වහන්සේ ඒක ඡන්දයෙන් අස්ගිරි අනුනායක හිමි ධූරයට තේරී පත්වූහ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියෝ අපවත්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණි.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුර දෙකක් පවතින අතර ඉන් අනෙක් අනුනායක ධුරයේ වැඩ සිටින්නේ, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමියන්ය.




