The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
පුවත්

අනතුරු අඟවා තිබියදීත් සිරකාර ඝාතනයක් හා වධහින්සා වළක්වා ගැනීමට පියවර නොගත් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක්

T

The Leader Desk

July 8, 2026 • 7:03 AM

අනතුරු අඟවා තිබියදීත් සිරකාර ඝාතනයක් හා වධහින්සා වළක්වා ගැනීමට පියවර නොගත් බවට ආණ්ඩුවට බරපතල චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහළ නිලධාරීන්ට අනතුරු අගවා තිබියදීත් වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනයක් හා වධහිංසා වළක්වා ගැනීමට පියවර නොගත් බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දිවයිනේ පුමුඛතම සංවිධානය ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.
  • යම් විදිහකින් මේ රැදවියෙක් ඝාතනය උනොත් විශාල ප්‍රශ්නයක්, විශාල කලු පැල්ලමක් ආණ්ඩුවට කියලා.
  • ඒ නිසා කරුනාකරලා ඇමතිතුමා අපි කියනවා ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව තමයි මේ ඝාතනය වෙන්න ඇත්තේ.
  • අපිට සැකයක් තියනවා දැන් දැනුවත්ව උනාද කියලා.” වැලිකඩ බන්ධනාගාරය තුලදී ජුලි 07 වැනිදා සිදු කළ අවිශ්ක නම් රැදවියාගේ ඝාතනය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා සිදු කරන අනාවරණය පහත විඩියෝවෙන්,  
අකුරු ප්‍රමාණය (Font Size):


සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා පෙන්වා දෙන්නේ  ජීවිත 27 ක් බිලිගත් මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් අනතුරුව එම බන්ධනාගාරයේ සිටි රැදවියන් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත රැගෙන ගිය බවයි.

එලෙස රැගෙන ගිය  රැදවියන්ට  බන්ධනාගාර නිලදාරීන් විසින් පහරදීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ එක් රැදවියෙක් ජුලි 07 වැනිදා ඝාතනය කර ඇති බව අනාවරණය කරන සුදේශ් නන්දිමාල් සිල්වා අවධාරණය කරන්නේ සිදු කෙරන පහරදීම් සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළත් ඔවුන් ඊට ඇහුන්කම් නොදීම නිසා මෙම ඝාතනය සිදුවු බවයි.

“අපි මේ සම්බන්ධව ඉහළ නිලධාරීන් විශේෂයෙන් කොමසාරිස්තුමා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාව අපි දැනුවත් කරා පුද්ගලිකවම. ඒ වගේම අමාත්‍යාංශ මට්ටමෙන් යම් යම් ලේකම්වරු දැනුවත් කළා. දැනුවත් කරලා කිව්වා මෙහෙම පහර දෙනවා. යම් විදිහකින් මේ රැදවියෙක් ඝාතනය උනොත් විශාල ප්‍රශ්නයක්, විශාල කලු පැල්ලමක් ආණ්ඩුවට කියලා. නමුත් එකක්වත් මේ ගොල්ලෝ පිලි ගත්තෙත්  නැ. මේ සම්බන්ධව ඇහුන්කම් දුන්නෙත් නැ .”

 

මුහුණු පොත ඔස්සේ විඩියෝවක් නිකුත් කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගෙන් දැඩිව ප්‍රශ්න කර සිටින්නේ මෙම ඝාතනය සිදු වුයේ අමාත්‍යවරයාගේ දැනුවත් භාවය සහිතවද යන්නයි.

 

“  දැන් මේ විදිහට මිනිස්සුන්ව මරන්න පුළුවන්ද ? මොකක්ද මේ රටේ නීතිය. අපි ප්‍රශ්න කරන්නේ ඒකයි. මේක නීතියද රටේ. ඒ නිසා කරුනාකරලා ඇමතිතුමා අපි කියනවා ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව තමයි මේ ඝාතනය වෙන්න ඇත්තේ. අපිට සැකයක් තියනවා දැන් දැනුවත්ව උනාද කියලා.”


වැලිකඩ බන්ධනාගාරය තුලදී ජුලි 07 වැනිදා සිදු කළ අවිශ්ක නම් රැදවියාගේ ඝාතනය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා සිදු කරන අනාවරණය පහත විඩියෝවෙන්,

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...