The Leader News
BREAKING
එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ප්‍රමාදයි: නීතිපතිට එන්තරවාසියක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට බෙදුණු තීන්දුවක්: තීරණය සභාපති විනිසුරුට●ආණ්ඩුව වෙනස් නොවුනත් 'සංවර්ධනය' හඳුනා ගන්නේ නම් මැනවි ●‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ ‘BLOOD LACED TEARS’ කෘති දැන් ඇණවුම් කළ හැකියි●මැදපෙරදිග මිතුරන්ගේ ඇවිටිල්ල හමුවේ ට්‍රම්ප්ගෙන් ඉරාන ප්‍රහාරවලට විරාමයක්●ඉරාන යුද්ධය හා බදු නවත්වන්න අමෙරිකාවෙන් ඉල්ලීමක්●Nvidia ප්‍රධානියා සහ චීන ඔත්තු ආන්දෝලනය ගැන FBI පරීක්ෂණ●සජිත් සාධකය නොසලකා 2029 දිනන්න පුළුවන්ද?●කොළඹ ජල ගැලීම් වළකන්න ඒකාබද්ධ සැලසුමක්●NDB වංචාව: විගණන හවුල්කරුවන් දෙදෙනෙකුට මහ බැංකුවෙන් තහනමක්●
Top Ad
පුවත්

එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ප්‍රමාදයි: නීතිපතිට එන්තරවාසියක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ දරුණුතම පාරිසරික විනාශය වන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක නොවීම පිළිබඳව නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

Pasan

Pasan

November 10, 2026 • 11:45 PM

එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ප්‍රමාදයි: නීතිපතිට එන්තරවාසියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවට සඳහන් කරමින්, පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් නීතිපතිවරයා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර ඇත.
  • ජූලි තීන්දුවෙන් නීතිපතිට පැවරුණු වගකීම් 2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය.
  • දින 14ක කාලයක් සහ අධිකරණයට අපහාස කිරීමේ අනතුරු ඇඟවීමක් අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවස්ථා කිහිපයකදීම සිහිපත් කළද, ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙයි.
  • නීතිපතිවරයා වෙත යොමු කළ එන්තරවාසියේ ප්‍රධාන කරුණු තුනක් අඩංගුය: 1- ක්‍රියාමාර්ග වාර්තාව: අධිකරණ නියෝග අනුව මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳ විස්තර.
අකුරු ප්‍රමාණය (Font Size):

අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවට සඳහන් කරමින්, පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් නීතිපතිවරයා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර ඇත.

2025 ජූලි තීන්දුවෙන් නීතිපතිට පැවරුණු වගකීම්

2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය.

නෞකා අනතුර සම්බන්ධ අපරාධ සහ සිවිල් විමර්ශන පුළුල් කිරීමත්, වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් රටට හිමිවිය යුතු වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීමත් එහිදී නීතිපතිවරයා වෙත පැවරුණු ප්‍රධාන වගකීම් අතර වේ.

දින 14ක කාලයක් සහ අධිකරණයට අපහාස කිරීමේ අනතුරු ඇඟවීමක්

අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවස්ථා කිහිපයකදීම සිහිපත් කළද, ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙයි.

නීතිපතිවරයා වෙත යොමු කළ එන්තරවාසියේ ප්‍රධාන කරුණු තුනක් අඩංගුය:

1- ක්‍රියාමාර්ග වාර්තාව: අධිකරණ නියෝග අනුව මේ දක්වා ගෙන ඇති පියවර පිළිබඳ විස්තර.

2- ප්‍රමාදයට හේතු: ඉතිරිව ඇති කාර්යයන් සහ ප්‍රමාදයන්ට හේතු දින 14ක් ඇතුළත ලිඛිතව දැනුම් දීම.

3- නෛතික පියවර: නියමිත කාලය තුළ පියවර නොගන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීම.

වගවීම සහ පාරිසරික යුක්තිය

සාගර ජෛව පද්ධතියට සහ මෙරට ධීවර ප්‍රජාවට සිදුවූ අගතිය වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම කිසිදු පාර්ශ්වයකට පැහැර හැරිය නොහැකි බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ නීතිමය වගකීමෙන් බැහැර වීමට කිසිදු නිලධාරියෙකුට ඉඩක් නොමැති හෙයින්, අවශ්‍ය වුවහොත් නීතිපතිවරයාට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.


එන්තරවාසියේ සම්පූර්ණ පිටපත පහතින්

PDF
Express pearl LOD Official Document (PDF) • 683 KB

සබැඳි තවත් මූලාශ්‍ර:

පරිසර යුක්ති කේන්ද්‍රයේ නිල වෙබ් අඩවිය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...