The Leader News
BREAKING
ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලයක්: චීන ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට●නිව්යෝක් ඓතිහාසික මැරතන් තරගය සාර්ථකව නිමකළ ශ්‍රී ලාංකිකයා●තරුණ මනසක පැතිරුණු හුදකලාව ‘සමීප ආගන්තුකයා’●ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු●ඉන්ධන මිල තීරණයට ස්වාධීන නියාමකයෙක් ඉල්ලා සිටියි●වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර●කුමන වනමැද රහසිගත රාත්‍රී සෆාරි ගැන බරපතළ චෝදනා●වෙරළබඩ පරිසර අර්බුදය හෙළිදරව්වට මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව අවස්ථාවක්●NDB රු. බිලියන 13.6ක අක්‍රමිකතාව: අදාළ EY විගණකවරුන්ට බැංකු තහනමක්●අම්පයර් මුළා කළ ‘ක්ලිකී පොන්ටිං’ ට දෙවසරක ක්‍රීඩා තහනමක්!●
Top Ad
පුවත්

ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලයක්: චීන ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට

Awara

Awara

November 10, 2026 • 3:35 PM

ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලයක්: චීන ජාතිකයන් සිව්දෙනෙක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික සහ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස එකතු කරමින් ජාත්‍යන්තර ජාන ජාවාරමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • නොවැම්බර් 09 වැනිදා අලුයම කලවාන, වැද්දාගල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් 2026 නොවැම්බර් මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කලවාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
  • මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, LU DINGTI (ගමන් බලපත්‍ර අංකය: EK6089193 - චීනය), GE HAOYU (ගමන් බලපත්‍ර අංකය: EL7028217 - චීනය), LIN XUTONG (ගමන් බලපත්‍ර අංකය: EN9864056 - චීනය) සහ GUO XIJIE (ගමන් බලපත්‍ර අංකය: EJ6049772 - චීනය) යන චීන ජාතිකයන්ය.
  • සැකකරුවන් සතුව තිබී ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත ගොළුබෙල්ලන් විශේෂ, වන්දන්, මකුළුවන්, ගෙම්බන්, කැන්ගරු කටුස්සන්, හූනන්, පළගැටියන්, සළබයන්, විවිධ කෘමීන්, පණුවන් ඇතුළු සත්ව නිදර්ශක 79කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව ශ්‍රී ලංකාවට ආවේණික සහ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සත්ව හා ශාක විශේෂ නීතිවිරෝධී ලෙස එකතු කරමින් ජාත්‍යන්තර ජාන ජාවාරමක නිරත වූ චීන ජාතිකයන් සිව්දෙනෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නොවැම්බර් 09 වැනිදා අලුයම කලවාන, වැද්දාගල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර,  සැකකරුවන් 2026 නොවැම්බර් මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කලවාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, LU DINGTI (ගමන් බලපත්‍ර අංකය: EK6089193 - චීනය), GE HAOYU (ගමන් බලපත්‍ර අංකය: EL7028217 - චීනය), LIN XUTONG (ගමන් බලපත්‍ර අංකය: EN9864056 - චීනය) සහ GUO XIJIE (ගමන් බලපත්‍ර අංකය: EJ6049772 - චීනය) යන චීන ජාතිකයන්ය.

සැකකරුවන් සතුව තිබී ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත ගොළුබෙල්ලන් විශේෂ, වන්දන්, මකුළුවන්, ගෙම්බන්, කැන්ගරු කටුස්සන්, හූනන්, පළගැටියන්, සළබයන්, විවිධ කෘමීන්, පණුවන් ඇතුළු සත්ව නිදර්ශක 79කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. මීට අමතරව, ශාක මුල්, කඳන්, මීවන පත්‍ර සහ දුර්ලභ ගුරුළු රාජ ශාක සාම්පලද ඔවුන් භාරයේ තිබී ඇත.

මෙම සතුන් මැරීමට සහ සංරක්ෂණය කර නිදර්ශක සැකසීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් ටියුබ්, විශේෂ උපකරණ, සර්පයින් ඇල්ලීමේ උපකරණ මෙන්ම ඔවුන් පැමිණි MG ZS වර්ගයේ රථයක් සහ ජංගම දුරකථන රැසක්ද වනජීවී භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ශාක හා සත්ත්ව සාම්පල සූක්ෂ්ම ලෙස පෙට්ටිවල අසුරා තිබී ඇති අතර සතුන් බොහොමයක් පණපිටින් සිට ඇත. 

අත්අඩංගුවට පත් චීන ජාතිකයින් 2026 නොවැම්බර් 05 සහ 06 දිනවල ගුවන් මගින් දිවයිනට පැමිණ ඇති අතර, සිංහරාජ වනාන්තරය ආශ්‍රිත වැද්දාගල බුත්කන්ද ප්‍රදේශයේ පිහිටි බර්ඩ් පැරඩයිස් නැමති සංචාරක නිකේතනයක නවාතැන් ගෙන, මෙම දුලබ ශාක සහ සතුන් එක්රැස් කර තිබේ. වනජීවී නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදුලි ආලෝක උපකරණ යොදාගෙන රාත්‍රී කාලයෙ සතුන් එක්රැස් කරමින් සිටියදීය. පසුව ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමර පරීක්ෂා කිරීමේදී අදාළ නිදර්ශක සහ සෙසු උපකරණ සොයාගෙන ඇති අතර ඒවා සූක්ෂ්ම ලෙස රටින් බැහැර කිරීමේ සැලසුමක් තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සිදුවීම පිටුපස ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රබල ජාන මංකොල්ලයක් පැවතිය හැකි බව වනජීවී නිලධාරීන් දැඩි ලෙස අනුමාන කරයි. 

වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක කේ.ඩී. නදීෂ මුතුකැලුම් මහතාට  ලැබුණු රහසිගත පෞද්ගලික තොරතුරකට අනුව, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ. 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ චෝදනා 34ක් යටතේ මෙම නඩුව පවරා ඇති අතර, අත්අඩංගුවට ගත් සත්ව නිදර්ශක හඳුනා ගැනීම සඳහා ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩිදුර පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත. සැකකාර චීන ජාතිකයන් නවාතැන් ගෙන සිටි හෝටලය, සිංහරාජ වනාන්තරය භාරව සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සතු එකක් බවද අනාවරණය වී තිබේ.


සෝබා කෝලියවංශ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...