නුසුදුසු ක්‍රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (28) අනුලා සෑ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ...
අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරලා
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (28) අනුලා සෑ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ...
අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරලා
''අනුලා සෑය ප්‍රතිසංස්කරණය කරල ලෝක බෞද්ධයා ම එකතු කරන මධ්‍යස්ථානයක් කළ යුතුයි. ඒක පුද්ගලයකුට පැවරීමෙන් එම අරමුණ ඉටුවන්නේ නෑ. ලෝකයේ භික්ෂුණී සමාජයේ බලගතුම මධ්‍යස්ථානය මෙතන කරන්න පුළුවන්. ඒකට පළමුව මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැන් ඒක විහාරාධිපති කෙනෙක් පත් කරල අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය කරල තියෙනවා.''
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මහා ලේඛකාධිකාරී මාඉටිපේ විමලසාර නාහිමියන් පැවසූයේ මෙවැනි ස්ථාන පිළිබඳ බෞද්ධ ලෝකයේ අවධානය යොමු වී ඇති බවත් බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුග්‍රහය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අනුලා සෑය ගොඩනැගිය යුතු බවත් ය.
එසේ ම මෙය කඩාකප්පල් නොකිරීමට කිසිවකු මැදිහත් නොවිය යුතු බවත් ඉතාම විධිමත්ව නීත්‍යනුකූලව මෙහි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගානන්ද විශ්වවිද්‍යාලය එක්ව සිදු කර ඇති බවත් අභූත කරුණු මත පදනම්ව චෝදනා නො නැගිය යුතු බවත් අවධාරණය කළහ.
එම අවස්ථාවේ දී අදහස් පළ කළ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල...
මිහින්තලේ නාහිමියන් අභූත චෝදනා නගනවා
''මිහින්තලේ නාහිමියන් සිදුකරන චෝදනාවල කිසිදු පදනමක් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් කිසිවකු පැවරිය නොහැකි යි. එසේම පුරාවස්තුවක් කිසිලෙසකින්වත් අන්සතු හෝ විකිණිය නොහැකි යි. ඒ ගැනනොදන්නා උන්වහන්සේ අභූත චෝදනා නගනවා. අවශ්‍ය කෙනෙකුට 2022 වර්ෂයේ අනුලා සෑයෙන් සොයාගත් පුරාවස්තු අනුරාධපුර පුරාවස්තු සංරක්ෂිතව ඇති ස්ථානයෙන් දැකබලාගන්න පුළුවන්. ඒ පුරාවස්තුවල අයිතිය තියෙන්නේ රජයට. ඒ විතරක් නෙවෙයි අනුලා සෑය පුරාවිද්‍යා භූමියේ අයිති තිබෙන්නෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. එහෙම තැනකට කොහොමද විහාරාධිපති කෙනෙක් පත් කරන්නේ?
අනික භික්ෂූණින්ලට අයිති තැනක භික්ෂුවක් පත්කිරීම ගැටලු සහගතයි. කණිෂ්ඨතිස්ස රජු මෙහෙම විහාරයක් කරවන්නේ ම භික්ෂූන්ගෙන් වෙන්ව භික්ෂූණින් සිටිය යුතු නිසා. එහෙම තැනක භික්ෂුවක් පත්කිරීම ගැටලුකාරී වෙලා තියෙනවා.''




