එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.
කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට එවා ඇති බව සඳහන් වේ.
'පද්මෙ' ගේන්න විශේෂ පොලිස් කණ්ඩායමක් අද ඉන්දුනීසියාවට
මේ අතර අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද(30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව හෙට (31) පස්වරුවේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
කෙහෙල්බද්දර පද්මේ ප්‍රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලි තුනක නායකයින් ඇතුළු 06 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය පෙරේදා(28) සමත් විය.
ඒ , ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය සිදුකළ ඒකාබද්ධ ජාත්‍යන්තර මෙහෙයුමකිනි.
කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ පානදුරේ නිලංග නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ද ඒ අතරට ඇතුළත් වේ.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එල්ල වී ඇති චෝදනා මොනවා ද?
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන්ට එල්ලවී ඇති චෝදනා මොනවා ද? යන්න සම්බන්ධයෙන් 28 දා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේ, මනුෂ්‍ය ඝාතන ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන බව ය.
''එක පුද්ගලයෙක් ගත්තොත් වෙන වෙන ම චෝදනා තියෙනවා. පුද්ගල ඝාතන සම්බන්ධයෙන්, තර්ජනය සහ බිය ගැන්වීම් වගේ ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා තියෙනවා.''
පසුගිය පෙබරවාරි 19 වන දා අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානත්මක අපරාධකරුට ය.
මීට අමතරව පසුගිය පෙබරවාරි මස 18 වන දා මිද්දෙණිය ප්‍රදේශයේදී කජ්ජා හෙවත් අරුණ විදානගමගේට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස චෝදනා එල්ල වී ඇත්තේ බැකෝ සමන් නැමැත්තාට ය.
නීති විරෝධීව උපයාගත් වත්කම්...
මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිළදී ගෙන ඇති චංචල හා නිෂ්චල දේපල රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු අනාවරණය වී ඇති අතර පොලීසිය පැවසුවේ, කමාන්ඩෝ සලින්ත නැමැත්තාගේ දේපල කිහිපයක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බවයි.
විශේෂ අධිකරණයක් පිහිටුවීමමේ සූදානමක්
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
අගෝස්තු 28 පැවති මාධ්‍ය හමුවේදී විශේෂ අධිකරණයක් පිහිටුවීමට පවතින සූදානම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"අපි දැන් සැලසුම් කරලා තියෙනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිවත් විශේෂ අධිකරණයක් පිහිටුවා නඩු විභාග කඩිනම් කරන්න. විශේෂයෙන් ඔවුන්ට දඬුවම් දෙන්න. ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස නීතිය ඉදිරියේ තමා මේ ක්‍රියාන්විතය සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී සැලසුම් කරලා තියෙනවා විශේෂ මහාධිකරණ කිහිපයක් ස්ථාපනය කරන්න. අපි උත්සහ කරනවා සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව තිබෙන නඩු කඩිනම් කරන්නත් කාර්යක්ෂම කරන්නත්. සමස්ත ක්‍රියාවලිය හරහා ඔවුන්ට කඩිනමින් දඬුවම් ලබාදෙන්න," අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.
සබැඳි පුවත් :
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6 දෙනාට ඇති චෝදනා මොනවා ද? අත්අඩංගුවට ගත කාන්තාව කව්ද ? මාධ්‍ය හමුවට අදාල වීඩියෝ
'බැකෝ සමන්ගේ' බිරිඳ වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට
T
The Leader Desk
August 30, 2025 • 4:50 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇත.
- ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
- කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් විසින් පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අතර එහිදී මෙම කාන්තාව සහ කුඩා දරුවාද අත්අඩංගුවට පත් විය.
- කෙසේ වෙතත් එම කාන්තාවට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් විසින් කාන්තාව මෙරටට එවා ඇති බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



