ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ විධායක නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් වෙනස් කරමින් කටයුතු කළ බවටත්, අනතුරුව රජයේ මුදල් වැය කරමින් ඔහු Britannia Royal Naval College වෙත පුහුණුව සඳහා යැවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 16 සහ 22 යන දිනවල අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු නාවික හමුදාපතිට දැනුම් දී තිබුණද, ඔහු එහි පෙනී සිට නොමැති බව වාර්තා වේ.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇප තුනක් මත ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.




