අතර වර්තමානයේ එය සංස්කෘතියක් වී ඇතැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරය මෙම අදහස් පළ කළේ 'දූෂණ විරෝධී නීතිය හා සුපිළිපන්බව' යන මැයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන, අල්ලසින් හා දූෂණයෙන් තොරවූ පළාත් පාලන ආයතන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් අද (28) බත්තරමුල්ල බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩමුළුව අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...
දූෂණය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 3.5 ක් අහිමි වෙනවා
“ඔබ නියෝජනය කරන්නේ පරිපාලන අංශය හා ජනතාව හමුවන මූලිකම ස්ථානයයි. අප ගන්නා සෑම තීරණයක්ම ක්‍රියාමාර්ගයක්ම සලසන සෑම සේවයක්ම ජනතාවට ලැබෙන්නේ ඔබ හරහා. එහි දී විවිධ අංශවල සංවර්ධනයන් ඇතිකිරීම මෙන්ම පුරවැසියන්ගේ විශ්වාසය ඇතිකිරීමත් කළ යුතු වෙනවා. නමුත් එහිදී දූෂණය වාංචාව ඇතුළු තවත් අවදානම් ගණනාවක් පැනනැගිය හැකි බව ඔබ තේරුම් ගත යුතුයි. මේ නිසා අප විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි; වගවීම සහතික කළ යුතුයි.
දූෂණය යනු ගෝලීය මට්ටමින් පවතින අභියෝගයක්. ලෝක ආර්ථික සංසදයේ වාර්තා අනුව, දූෂණය නිසා ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව සිදුවන අහිමි වීම ඩොලර් ට්‍රිලියන 3.5 කට ආසන්නයි. නමුත් අන්ත හා නිරපේක්ෂ දරිද්‍රතාව අවසන් කිරීමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 70-325 අතර ප්‍රමාණයක්. මෙයින් ආර්ථිකයකට දූෂණය ඇති කරන බලපෑම කෙතරම් ද යන්න පැහැදිලියි.
මේ ආකාරයට ආර්ථිකයකට අහිමිවන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා යටිතල පහසුකම් වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා පවතින මුදල්. මහජන මුදල් නාස්තිය පමණක් නොවේ. මහජන විශ්වාසය පළුදු වීම මෙන්ම සිදුවන දේශපාලනික, සමාජමය හානිය අති විශාලයි. අපි දූෂණය ගැන කථා කරද්දී මහා පරිමාණ දූෂණයන් හා සුළු පරිමාණ හැටියට වර්ගීකරණය කරනවා. ඒකේ ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒක සංස්කෘතියක් වෙලා. එය වෙනස් කිරීම තමයි වැදගත් වෙන්නෙ.
දූෂණය නිසා ප්‍රජාවට සිදුවන බලපෑම නතර කිරීම තමයි වැදගත් වෙන්නෙ. දූෂිත සංස්කෘතිය තුළ කාර්යයන් ඉටු කර ගැනිම සඳහා සම්බන්ධතා හෝ මුදල් අවශ්‍ය වෙනවා. නමුත් බහුතරය මෙවන් සම්බන්ධතා නොමැති පිරිසයි. එහෙම අය මේ රටේ වැඩක් කරගන්නේ කොහොමද? මේ යථාර්ථය, දූෂිත සංස්කෘතිය අප තේරුම් ගත යුතුයි. මෙය වෙනස් කළ යුත්තේ ඔබම යි. මෙතැන සිටින බහුතරයක් ඔබ මේ දූෂිත සංස්කෘතිය වෙනස් කිරීමට උරදුන් පිරිස සහ දූෂණ විරෝධී බව නියෝජනය කරන පිරිසක්. එය යථාර්ථයක් කරන්න තමයි දැන් අපට අවස්ථාව ලැබිලා තියෙන්නේ.
අප පුරවැසියන්ට වගකිව යුතුයි. සාධාරණබව ඔවුන්ට දැනිය යුතුයි. මහජන සම්පත් ඵලදායීව හා විනිවිදභාවයෙන් භාවිතා කරන බව සහතික කිරීමට කැපවී සිටින බව වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කිරීම අතිශය වැදගත්.
දූෂණ විරෝධය රටේ ම සංස්කෘතිය බවට පත්කර ගන්න
නමුත් වෙනස් කිරීම කියන්නේ නිලධාරීන් සමග අරගල ඇති කර ගැනීම නොවේ. නිලධාරීන් මාරු කිරීම නොවේ. අප මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ වෙනස තාක්ෂණික වෙනසක් නොවේ. සංස්කෘතිකමය වෙනසක්. ආධ්‍යාත්මික තත්වයක්. මෙය ඇති කිරීමටයි ඔබ සියලු දෙනා මේ ස්ථානවලට තනතුරුවලට පත්වී තිබෙන්නේ. එම පරිසරය ගොඩනැංවීම, ආදර්ශය ලබා දීම, මග පෙන්වීම ඔබෙන් සිදු වෙන බව මම දන්නවා. ඔබ ඒ වෙනුවෙන් පෙනී සිටි අය.
නමුත් මේ දූෂණ විරෝධි සංස්කෘතිය අප කණ්ඩායමක් අතර පමණක් තබාගෙන අප කණ්ඩායමක් ලෙස වෙනස්ව සීටීම ප්‍රමාණවත් නෑ. එය සමස්ත රටේම සංස්කෘතිය බවට පත්කරගැනීමයි අපට ඇති අභියෝගය. මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම පොදු සමාජය ද ආමන්ත්‍රණය කරන ඉතා පුළුල් ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. නීතිය ශක්තිමත් කිරීම මෙන්ම විනිවිදභාවය, රාජ්‍ය වියදම් පාලනය ඇතුළු සියල්ලට එහා ගිය ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අප අපගේ හෘද සාක්ෂිය අවදි කරගත යුතුයි. මෙය සටනක් නොවේ. නමුත් මෙම පරිවර්තනීය වෙනස සඳහා ශක්තිමත්ව, එඩිතරව ඔබේ වගකීම ඉෂ්ට කරන්න එයට අවශ්‍ය නායකත්වය ලබා දෙන්න''
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්. එම්. එච්. අබේරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ්, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක සහ නවක පළාත් පාලන සභිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.
''සමහරු එනවා අපිට රහස් කියලා යන්න, අනේ අරයව අල්ලන්න එපාලු'' !
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක මෙසේ පැවසිය.




