The Leader News
BREAKING
Top Ad
පුවත්

'යුද පදක්කම් 'ලෝහ කැබලි' නෙමෙයි!' - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ ප්‍රකාශය ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි

T

The Leader Desk

July 3, 2026 • 10:28 AM

'යුද පදක්කම් 'ලෝහ කැබලි' නෙමෙයි!' - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ ප්‍රකාශය ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'රට Next' සංවිධානය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.
  • රට Next සංවිධානය ලෙස ශ්‍රී ලංකා ධජය යටතේ ජීවත් වන සෑම පුරවැසියෙකුම නීතියට යටත්ව කටයුතු කළ යුතු බවත්, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික වටිනාකමක් බවත් අපි දැඩි ලෙස විශ්වාස කරමු.
  • එසේ වුවද, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ කැපවීම, වීරත්වය, විනය සහ ජාතිය වෙනුවෙන් කළ අමිල සේවය ඇගයීම සඳහා පිරිනමනු ලබන යුධ පදක්කම් හෑල්ලුවට ලක්වන ආකාරයේ ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකිය.
  • ඒ සෑම පදක්කමක්ම එය පළඳින සෙබළාගේ ගෞරවය, කැපවීම සහ සේවය සදාකාලිකව පිළිබිඹු කරන සංකේතයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුවීම ත්‍රිවිධ හමුදාවේ අභිමානයට හා සෙබළුන්ගේ මානසික ධෛර්යයට බරපතළ හානියක් බව පෙන්වා දෙන එම සංවිධානය, ජනාධිපතිවරයා පිරිනමන මෙම ජාතික ගෞරව සම්මාන අවතක්සේරු කිරීම සම්බන්ධයෙන් වහාම විධිමත් විනය විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

'රට Next' සංවිධානය නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය මතු පළවේ.

මාධ්‍ය නිවේදනය

2026 ජූලි 01 දින අධිකරණයේදී සිදු වූ බව වාර්තා වන ප්‍රකාශය සම්බන්ධයෙන් රට Next සංවිධානයේ දැඩි කනගාටුව

2026 ජූලි 01 දින අධිකරණයේ නඩු විභාගයක් අතරතුර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් විශ්‍රාමික බලලත් නිලධාරී ශාන්ත ජයතිලක මහතා පැළඳ සිටි යුධ පදක්කම් සම්බන්ධයෙන් "ලෝහ කැබලි" ලෙස අදහස් කළ බව වාර්තා වන ප්‍රකාශය පිළිබඳව රට Next සංවිධානය සිය දැඩි කනගාටුව හා අප්‍රසාදය පළ කරයි.

රට Next සංවිධානය ලෙස ශ්‍රී ලංකා ධජය යටතේ ජීවත් වන සෑම පුරවැසියෙකුම නීතියට යටත්ව කටයුතු කළ යුතු බවත්, නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික වටිනාකමක් බවත් අපි දැඩි ලෙස විශ්වාස කරමු.

එසේ වුවද, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ කැපවීම, වීරත්වය, විනය සහ ජාතිය වෙනුවෙන් කළ අමිල සේවය ඇගයීම සඳහා පිරිනමනු ලබන යුධ පදක්කම් හෑල්ලුවට ලක්වන ආකාරයේ ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකිය. මෙම පදක්කම් සාමාන්‍ය ලෝහ කැබලි නොව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ජාතියේ ගෞරවය නියෝජනය කරමින් ප්‍රදානය කරන ඉතා උසස් ජාතික ගෞරව සම්මාන වේ. ඒ සෑම පදක්කමක්ම එය පළඳින සෙබළාගේ ගෞරවය, කැපවීම සහ සේවය සදාකාලිකව පිළිබිඹු කරන සංකේතයකි.

මෙවැනි ප්‍රකාශ මගින් සේවයේ නිරත සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ගෞරවය හා අභිමානය පමණක් නොව, වර්තමාන හා අනාගත හමුදා නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ මානසික ධෛර්යයටද අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.

විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකුගෙන් මෙවැනි ප්‍රකාශයක් වාර්තා වීම පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළ කරමු.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සාධාරණ හා විධිමත් විමර්ශනයක් සිදුකර, අවශ්‍ය යැයි තීරණය කරන විනයානුකූල පියවර ගැනීම පිළිබඳව අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ගෞරවය, ඔවුන්ගේ කැපවීම සහ ඔවුන්ට පිරිනමන ජාතික ගෞරව සම්මානවල අභිමානය ආරක්ෂා කිරීම සෑම රාජ්‍ය ආයතනයකම වගකීමක් බවද අපි අවධාරණය කරමු.

රට Next සංවිධානය

ratanext2048gmail.com 1 page 0001

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'යුද පදක්කම් 'ලෝහ කැබලි' නෙමෙයි!' - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ ප්‍රකාශය ගැන විධිමත් විමර්ශනයක් ඉල්ලයි | The Leader