The Leader News
BREAKING
ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●ක්වන්ටාස් තොරතුරු තාක්ෂණ රැකියා 850ක් බාහිරට දෙයි●මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි විවෘත කිරීමට ඉල්ලුම්පතක්●NDB බිලියන 13 මූල්‍ය හිඩැස: මෙරට බැංකු පද්ධතිය හමුවේ බරපතළ පරීක්ෂණයක්●යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා●එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ප්‍රමාදයි: නීතිපතිට එන්තරවාසියක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට බෙදුණු තීන්දුවක්: තීරණය සභාපති විනිසුරුට●ආණ්ඩුව වෙනස් නොවුනත් 'සංවර්ධනය' හඳුනා ගන්නේ නම් මැනවි ●‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ ‘BLOOD LACED TEARS’ කෘති දැන් ඇණවුම් කළ හැකියි●
Top Ad
පුවත්

යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා

Nethmini

Nethmini

November 11, 2026 • 8:53 AM

යාපනයේ සමූහ මිනීවලවල්: පොලිසිය කල් මරන බවට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනයේ දුපත් කලාපයේ ඇති බවට වසරකට ඉහතදී පැමිණිලි ලැබී ඇති සමුහ මිනී වළවල් මාලාවක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පොලීසිය දිගින් දිගටම කල් මරමින් සිටින බවට චෝදනා එල්ල වී තිබේ.
  • පොලිසිය කරුණු දක්වා ඇති පරිදි මිනී වල දමා ඇති බවට සැකකෙරෙන තැන් සමීපයේ එකල පැවති හමුදා කඳවුරු පිළිබඳව තොරතුරු දැනගැනීමේ අසීරු කරුණකි.
  • යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වමිනාදන් පිරකලාදන් 2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනි.
  • ඒ ළිඳේ දමා ඇති බවට විශ්වාස කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහු එදින වැඩි දුරටත් හෙළි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

යාපනයේ දුපත් කලාපයේ ඇති බවට වසරකට ඉහතදී පැමිණිලි ලැබී ඇති සමුහ මිනී වළවල් මාලාවක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පොලීසිය දිගින් දිගටම කල් මරමින් සිටින බවට චෝදනා එල්ල වී තිබේ.

තිස් හය වසරකට ඉහතදී  අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබුනේ 2025 අගෝස්තු මාසයේදීය.

පොලිසිය කරුණු දක්වා ඇති පරිදි මිනී වල දමා ඇති බවට සැකකෙරෙන තැන් සමීපයේ එකල පැවති හමුදා කඳවුරු පිළිබඳව තොරතුරු දැනගැනීමේ අසීරු කරුණකි.

හමුදා කඳවුරු තොරතුරු සෙවීමට පොලිසිය උත්සාහයක

වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් පවසන්නේ එයට අදාල නඩුව 2026 නොවැම්බර් 10 වැනිදා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී  සමුහ මිනි වලවල් ඇති බවට සැක කෙරෙන ස්ථාන සමීපයේ තිස් හය වසරකට ඉහතදී හමුදා කඳවුරක් පැවතියේද යන්න මෙන්ම එය භාරව කටයුතු කළේ කවුරුදැයි යන්න සොයා ගැනීම අපහසු කාර්යක් වන නමුත් ඒ සම්බන්ධයෙන් උත්සාහයක් දැරීමට හැකි බවට දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා අධිකරණයට දැනුම් දුන් බවයි.

" දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශයේ CI එහෙමත් නැත්නම් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඇවිත් හිටියා. එයා කිව්වේ, අවුරුදු 36කට කලින් එතැන හමුදා කඳවුරක් තිබුණා ද ඒක භාරව හිටිය නිලධාරින් කවුද කියන විස්තරය හමුදාවෙන් අරගෙන ඒකට සම්බන්ධ වුණ අයට තොරතුරු ලබාදීලා එයාලාගේ කටඋත්තර ගන්න අවශ්‍යයි කියන එකත්, අවුරුදු 36කට කලින් වුණ දෙයක් නිසා ඒ අය පණපිටින් ඉන්නවා ද කියලා දන්නේ නැති වුනත් එහෙම උත්සාහ කරලා බලන්නම් කියලත්, නැත්නම් අධිකරණ නියෝගය යටතේ කැණීම් කරන්න තමන්ගේ විරෝධයක් නැහැ කියන එකත් දැනුම් දුන්නා. "

වින්දිතයන්ගේ විරෝධය හමුවේ නඩුව කල් යයි


මෙම සමුහ මිනී වළවල් මාලාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශය දිගින් දිගටම කල් මැරීම සම්බන්ධයෙන් වින්දිත පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන් දැක්වු විරෝධය හමුවේ 2027 ජනවාරි මාසයේදී නඩුව යළි කැදවීමට කයිට්ස් මහේස්ත්‍රාත් අනීෆා රජීව් නියෝග කළ බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කළේය.

" අපි වෙනුවෙන් ලෙනින් බලහත්කාරයෙන් අතුරුදන් කළවූන්ගේ ඥාතීන් වෙනුවෙන් පූරණි මරියනායගමුත් සහභාගී වුණා. ඒ දෙන්නා හමුදාවෙන් ප්‍රශ්න කරන්න ඕනේ කියලා කාලය කා දමන්නේ නැතිව ඉක්මනින් වාර්තාව ඉදිරිපත් කරන්න කියලා කරපු ඉල්ලීමට අනුව ජනවාරි මාසයේ 05 වැනිදා නඩුව කැඳවන්න නියෝග කළා."

මෙම නඩුව 2026 සැප්තැම්බර් 22 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදිද විමර්ශන කටයුතු තවමත් අවසන් කර නොමැති බව සදහන් කරමින්  ඒ සදහා පොලීසිය තව දුරටත් අධිකරණයෙන් කාලය ඉල්ලා තිබුනි.

මණ්ඩතීව් ළිඳක මළ සිරුරු හැටක්?

යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වමිනාදන් පිරකලාදන්  2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනි. ඒ ළිඳේ දමා ඇති බවට විශ්වාස කෙරෙන සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින අතර ඔහු  එදින වැඩි දුරටත් හෙළි කළේය.

තිස් හය වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන ද සිහිපත් කළ ප්‍රාදේශීය සභිකයා අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගන්නා ලද අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි. හමුදාව සිය භාරයට ගත් අයගෙන් පිරිසක්  ඝාතනය කර ළිංවලට දැමු බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින තව දුරටත් හෙළි කර තිබුනි.

නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් පසු ගිය වසරේ  මුල් වරට හෙළි කර තිබුනේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි. කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාධාරීන් පෙන්වා දෙන පරිදි සිරිලක් දෙරණ පුරා සමූහ සුසාන විශාල සංඛ්‍යාවක් විසිරී පවතී.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...