The Leader News
BREAKING
හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●
Top Ad
පුවත්

'ග්ලෝබල් ෆිනෑන්ස්' සඟරාව ආචාර්ය නන්දලාල් වීරසිංහ, 2025 "A" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස නම් කරයි

T

The Leader Desk

August 28, 2025 • 3:49 PM

'ග්ලෝබල් ෆිනෑන්ස්' සඟරාව ආචාර්ය නන්දලාල් වීරසිංහ, 2025 "A" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස නම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවතම වාර්තාවකට (වසර 2025) අනුව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ "A" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස නම්කර ඇත.
  • ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් "A+", "A" හෝ "A-" කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇගයීම ලක් කර ඇති ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු "A" ශ්‍රේණියට නම් කොට තිබේ.
  • වර්ගීකරණයේ "A+" ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස ඩෙන්මාර්කය,එක්සත් ජනපදය, වියට්නාමය යන රටවල් තුනෙහි මහ බැංකු අධිපතිවරුන් නම් කොට ඇත.
  • වර්ගීකරණය අනුව "A" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් ලෙස චිලී, කොස්ටාරිකා, ඉන්දුනිසියා, ජමෙයිකා, කෙන්යා, මැක්සිකෝ, පැරගුවේ, පීරු, සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරුන් නම් කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නවතම වාර්තාවකට (වසර 2025) අනුව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ "A" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස නම්කර ඇත.

ලෝකයේ මහ බැංකු අධිපතිවරුන් "A+", "A" හෝ "A-" කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර ඇගයීම ලක් කර ඇති ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු  "A" ශ්‍රේණියට නම් කොට තිබේ.

වර්ගීකරණයේ "A+" ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස ඩෙන්මාර්කය,එක්සත් ජනපදය, වියට්නාමය යන රටවල් තුනෙහි මහ බැංකු අධිපතිවරුන් නම් කොට ඇත.

වර්ගීකරණය අනුව "A"  ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් ලෙස චිලී, කොස්ටාරිකා, ඉන්දුනිසියා, ජමෙයිකා, කෙන්යා, මැක්සිකෝ, පැරගුවේ, පීරු, සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරුන් නම් කොට තිබේ.

වර්ගීකරණය අනුව "A-" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් ලෙස කාම්බෝජය,චෙක් ජනරජය, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ඉතියෝපියාව, යුරෝපීය සංගමය, ගෝතමාලාව, මොන්ගෝලියාව, පිලිපීනය, සර්බියාව, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, තායිවානය, උගන්ඩාව යන රටවල මහ බැංකු අධිපතිවරුන් නම්කොට තිබේ.


වසර 1994 සිට ග්ලෝබල් ෆිනෑන්ස් විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලද මහ බැංකු වාර්තා ප්‍රධාන රටවල් 100 කට ආසන්න ප්‍රමාණයක මහ බැංකු අධිපතිවරුන් මෙන්ම යුරෝපීය සංගමය, නැගෙනහිර කැරිබියන් මහ බැංකුව, මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය බැංකුව සහ බටහිර අප්‍රිකානු රාජ්‍ය මහ බැංකුව ශ්‍රේණිගත කරයි.


ඒ අනුව උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කළමනාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල සාර්ථකත්වය සඳහා ශ්‍රේණි "A+" සිට "F" පරිමාණයක් මත පදනම් ව මෙම තෝරාගැනීම සිදු කර ඇත. ("A" යනු විශිෂ්ට කාර්ය සාධනයක් නියෝජනය කරන අතර, සම්පූර්ණ අසාර්ථකත්වය සඳහා "F" දක්වා පහළට.)

"බොහෝ මහ බැංකුකරුවන් පසුගිය වසර කිහිපය තුළ උද්ධමනය සමඟ සටන් කරමින් ඔවුන්ගේ වඩාත්ම ඵලදායී මෙවලම වන ඉහළ පොලී අනුපාත සමඟ පොරබදමින් සිටිති, නමුත් ඔවුන්ගේ බලතල රටින් රටට වෙනස් විය හැකිය. උද්ධමනය අඩු වන විට, එම දැඩි ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵල අපට දැකීමට පටන් ගෙන තිබේ," ග්ලෝබල් ෆයිනෑන්ස් නිර්මාතෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජෝසප් ගියරාපුටෝ පැවසීය. "අපගේ වාර්ෂික මහ බැංකු වාර්තා , ප්‍රතිඵල ලබා දී ඇතිවා පමණක් නොව, ස්වාධීනත්වය, විනය සහ උපායමාර්ගික දුරදක්නා නුවණින් යුතුව එසේ කළ නායකයින් හඳුනා ගනී." යනුවෙන් සඳහන් කර සිටී.

(සටහන | ජේ.මුණසිංහ)

Central Banker Report Cards 2025 page 0001

 Central Banker Report Cards 2025 page 0002

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ග්ලෝබල් ෆිනෑන්ස්' සඟරාව ආචාර්ය නන්දලාල් වීරසිංහ, 2025 "A" ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස නම් කරයි | The Leader