The Leader News
BREAKING
ඔත්තුකාර තරු අනාගතයේ සිට එල්ල කරන ප්‍රහාරයට විමුක්ති යෝජනා කරන බොදු බල පිළිතුරු●ඉන්ධන මිල තීරණයට ස්වාධීන නියාමකයෙක් ඉල්ලා සිටියි●වන අලින් එලවන්න බියවැද්දීමද 'ගුණෙන් කීමද' සාර්ථක? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර●කුමන වනමැද රහසිගත රාත්‍රී සෆාරි ගැන බරපතළ චෝදනා●වෙරළබඩ පරිසර අර්බුදය හෙළිදරව්වට මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව අවස්ථාවක්●NDB රු. බිලියන 13.6ක අක්‍රමිකතාව: අදාළ EY විගණකවරුන්ට බැංකු තහනමක්●අම්පයර් මුළා කළ ‘ක්ලිකී පොන්ටිං’ ට දෙවසරක ක්‍රීඩා තහනමක්!●යෝගා සුවයෙන් රූපවාහිනී තිරයට අලුත් රිද්මයක් දුන් මල්ශ්‍රී●මහමග පැය ගණන් සිරවෙන නාගරිකයන්ට චීන අත්දැකීමෙන් විසඳුමක්?●ජාත්‍යන්තර සයිබර් ජාවාරම්කරුවන්ට ලංකාව තෝතැන්නක් වූ හැටි●
Top Ad
ක්‍රීඩා

අම්පයර් මුළා කළ ‘ක්ලිකී පොන්ටිං’ ට දෙවසරක ක්‍රීඩා තහනමක්!

Awara

Awara

November 10, 2026 • 11:20 AM

අම්පයර් මුළා කළ ‘ක්ලිකී පොන්ටිං’ ට දෙවසරක ක්‍රීඩා තහනමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග විනිසුරුවරයා මුළා කිරීම පිණිස ඇඟිලිවලින් ‘ක්ලික්’ හඬ නිකුත් කරමින් ආධුනික ක්‍රිකට් ලෝකයට අනවශ්‍ය අවධානයක් ගෙන ආ එංගලන්ත ක්‍රිකට් සමාජයීය ක්‍රීඩකයෙකුට දෙවසරක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.
  • සෝල්ට්බර්න් ක්‍රිකට් සමාජයේ දෙවැනි පෙළ කණ්ඩායම හා නෝටන් ක්‍රිකට් සමාජය අතර පැවති උතුරු යෝක්ෂ හා දකුණු ඩරම් ක්‍රිකට් ලීගයේ දෙවැනි කොටසේ තරගයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර යාමෙන් පසුව 38 හැවිරිදි ඩිවායින් අපකීර්තියට ලක්වුණා.
  • ෂබිර් කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය බවට විනිසුරු තීරණය කරද්දී පිතිකරුවාගෙන් පෙනෙන්නට තිබුණේ එම තීරණයට විරුද්ධ වීමක්.
  • North Yorkshire and South Durham ක්‍රිකට් ලීගය මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සෝල්ට්බර්න් කණ්ඩායම ඩිවායින් ට 2026 තරග වාරයේ ඉතිරි තරගවලට ක්‍රීඩා කිරීමේ තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරග විනිසුරුවරයා මුළා කිරීම පිණිස ඇඟිලිවලින් ‘ක්ලික්’ හඬ නිකුත් කරමින් ආධුනික ක්‍රිකට් ලෝකයට අනවශ්‍ය අවධානයක් ගෙන ආ එංගලන්ත ක්‍රිකට් සමාජයීය ක්‍රීඩකයෙකුට දෙවසරක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.

මේ තහනමට ලක්ව සිටින්නේ ‘ක්ලිකී පොන්ටිං’ යන විකට නාමයෙන් හැඳින්වෙන බ්‍රයන් ඩිවායින් (Brian Devine) නමැති ක්‍රීඩකයා.

සෝල්ට්බර්න් ක්‍රිකට් සමාජයේ දෙවැනි පෙළ කණ්ඩායම හා නෝටන් ක්‍රිකට් සමාජය අතර පැවති උතුරු යෝක්ෂ හා දකුණු ඩරම් ක්‍රිකට් ලීගයේ දෙවැනි කොටසේ තරගයක වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර යාමෙන් පසුව 38 හැවිරිදි ඩිවායින් අපකීර්තියට ලක්වුණා.

නෝටන් කණ්ඩායමේ පිතිකරු නෝමන් ෂබිර්ගේ පිත්ත පසුකර පන්දුව යන විට ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි ඩිවායින් ඔහුගේ ඇඟිලි ‘ක්ලික්’ කරන අයුරු එම වීඩියෝවෙන් දිස්වනවා. කඩුලු රකින්නා පන්දුව අල්ලා ගත් අතර පන්දු රකින්නන් එය දැවී යාමක් දැයි විනිසුරුගෙන් විමසුවා. ෂබිර් කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය බවට විනිසුරු තීරණය කරද්දී පිතිකරුවාගෙන් පෙනෙන්නට තිබුණේ එම තීරණයට විරුද්ධ වීමක්.

ඩිවායින්ගේ ප්‍රයෝගයෙන් බලාපොරොත්තු වුණේ පන්දුව පිත්තේ අග වැදෙන විට නිකුත් වන ශබ්දය ප්‍රතිනිර්මාණය කිරීමයි. හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං (Ricky Ponting) ට යොමුවෙමින් ඩිවායින් ට ‘ක්ලිකී පොන්ටිං’ (Clicky Ponting) යන විකට නාමය පටබැඳුනේ මේ ක්‍රියාවෙන් පසුවයි.


North Yorkshire and South Durham ක්‍රිකට් ලීගය මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සෝල්ට්බර්න් කණ්ඩායම ඩිවායින් ට 2026 තරග වාරයේ ඉතිරි තරගවලට ක්‍රීඩා කිරීමේ තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

මේ අනුව, ඩිවායින් ට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය යටතේ වන සියලු ක්‍රිකට් ක්‍රීඩාව  2028 වසරේ සැප්තැම්බර් 29 දක්වා තහනම් කර තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම, විනිශ්චය කිරීම, ලකුණු සටහන් කිරීම හා කණිෂ්ඨ කණ්ඩායම් කළමනාකරණය කිරීම මේ තහනමට අයත් වනවා.

සෝල්ට්බර්න් (Saltburn) ක්‍රිකට් සමාජයට ද දඬුවම් ගණනාවක් පමුණුවා තිබෙනවා. ඔවුන්ගේ දෙවැනි පෙළ කණ්ඩායම ලීගයේ දෙවැනි කොට‌සේ සිට තෙවැනි කොටස දක්වා පහත් කර තිබෙන අතර ඔවුන් 2027 තරග වාරය ආරම්භ කරනු ඇත්තේ ලකුණු 60ක අඩු කිරීමක් සමගයි. මීට අමතරව එම සමාජයට පවුම් 300ක දඩයක් ද නියම කර තිබෙනවා.

මේ සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙමින් දේශීය ලීගයෙන් ඔබ්බට ගියේ එම රැවටීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් හා ක්‍රිකට් ප්‍රජාවගේ ප්‍රතිචාරයන් ඇද ගනිමින්. දේශීය ක්‍රීඩා සමාජ තරගයක සිදුවූ අසාමාන්‍ය දැවී යාමක් ලෙසින් ඇරඹුනු දෙයක් අවසානයේදී ජාත්‍යන්තර මාතෘකාවක් බවට පත්වුණා.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...