The Leader News
BREAKING
සාෆ් කුසලාන පාපන්දු තරගාවලිය : ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය හෙට●තයියිට්ටි තිස්ස විහාරයේ කඨින පෙරහැර දා ඉඩම් හිමියන්ගේ විරෝධය●කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් - මහාචාර්ය රාජ් සෝමදේව●ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලයක්: චීන ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට●නිව්යෝක් ඓතිහාසික මැරතන් තරගය සාර්ථකව නිමකළ ශ්‍රී ලාංකිකයා●තරුණ මනසක පැතිරුණු හුදකලාව ‘සමීප ආගන්තුකයා’●ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු●ඉන්ධන මිල තීරණයට ස්වාධීන නියාමකයෙක් ඉල්ලා සිටියි●වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර●කුමන වනමැද රහසිගත රාත්‍රී සෆාරි ගැන බරපතළ චෝදනා●
Top Ad
ක්‍රීඩා

සාෆ් කුසලාන පාපන්දු තරගාවලිය : ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය හෙට

Awara

Awara

November 10, 2026 • 5:45 PM

සාෆ් කුසලාන පාපන්දු තරගාවලිය : ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය හෙට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය බංග්ලාදේශය ට එරෙහිව හෙට ධකා අගනුවරදී පැවැත්වෙනවා.
  • ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ගෝල 2-2ක් ලෙස සම කර ගැනීමට භූතානය සමත් වීමත් සමග බංග්ලාදේශය දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සුරක්ෂිත කරගෙන සිටිනවා.
  • ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් හෙට (11) තරගය ජය ගත යුතු ම වනවා.
  • බංග්ලාදේශය ට ගෝල 1-0කින් පරාජය වූ භූතාන කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමත් සමග ඔවුන්ගේ අවසන්-පූර්ව බලාපොරොත්තු ප්‍රාණවත් වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය  බංග්ලාදේශය ට එරෙහිව හෙට ධකා අගනුවරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ගෝල 2-2ක් ලෙස සම කර ගැනීමට භූතානය සමත් වීමත් සමග බංග්ලාදේශය දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සුරක්ෂිත කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් හෙට (11) තරගය ජය ගත යුතු ම වනවා. පරාජයක් හෝ ජය-පැරදුමින් තොර අවසානයකදී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවීමට ඉඩ තිබෙනවා.

බංග්ලාදේශය ට ගෝල 1-0කින් පරාජය වූ භූතාන කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමත් සමග ඔවුන්ගේ අවසන්-පූර්ව බලාපොරොත්තු ප්‍රාණවත් වී තිබෙනවා. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ප්‍රතිඵලය මත භූතානයේ ඉරණම රැඳී තිබෙන්නේ ශ්‍රී ලංකාව හා භූතානය යන කණ්ඩායම් දෙක ම ලකුණක් බැගින් ලබා ගෙන සම තත්ත්වයේ සිටින බැවින්.

අබ්දුල්ලා අල්මුටයිරිගේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජයග්‍රහණය කිරීමේ දැඩි අදිටනින් පසුවනවා. දේශීය ක්‍රීඩකයින් සමග යුරෝපීය හා ඔ්ෂනියා ඩයස්පෝරාවක මිශ්‍රණයක් කෙරෙහි  විශ්වාසය තබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවන් වඩාත් රැඳී තිබෙන්නේ ඔලිවර් කෙලාට් සහ වසීම් රසීක්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩාව මතයි.

දැනටමත් අවසන් පූර්ව වටයට පිවිස සිටීම මෙන්ම සත්කාරක රට ලෙසින් තම භූමියේ වාසියෙන් ද ශක්තිමත්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම විශ්වාසය අතින් ඉහළ ස්ථානයක සිටිනවා. ශ්‍රී ලංකාව වඩාත් පීඩනයට හසුව සිටින කණ්ඩායමයි. බංග්ලාදේශයේ ක්‍රීඩාව පිටිය මැද ස්ථාවරත්වය හා ප්‍රතිප්‍රහාරයන් කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගී තිබෙනවා.

විනිසුරු තීරණ සමග ගැටුම

ශ්‍රී ලංකාව ට ඉතාම තීරණාත්මක හෙට තරගය පැවැත්වෙන්නේ භූතානය සමග පැවති තරගයේ ශ්‍රී ලංකාව ට අවාසි වන අයුරින් විනිසුරු දුන් අසාධාරණ තීන්දුවලින් කලකිරීමට පත් අල්මුටයිරි, “අවසාන තරගය බංග්ලාදේශය හා ඉන්දියාවට ඔන්න ඔහේ දීලා දාන්න” යනුවෙන් ප්‍රකාශ කර තිබෙන පසුබිමකයි.

භූතානය සමග පැවති තරගයේදී විනිසුරුවරයා ලබා දුන් වැරදි තීරණ දැඩි විවේචනයට ලක් කළ ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධාන පුහුණුකරුවා, මෙවැනි තත්ත්වයක් යටතේ සත්කාරක බංග්ලාදේශය ට එරෙහි තරගයේදී තම කණ්ඩායමට අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයේ තරග විනිශ්චයකටදැයි  ප්‍රශ්න කරයි.

වාණිජමය වාසියට ප්‍රමුඛතාව දෙන්නේ නම් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය හුදෙක්ම බංග්ලාදේශ - ඉන්දියා අවසාන තරගයක් පැවැත්විය යුතු බවට යෝජනා කරන අල්මුටයිරි, තරගාවලියේ මූලික වටයේ සිට VAR තාක්ෂණය යොදා ගත යුතු බවට තරයේ කියා සිටිනවා.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...