The Leader News
BREAKING
Top Ad
පුවත්

බැද්දේගම සිලිඳුලාගේ අසරණකම නිමවෙයි: රාජ්‍ය ලේඛනවල බ්‍රිතාන්‍ය ලෙඩේට අලුත්ම ප්‍රතිකාරයක්!

T

The Leader Desk

July 1, 2026 • 3:52 PM

බැද්දේගම සිලිඳුලාගේ අසරණකම නිමවෙයි: රාජ්‍ය ලේඛනවල බ්‍රිතාන්‍ය ලෙඩේට අලුත්ම ප්‍රතිකාරයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (ජූලි 01) සිට 05 වැනිදා දක්වා ක්‍රියාත්මක "රාජ්‍ය භාෂා සතියට" සමගාමීව, 'Clean Sri Lanka' වැඩසටහන යටතේ සකස් කළ මෙම ත්‍රෛභාෂා ආකෘති පත්‍ර පද්ධතිය www.moha.gov.lk නිල වෙබ් අඩවිය හරහා ජනතා අයිතියට පත් කෙරිණි.
  • බහු සංස්කෘතික සමාජයක සෑම පුරවැසියෙකුටම තමන් දන්නා මව් භාෂාවෙන් රාජ්‍යය සමඟ ගනුදෙනු කිරීමට ඇති අයිතිය තහවුරු නොකිරීම, ජත්‍යන්තර වශයෙන් ද ලංකාවට කළු පැල්ලමක් එක් කළේය.
  • මෙම නව ඩිජිටල් පියවර හරහා එම කළු පැල්ලම් මැකී යනවා සේම, රාජ්‍ය ආයතනයකට පැමිණෙන පුද්ගලයකු තුළ ඇතිවන බිය සහ අසරණකම නැති කිරීමට මඟ පෑදේ.
  • සංකීර්ණ බව අවම කිරීම: දැනට පවතින ආකෘති පත්‍ර සිංහල ජනතාවට පවා තේරුම් ගැනීමට අපහසු තරම් සංකීර්ණ බැවින්, වයෝවෘද්ධ ප්‍රජාවට තනිවම පුරවා ගත හැකි වන පරිදි සරල බසින් මේවා ප්‍රතිසංස්කරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

"භාෂාව නොදන්නා පුරවැසියාට තමන් දෙවැනි පෙළ කෙනෙක් කියා දැනෙනවා" - ඇමතිවරුන් වන හර්ෂණ සහ චන්දනගෙන් ස්වයං විවේචනයක්

ICTA ආයතනයේ 'eForms System' හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සාම්ප්‍රදායික රතු පටිය (Red Tape) ඉවතට

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැවත එන, සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට අපහසු සහ සංකීර්ණ රාජ්‍ය ආකෘති පත්‍ර ක්‍රමවේදය වෙනස් කරමින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී ව්‍යුහය තුළ බහුලවම භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයට එක් කිරීමට රජය පියවර ගෙන තිබේ.

අද (ජූලි 01) සිට 05 වැනිදා දක්වා ක්‍රියාත්මක "රාජ්‍ය භාෂා සතියට" සමගාමීව, 'Clean Sri Lanka' වැඩසටහන යටතේ සකස් කළ මෙම ත්‍රෛභාෂා ආකෘති පත්‍ර පද්ධතිය www.moha.gov.lk නිල වෙබ් අඩවිය හරහා ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ පැවැති දශක තුනක සන්නද්ධ ගැටුමට මූලිකම හේතුවක් වූයේ භාෂාමය අසමානතාවය සහ රාජ්‍ය සේවා ලබාගැනීමේදී සුළුතර ජන කොටස් මුහුණ දුන් කොන්වීමයි. බහු සංස්කෘතික සමාජයක සෑම පුරවැසියෙකුටම තමන් දන්නා මව් භාෂාවෙන් රාජ්‍යය සමඟ ගනුදෙනු කිරීමට ඇති අයිතිය තහවුරු නොකිරීම, ජත්‍යන්තර වශයෙන් ද ලංකාවට කළු පැල්ලමක් එක් කළේය. මෙම නව ඩිජිටල් පියවර හරහා එම කළු පැල්ලම් මැකී යනවා සේම, රාජ්‍ය ආයතනයකට පැමිණෙන පුද්ගලයකු තුළ ඇතිවන බිය සහ අසරණකම නැති කිරීමට මඟ පෑදේ.


නව ක්‍රමවේදය යටතේ ජනතාවට ලැබෙන පහසුකම්

වෙබ් අඩවියෙන් බාගත කිරීමේ හැකියාව:
රජයේ ඉඩම් ලබාගැනීම, අනවසර ඉඩම් නියාමනය, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත්, වැඩිහිටි හා ආබාධිත දීමනා, වගා හානි ආධාර මෙන්ම විවිධ දැව සහ කැනීම් බලපත්‍රවලට අදාළ අයදුම්පත් 23ක් මින් ඉදිරියට ඕනෑම අයෙකුට වෙබ් අඩවියෙන් සෘජුවම බාගත (Download) කරගත හැක.

සංකීර්ණ බව අවම කිරීම:
දැනට පවතින ආකෘති පත්‍ර සිංහල ජනතාවට පවා තේරුම් ගැනීමට අපහසු තරම් සංකීර්ණ බැවින්, වයෝවෘද්ධ ප්‍රජාවට තනිවම පුරවා ගත හැකි වන පරිදි සරල බසින් මේවා ප්‍රතිසංස්කරණය කර ඇත.

නිල චක්‍රලේඛයක්:
මෙම නව ආකෘති පත්‍ර කාර්යක්ෂමව භාවිත කිරීම සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන සෘජුවම දැනුවත් කරමින් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

අමාත්‍යවරුන්ගේ දේශපාලන සහ මානුෂීය කියවීම

නීතිඥ හර්ෂණ නානායක්කාර (අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති):
"ආකෘති පත්‍ර 23ක් භාෂා තුනකින් දීම කුඩා වැඩක් සේ පෙනුනත්, විශාල සමාජ පරිවර්තනයක මුල එයයි. පුද්ගලයකුට තමන් දන්නා භාෂාවෙන් වැඩක් කරගන්න බැරි වුණාම ඔහුට තමන් මේ රටේ දෙවැනි පෙළ පුරවැසියෙක් කියා සිතෙනවා. රාජ්‍යය කියන්නේ සියලු දෙනාටම අයත් පොදු නිවසක්; එහි දොරටු සියලු භාෂාවලින් විවෘත විය යුතුයි."

මහාචාර්ය චන්දන අබයරත්න (රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන ඇමති):
"ලෙනාඩ් වුල්ෆ්ගේ 'බැද්දේගම' නවකතාවේ සිලිඳු නඩු විභාගයේදී අසරණ වුණේ භාෂාව නොදැනීම නිසයි. මිනිසුන් ශිෂ්ටසම්පන්න සබඳතාවලට ඇවිත් තවම කෙටි කාලයයි. මේ පියවර රටේ ශිෂ්ටත්වයේ ප්‍රමාණය මැනිය හැකි සන්ධිස්ථානයක්. සියලුම වෙනස්කම් එකවරම කරන්න බැරි වුණත්, මේ තැබුවේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම සමාන ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් විය හැකි යෝධ පියවරක්."

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'eForms System' ව්‍යාපෘතිය යටතේ නිම කළ මෙම කාර්යය සඳහා ස්වදේශ කටයුතු අංශයේ විශේෂ කමිටුවක් සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සෘජුවම දායක වී ඇත.

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...