The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
පුවත්

එල් නිනෝ ලංකාවට ගේන අමුතුම සෙල්ලම: මුලින්ම රස්නෙයි-නියඟයයි; ඊළඟට මහා ගංවතුරක්?

T

The Leader Desk

July 8, 2026 • 9:58 AM

එල් නිනෝ ලංකාවට ගේන අමුතුම සෙල්ලම: මුලින්ම රස්නෙයි-නියඟයයි; ඊළඟට මහා ගංවතුරක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූලි සහ අගෝස්තු මාසවල වැසි අඩුවී රෝස් වෙන සූදානමක්; ඔක්තෝබර් මහ කන්නයට මහා වැසි එන ලකුණු.
  • ජූලි-අගෝස්තු වියළි කාලගුණය සහ ඔක්තෝබර් පෙරළිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පෙන්වා දෙන්නේ එල් නිනෝ යනු සාමාන්‍ය නියඟයක් නොවන බවයි.
  • එය සාමාන්‍යයෙන් මාස 9ක සිට වසරක් දක්වා පවතින ගෝලීය දේශගුණික සංසිද්ධියකි.
  • කෙටි කාලීන නියඟය:  දැනට පවතින නිරිතදිග මෝසම් කාලය තුළ, විශේෂයෙන්ම ජූලි සහ අගෝස්තු මාසවලදී ලංකාවට ලැබෙන වැසි ප්‍රමාණය විශාල ලෙස අඩු වන අතර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


“මේක නිකන්ම නියඟයක් නෙවෙයි, ලෝකෙම හොල්ලන දේශගුණික ලෙඩක්” - කාලගුණ ලොක්කාගෙන් අනතුරු ඇඟවීමක්.



ශීඝ්‍රයෙන් වර්ධනය වන "එල් නිනෝ" (El Niño) දේශගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව පෙරළිකාර කාලගුණික තත්ත්වයන් රැසකට මුහුණ දීමට නියමිතය. 

මෙමඟින් රටේ කෘෂිකර්මාන්තයට, ජල කළමනාකරණයට සහ විදුලි උත්පාදනයට සිදුවිය හැකි බලපෑම් පාලනය කිරීම සඳහා රජය විසින් ජූනි 22 වැනිදා විශේෂ ජාතික කමිටුවක් පත් කරමින් හදිසි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇත.

ජූලි-අගෝස්තු වියළි කාලගුණය සහ ඔක්තෝබර් පෙරළිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පෙන්වා දෙන්නේ එල් නිනෝ යනු සාමාන්‍ය නියඟයක් නොවන බවයි. එය සාමාන්‍යයෙන් මාස 9ක සිට වසරක් දක්වා පවතින ගෝලීය දේශගුණික සංසිද්ධියකි.

කෙටි කාලීන නියඟය: 
දැනට පවතින නිරිතදිග මෝසම් කාලය තුළ, විශේෂයෙන්ම ජූලි සහ අගෝස්තු මාසවලදී ලංකාවට ලැබෙන වැසි ප්‍රමාණය විශාල ලෙස අඩු වන අතර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනු ඇත.

මහ වැසි අවදානම: 
පැසිෆික් සාගරයේ සහ පිලිපීන කලාපයේ සුළං රටාව අනුව සැප්තැම්බර් අග භාගයේ සිට වර්ෂාව නැවත වර්ධනය වේ. ඉතිහාස දත්ත (1982-83, 1997-98, 2015-16 එල් නිනෝ වසර) පෙන්වා දෙන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ලංකාවට සාමාන්‍ය අගයට වඩා වැඩි මහා වැසි (Above-average rainfall) ලැබී ඇති බවයි.

දීර්ඝ කාලීන තර්ජනය: 
යම් හෙයකින් මෙම එල් නිනෝ තත්ත්වය අධික ලෙස ශක්තිමත් වුවහොත්, ලබන වසරේ (2027) අප්‍රේල් මාසය දක්වාම වැසි රහිත වියළි කාලගුණයක් ඇදී යාමටද ඉඩ ඇත.

වාරිමාර්ග සහ විදුලි බලාගාරවල තත්ත්වය

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුව රටේ ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය කිත්සිරි වැලිගෙපොලගේ පවසන පරිදි, මේ වන විට රටේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 50%ක මට්ටමක පවතී. මහවැලි ජලාශවලද ශක්තිමත් ජල මට්ටමක් ඇත.

ජූලි සහ අගෝස්තු මාසවල ස්වභාවිකවම වැසි අඩු වන බැවින්, දැනට පවතින ජල සංචිතය අර්බුදයකින් තොරව පාලනය කරගත හැක.

ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පවතින ජලය නිසි ලෙස කළමනාකරණය කරමින්, ඔක්තෝබර් මාසයේ ආරම්භ වන ලංකාවේ ප්‍රධානතම "මහ කන්නය" (Maha cultivation season) නියමිත වෙලාවට වගා කිරීමට ගොවියන්ට පහසුකම් සැලසීමයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසන පරිදි ඉන්දියානු සාගර ද්විධ්‍රැව (Positive IOD) තත්ත්වය වාසිදායක වුවහොත් කන්නයේ අවසාන මාසවල ලැබෙන වැස්සෙන් වගාවන් සාර්ථක කරගත හැක.

ඉදිරි මාස කිහිපය තුළ දේශගුණය අස්ථාවර වන බැවින් හිතුමනාපයට ජලය නාස්ති කිරීම නතර කළ යුතුය. ආයතන එකිනෙක ඒකාබද්ධ කරමින් ජලය සහ විදුලිය පාලනය කිරීමේ නිල වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ කෘෂිකාර්මික හා බලශක්ති අංශ හරහා ගොවීන් සහ ජනතාව වෙත නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

(සටහන | සම්පත් ධීරසේකර )

මුලාශ්‍රය :

El Niño Threatens Sri Lanka’s Climate Readiness mid Shifting Weather Patterns

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...