The Leader News
BREAKING
Top Ad
පුවත්

අධිකරණ අර්බුදය සජබ ඇතුළේ පිපිරෙයි: සජිත්ගේ නිහැඬියාවට කළමනාකරණ කමිටුවේ දැඩි විරෝධයක්!

T

The Leader Desk

July 5, 2026 • 6:37 AM

අධිකරණ අර්බුදය සජබ ඇතුළේ පිපිරෙයි: සජිත්ගේ නිහැඬියාවට කළමනාකරණ කමිටුවේ දැඩි විරෝධයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ මෙම දේශපාලන වුවමනාවට එරෙහිව විපක්ෂ නායකවරයා සෘජු නායකත්වයක් නොදීම හේතුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර රහස් එකඟතාවයක් ඇතැයි සමාජය තුළ මතයක් නිර්මාණය වෙමින් පවතින බවට එහිදී ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මැසිවිලි පළකර ඇත.
  • සජබ කළමනාකරණ කමිටු සාමාජිකයින් පෙන්වා දෙන්නේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් හදිසියේ සංශෝධනය කිරීම සමස්ත නීති පද්ධතියේම බිඳවැටීමකට හේතුවන බවයි.
  • උසස්වීම් අර්බුදය: මහාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විනිසුරුවරුන්ට ඉහළට යාමට ඇති වෘත්තීය අවස්ථා මේ හරහා ඇහිරී යයි.
  • දේශපාලන වුවමනාව: රජය තමන්ට හිතවත් විනිසුරුවරුන් රඳවා තබා ගැනීමට සහ උසාවිය තමන්ගේ දේශපාලනට අවශ්‍ය පරිදි නම්‍යශීලි කරවා ගැනීමට මෙම උපක්‍රමය භාවිත කරන බවට විපක්ෂය මීට පෙරද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සේයාව: තරුණ විනිසුරුවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අනතුරේ

උසාවි පුරප්පාඩු හංගන ආණ්ඩුවේ ක්‍රීඩාවට එරෙහිව විපක්ෂයෙන් සෘජු පාර්ලිමේන්තු යෝජනාවක්


ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගන්නා දේශපානික උත්සාහය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දක්වන මන්දගාමී පිළිවෙත සමගි ජන බලවේගයේ (සජබ) කළමනාකරණ කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

ආණ්ඩුවේ මෙම දේශපාලන වුවමනාවට එරෙහිව විපක්ෂ නායකවරයා සෘජු නායකත්වයක් නොදීම හේතුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර රහස් එකඟතාවයක් ඇතැයි සමාජය තුළ මතයක් නිර්මාණය වෙමින් පවතින බවට එහිදී ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මැසිවිලි පළකර ඇත.

කළමනාකරණ කමිටුවේ බලපෑම

පසුගියදා රැස්වූ සජබ කළමනාකරණ කමිටු රැස්වීමේදී සාමාජිකයින් ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවට පක්ෂපාති සිවිල් සංවිධාන සහ නීතිඥයින් පවා ජනාධිපතිවරයා විසින් අධිකරණය වෙත සිදුකරන බලපෑම් වලට එරෙහිව වීදි බසිද්දී විපක්ෂ නායකවරයා නිහඬව සිටීම තම පක්ෂයට බරපතල අවාසියක් වී ඇති බවයි.

තීරණය:
වහාම සජබ නීතිඥවරුන් සිය දහස් ගණනින් කොළඹට කැඳවා විරෝධතා සංවිධානය කළ යුතුය.

ඉල්ලීම:
අධිකරණයට සිදුවන දේශපාලන අතපෙවීම්වලට එරෙහිව සමස්ත විපක්ෂ බලවේග ඒකාබද්ධ කරමින් සජිත් ප්‍රේමදාස ඉදිරියටම පැමිණිය යුතුය.

සජබ කළමනාකරණ කමිටු සාමාජිකයින් පෙන්වා දෙන්නේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් හදිසියේ සංශෝධනය කිරීම සමස්ත නීති පද්ධතියේම බිඳවැටීමකට හේතුවන බවයි.

උසස්වීම් අර්බුදය:
මහාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල සිටින දක්ෂ, ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විනිසුරුවරුන්ට ඉහළට යාමට ඇති වෘත්තීය අවස්ථා මේ හරහා ඇහිරී යයි.

දේශපාලන වුවමනාව:
රජය තමන්ට හිතවත් විනිසුරුවරුන් රඳවා තබා ගැනීමට සහ උසාවිය තමන්ගේ දේශපාලනට අවශ්‍ය පරිදි නම්‍යශීලි කරවා ගැනීමට මෙම උපක්‍රමය භාවිත කරන බවට විපක්ෂය මීට පෙරද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය සහ වත්මන් පියවර

පක්ෂ අභ්‍යන්තරයෙන් මෙලෙස බලපෑම් එල්ල වුවද, සජිත් ප්‍රේමදාස මීට පෙර පාර්ලිමේන්තුවේදී මෙන්ම ප්‍රසිද්ධ රැස්වීම්වලදී ද රජයේ මෙම ක්‍රියාව අධිකරණයේ ස්වාධීනත්වයට කරන "ඇඟිලි ගැසීමක්" ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කර තිබිණි.

මේ අතර, උපරිමාධිකරණයේ පවතින පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් මාස හයකට අධික කාලයක් පුරවා නොතැබීමෙන් නීතියේ ආධිපත්‍යයට සිදුව ඇති හානිය පිළිබඳව විවාදයක් කැඳවීමට විපක්ෂය පියවර ගෙන ඇත. ඒ අනුව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 83(1) යටතේ පූර්ණ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජුනි 26 වනදා අදාළ ලියකියවිලිවලට අත්සන් තබා කතානායකවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

කෙසේවුවද සජබ කළමනාකරණ කමිටු සාමාජිකයින් පවසන්නේ ඉහල අධිකරණ වල විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ග කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති දේශපාලන තීන්දුව පරාජය කිරීම සඳහා  විපක්ෂනායක වරයා, මිටවඩා ක්‍රියාකාරීව සක්‍රියව මැදිහත්විය යුතු බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...