The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවලෙන් ඊයෙත් මිනිස් ඇටසැකිලි අටක් මතුවේ

T

The Leader Desk

August 29, 2025 • 3:49 AM

චෙම්මනි සමූහ මිනීවලෙන් ඊයෙත් මිනිස් ඇටසැකිලි අටක් මතුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 36 වැනි දිනය වු අගෝස්තු 28 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමය වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් අට දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගත් බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසයි.
  • චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 164 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.
  • දින දහ අටක විවේකයෙන් පසු සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබුනේ අගෝස්තු 25 වැනිදායි.
අකුරු ප්‍රමාණය (Font Size):


දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 36 වැනි දිනය වු අගෝස්තු 28 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමය වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් තවත් පුද්ගලයන් අට දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගත් බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසයි.

 

01 14

චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 164 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.

දෙවැනි අදියරේ කැනීම් කටයුතු දින 32 ක් පුරා සිදු කිරීමෙන් පසු  කැනීම් කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා දීම සදහා අගෝස්තු 06 වැනිදා සිට විමර්ශන කටයුතු තාවකාලිකව නතර කරන විට සමූහ සුසානයේ කරන ලද කැනීම්වලින්  කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 150 දෙනෙකුට අයත්  ඇටසැකිලි ගොඩ ගෙන අධිකරණයට බාර දී තිබු තිබුනි.

 

02 11

දින දහ අටක විවේකයෙන් පසු සමූහ සුසාන සංකිර්ණයේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබුනේ අගෝස්තු 25 වැනිදායි.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ හා අධිකරණ වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් ප්‍රමුඛ විමර්ශකයන් විසින් කැනීම් කටයුතු මෙහෙයවනු ලබයි.

 

04 7

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...