The Leader News
BREAKING
කොළඹ ජල ගැලීම් වළකන්න ඒකාබද්ධ සැලසුමක්●NDB වංචාව: විගණන හවුල්කරුවන් දෙදෙනෙකුට මහ බැංකුවෙන් තහනමක්●ජපානයෙන් මෙරට මුහුදු ආරක්ෂාවට යෙන් බිලියනයක ප්‍රදානයක්●ශ්‍රීලනිප අර්බුදය සහ නායකයන් ගැන දුමින්දගෙන් හෙළිදරව්වක්●පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරගන්නැයි පැපුවා නිව්ගිනියා අගමැතිගෙන් යෝජනාවක්●ඕක්ලන්ඩ් නගරය මී මැසි රංචුවලින් වැසී යයි●ඡායාරූපයට පෙර අලි පරපුර සුරකින්න: රවීන්ද්‍රලාල් ඇන්තනීස්●සාෆ් කුසලාන පාපන්දු තරගාවලිය : ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය හෙට●තයියිට්ටි තිස්ස විහාරයේ කඨින පෙරහැර දා ඉඩම් හිමියන්ගේ විරෝධය●කාශ්‍යප පීතෘ ඝාතකයකු ලෙස නම් කිරීම ඉතිහාසයේ කළ ජුගුප්සා ජනක ම කුමන්ත්‍රණයක් - මහාචාර්ය රාජ් සෝමදේව●
Top Ad
පුවත්

NDB වංචාව: විගණන හවුල්කරුවන් දෙදෙනෙකුට මහ බැංකුවෙන් තහනමක්

බලපත්‍රලාභී බැංකුවල විගණනය සිදුකරන හවුල්කරුවන් දෙදෙනෙකු ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Pasan

Pasan

November 10, 2026 • 8:48 PM

NDB වංචාව: විගණන හවුල්කරුවන් දෙදෙනෙකුට මහ බැංකුවෙන් තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කරන විගණකවරුන් හා විශේෂඥවරුන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ පැහැදිලි කිරීමක් ඊයේ (10) නිකුත් කර තිබේ.
  • වැඩිදුර තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය පහතින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කරන විගණකවරුන් හා විශේෂඥවරුන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ පැහැදිලි කිරීමක් ඊයේ (10) නිකුත් කර තිබේ.

අර්න්ස්ට් ඇන්ඩ් යංග් හවුල්කරුවන්ට පැනවූ සීමා

නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව පීඑල්සී (NDB) විසින් එහි අභ්‍යන්තර වංචාවක් සහ අයහපත් ණය පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා (M/s Ernst & Young, Sri Lanka) ආයතනයේ විගණන භාර හවුල්කරු (Engagement Partner) සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු (Quality Assurance Partner) යන හවුල්කරුවන් දෙදෙනා වෙත බලපත්‍රලාභී බැංකුවල කිසිදු විගණන කාර්යයක් පැවරීමෙන් හා පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය වෙත දැනුම් දී තිබේ.

විගණන සමාගමේ පිළිගැනීමට බලපෑමක් නෑ

කෙසේ වෙතත්, මෙම සීමා කිරීම හේතුවෙන් 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණන ආයතනයක් ලෙස අර්න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනය වෙත ලබා දී ඇති පිළිගැනීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැහැදිලි කරයි.

වැඩිදුර තොරතුරු ඇතුළත් මාධ්‍ය නිවේදනය පහතින්

img-20261110-204128-mceclip0-PYTMDA.png

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...