The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු තරගාවලිය : ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය හෙට●තයියිට්ටි තිස්ස විහාරයේ කඨින පෙරහැර දා ඉඩම් හිමියන්ගේ විරෝධය●කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් - මහාචාර්ය රාජ් සෝමදේව●ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලයක්: චීන ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට●නිව්යෝක් ඓතිහාසික මැරතන් තරගය සාර්ථකව නිමකළ ශ්‍රී ලාංකිකයා●තරුණ මනසක පැතිරුණු හුදකලාව ‘සමීප ආගන්තුකයා’●ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු●ඉන්ධන මිල තීරණයට ස්වාධීන නියාමකයෙක් ඉල්ලා සිටියි●වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර●කුමන වනමැද රහසිගත රාත්‍රී සෆාරි ගැන බරපතළ චෝදනා●
Top Ad
පුවත්

තයියිට්ටි තිස්ස විහාරයේ කඨින පෙරහැර දා ඉඩම් හිමියන්ගේ විරෝධය

Awara

Awara

November 10, 2026 • 5:11 PM

තයියිට්ටි තිස්ස විහාරයේ කඨින පෙරහැර දා ඉඩම් හිමියන්ගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදිකර තිබෙන තිස්ස බෞද්ධ විහාරය ඉවත් කරන ලෙස බලකරමින් යළිත් වතාවක් විරෝධතාවයක් දියත් කර තිබේ.
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනේ හමුදා අනුග්‍රහයෙන් කන්කසන්තුරේ තයියිට්ටියේ ඉදිකර ඇති තිස්ස විහාරය ඒ දක්වාම ලියාපදිංචි කර නැති බවයි.
  • හමුදාවේ ස්ථාවරය සහ නාහිමියන්ගේ හෙළිදරව්ව “ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.
  • "කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදිකර තිබෙන තිස්ස බෞද්ධ විහාරය ඉවත් කරන ලෙස බලකරමින් යළිත් වතාවක් විරෝධතාවයක් දියත් කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවට හෙළි කර තිබුනේ හමුදා අනුග්‍රහයෙන් කන්කසන්තුරේ තයියිට්ටියේ ඉදිකර ඇති තිස්ස විහාරය ඒ දක්වාම ලියාපදිංචි කර නැති බවයි.

කඨින පෙරහැර අවස්ථාවේ එල්ල වූ විරෝධය


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තිස්ස විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම සඳහා 2026 නොවැම්බර් 9 වැනි සඳුදා දකුණේ සිට පැමිණි බෞද්ධ බැතිමතුන් රැසක් පෙරහරින් ගමන් කරන අවස්ථාවේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ හා එම පක්ෂයේ  මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ නායකත්වය යටතේ දෙමළ ජනතාව විරෝධතා දියත් කළ බවයි.

තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කිරීමට යුද්ධයෙන් අල්ලා ගන්නා ලද සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 16 ට අයත් අක්කර අට හමාරකට ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.

හමුදාවේ ස්ථාවරය සහ නාහිමියන්ගේ හෙළිදරව්ව

“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.

"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023  අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත්  සදහන් කර තිබේ.

දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් තයියට්ටියේ ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් ද සදහන් කර තිබේ.


වැඩිදුර තොරතුරු සහ වීඩියෝ දර්ශන සබැඳිය: විරෝධතාවයේ වීඩියෝ දර්ශන නැරඹීමට මෙතැනින් පිවිසෙන්න


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...