The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපි - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 29, 2025 • 3:40 PM

ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපි - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.
  • මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ඒකාබද්ධ ගමනකට එක්වන්න

''මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරීම යි. ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා. අපි ඉන් බැහැර වන්නේ නැහැ. දූෂණයට, වංචාවට සහ හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යි.

රජය සහ රජය සම්බන්ධ පාර්ශ්වවලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි යි.

සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ යි. මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා. භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස සංස්කෘතික නිදහස තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යන්නට එක්වන්න.

පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි යි.

නිදහස් මාධ්‍ය අයිතිය සුරකිමු

එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු යි. ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු යි. මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරවා.''

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...