The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත් සාධකය නොසලකා 2029 දිනන්න පුළුවන්ද?

Pasan

Pasan

November 10, 2026 • 10:00 PM

සජිත් සාධකය නොසලකා 2029 දිනන්න පුළුවන්ද?
AP Photo/Eranga Jayawardena

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ගැන තමයි මිනිස්සු දැන් කල්පනා කරන්නේ.
  • ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් පසුව නොව, මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සිටම මේ රටේ යම් දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගෙමින් තිබූ බවට ඉඟි පළවෙමින් තිබුණි.
  • ඇතැමුන් එය දුටුවද, බහුතරයකට එය පෙනුණේද නැත.
  • ක්‍රම ක්‍රමයෙන් අපි අර මුලින්ම කියූ අස්ථාවරත්වය රටේ ගොඩනැගෙමින් තිබූ අතර 2019 බලයට පැමිණි ගෝඨාභයට 2020 අවසන් වෙද්දී ‘වැඩකරන විරුවා’ භූමිකාවෙන් පසුබහින්න සිදුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි දැන් කරන්නේ මොකක්ද? ඒ ගැන තමයි මිනිස්සු දැන් කල්පනා කරන්නේ. කරන්න තිබූ මොහොතේ කළ යුතුම දේ කරන්න මිනිස්සුන්ට බුද්ධිය පහළ වුණේ නැත. ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් පසුව නොව, මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සිටම මේ රටේ යම් දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගෙමින් තිබූ බවට ඉඟි පළවෙමින් තිබුණි. ඇතැමුන් එය දුටුවද, බහුතරයකට එය පෙනුණේද නැත.

මහින්දගෙන් පසු පත්වූ කිසිදු ජනාධිපතිවරයකුට දෙවරක් තම ධුර කාලය සම්පූර්ණ කිරීමට හැකි වූයේ නැත. 2015 මහින්ද පරාජය කර ජනපති පුටුවට ආපු මෛත්‍රීට, තමන් කැමති වුණත්, අකමැති වුණත් දෙවැනි වරටත් ඡන්දය ඉල්ලන්න පුළුවන් පරිසරයක් රටේ උදාවී තිබුණේ නැත.

ක්‍රම ක්‍රමයෙන් අපි අර මුලින්ම කියූ අස්ථාවරත්වය රටේ ගොඩනැගෙමින් තිබූ අතර 2019 බලයට පැමිණි ගෝඨාභයට 2020 අවසන් වෙද්දී ‘වැඩකරන විරුවා’ භූමිකාවෙන් පසුබහින්න සිදුවිය. ගෝඨාභය ජනාධිපතිවරයාට මුහුණ දෙන්න සිදු වූ අභියෝග අතර කොරෝනා ව්‍යසනය ප්‍රධාන විය. ඒකේ අවසානය ලියැවුණේ ආර්ථික අර්බුදයකට රට තල්ලු කරමින්ය.

ඒ අර්බුදයේ කූටප්‍රාප්තිය වුණේ දැවැන්ත ජනතා අරගලයකි. අන්තිමට ගෝඨාභයට රටින් පැන යන්නත් සිදු වූ අතර, ඒ පිහිටෙන් කෙටි කලකට ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච රනිල්ට 2024 ජනාධිපතිවරණයේදී 3 වෙනියා දක්වා පසුබහින්න සිද්ධ වුණා.

img-20261110-213856-mceclip0-ZbiuDk.png

Tharaka Basnayake via Alamy

නොකියවූ ‘සජිත්’ සාධකය සහ පවුල් උරුමයෙන් ඔබ්බට

2019 සහ 2024 ජනාධිපතිවරණ දෙකේම අපි කතා නොකරපු, ඒත් අවධානය යොමු කළ යුතු පැහැදිලි කරුණක් තියෙනවා. ඒක කියවා ගන්න අපි බොහෝ දෙනෙකුට බැරිවුණා. ඒ තමයි ‘සජිත්’ කියන සාධකය.

මෛත්‍රීපාලගේ දියාරු නායකත්වය නිසා 2019 වෙද්දී දේශපාලන පක්ෂ හැම එකක්ම වගේ නන්නත්තාර වෙලා හිටියේ. එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රීපාල දොඹෙන් යන්නම දීලා තිබුණා. ඒකේ ප්‍රතිඵලය වුණේ, පක්ෂයේ නායකයා වෙච්ච රනිල්ට ආයෙත් ඡන්දයකට එන්න තරම් හයියක් තිබුණේ නැති එක.

2010, 2015 වගේම පොදු අපේක්ෂකයෙක් වටේ කැරකිලා ජනාධිපතිවරණ කාලසීමාව ගෙවා දමන්න 2019 ත් රනිල් උත්සාහ කළා. ඒත් ඒ සියලු අභියෝග කරට ගත්ත සජිත් බෙල්ල ගහලා යන්න හරි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට කොළපාට නායකයෙක් වෙනුවෙන් ඡන්දය දෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කළා.
තමන්ගේ පුතා වෙච්ච පමණින් සජිත්ව දේශපාලනිකව බව්තීස්ම කරන්න රණසිංහ ප්‍රේමදාසට ඕන වුණේ නෑ. ඇත්තටම සජිත් දේශපාලනයට එන්නේ පවුල් උරුමයක් විදිහට නෙමෙයි. අපි මේක හොඳින් තේරුම් ගන්න ඕන. තාත්තා ජනාධිපතිකමේ ඉන්නකොටම, නැත්නම් ඇමතිකමේ ඉන්නකොටම පාර්ලිමේන්තු එන පුතාලා ඉන්න රටක, සජිත් දේශපාලනයට එන්නේ තාත්තා මැරිලා අවුරුදු 7 කට පස්සේ.

May be an image of one or more people and people smiling

facebook.com/sajithpremadasa

ආර්. ප්‍රේමදාස ජනාධිපති කාලේ තමන්ගේ හිතවතුන්ට කියලා තිබුණා කියන්නේ, “මං මේකෙ ඉන්නකල් සජිත්ව ස්ටේජ් නග්ගන්න එපා. එයා දේශපාලනයට කැමති නම් මගෙන් පස්සේ එයාට ඒකට එන්න පුළුවන්” කියලා. ප්‍රේමදාසලා දේශපාලනය කරලා තියෙන්නේ එහෙමයි. තාත්තා ජනාධිපති නිසා සජිත්ටත් ඒ කාලේ ඕන ඕන සෙල්ලම් දාන්න තිබුණා. ඒත් සජිත් කවදාවත් ඒවා කළේ නෑ. එහෙම සජිත් දේශපාලනයට එනවට තාත්තා කැමති වුණෙත් නෑ.

ඇත්තටම සජිත් පාර්ලිමේන්තු එන්නේ 2000 මහමැතිවරණයෙන්. ඒ එන්නෙත් තාත්තා තරග කරපු මැද කොළඹින් නෙමෙයි, ඈත දුෂ්කර මිනිස්සු ජීවත්වෙන හම්බන්තොට රාජපක්ෂලාගේ කඳවුරෙන්ම තරග කරලා. එතැන් සිට සජිත් ගොඩනගා ගත්තේ ජනතා ආදරයයි. ඒ ආදරය තුළින් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකත්වය දක්වාම සජිත්ව මිනිස්සු අරන් ගිහින් ඉවරයි. 2000 ඉඳන් මේ දක්වා තිබුණ හැම මහ මැතිවරණයකින්ම වැඩිම මනාප ප්‍රතිශතයක් අරන් අඛණ්ඩවම පාර්ලිමේන්තු එන්න සජිත්ට පුළුවන් වුණේ අන්න ඒක නිසා.

කැපිලි කෙටිලි මැදින් නැගී සිටි විපක්ෂ නායකයා

අපිට පේන සත්‍යයක් තියෙනවා, ඒත් අපි ඒක එළිපිට කතා කරන්නේ නෑ. ඒ තමයි සජිත් මේ රටේ නායකයා වෙනවට එක්තරා කල්ලියක් කැමති නෑ කියන එක. ඒ කැපිල්ල සජිත් දේශපාලනයට ආපු 2000 ඉඳන්ම එයාට තිබුණා. ඒ අය 2019 ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට දෙන්න අදිමදි කරපු හැටි මේ රටේ මිනිස්සුන්ට අමතක නෑ. එදා 2019 ගෝඨාභය පරද්දන්න සජිත්ට හැකියාව තිබුණත්, ඒකට සහයක් දෙනවා වෙනුවට, එයාගේ කකුලෙන් අදින්න මිනිස්සු ඕන තරම් හිටියා.

කොටින්ම රාජපක්ෂලා පරද්දන්න 2010 ඉඳන් එකට වැඩ කරපු අනුරලා ප්‍රමුඛ ජවිපෙත් 2019 මාලිමාවක් අටවාගෙන ඡන්දයට ආවේ ගෝඨාභයට එරෙහිව නෙමෙයි, සජිත්ට එරෙහිවයි. සජිත් එක්ක වේදිකාවේ එකට හිටපු සමහර නායකයෝ, ගෙදර ඇවිත් සජිත්ව පරද්දන්න කුමන්ත්‍රණය කළා. ඒ සියල්ලේ ප්‍රතිඵලය වුණේ සජිත් පැරදුණ එක.

අවුරුදු 20ක්ම තමන්ගේ කකුලෙන් ඇද්ද අයට ඉන්න කියලා සජිත් 2020 සමගි ජන බලවේගය හදලා ඉල්ලපු පළවෙනි ඡන්දෙන්ම ආසන 54ක් අරන් මේ රටේ ප්‍රධාන විපක්ෂය බවට තමන්ගේ පක්ෂය පත්කර ගත්තා.

ගෝඨාභය ආණ්ඩුව පිස්සු කෙළිද්දී, රට වෙනුවෙන් ඉස්සරහට ආපු සජිත් කොරෝනා අස්සෙත් මිනිස්සුන්ගේ ජීවිත රකින විදිහ ගැන තමයි කතා කළේ. කොරෝනා රට තුළට නොඑන ක්‍රමවේදයක් හදන්න කියලා මුලින්ම සජිත් යෝජනා කරද්දී එදා ආණ්ඩුවේ මැති ඇමතිවරු සජිත්ට හිනා වුණා. සජිත් කොරෝනා එන්නත් ගේන්න කියද්දී,
සෞඛ්‍ය ඇමති ගිහින් ගඟට මුට්ටි දැම්මා; පැණි පෙව්වා.

කොරෝනා වැඩි වුණා, රට වැහුවා, ආර්ථිකය දවසින් දවස කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සජිත් කිව්වේ මේ ආර්ථිකය කඩාගෙන වැටෙන නිසා ඉක්මනට IMF එකට ගිහින් ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න, මිනිස්සුන්ට කෑම ටික, දරුවන්ට කිරිපිටි ටික, උයන්න ගෑස් ටික, ජීවත්වෙන්න බෙහෙත් ටික ගන්න අවශ්‍ය ඩොලර් ටික ඉල්ලගන්න කියලා. ඒත් එදා හිටපු උද්දච්ච පාලකයෝ සජිත්ට හිනා වුණා. එයාලා කිව්වේ අපිට IMF යන්න ඕන නෑ අපිට දේශීය යාන්ත්‍රණයක් තියෙනවා කියලා.

ඒත් අන්තිමට සජිත් කියපු දේ ඇත්ත වෙලා, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් රට වටේට නිර්මාණය වුණා. එදා සජිත් කියපු දේ ඇහුවනම් කොරෝනා වලින් ජීවිත ගොඩක් රැකෙන්නත් තිබුණා, ආර්ථිකය කළමනාකරණය කර ගත්තනම් අරගලයක් නොඑන්නත් තිබුණා. ගෝඨාභයට අවුරුදු පහේම ජනාධිපතිකමේ ඉඳලා ගෙදර යන්නත් තිබුණා.

893597766_1480116790846134_1195106780968579452_n.png?stp=dst-jpg_tt6&cstp=mx1600x1279&ctp=s1600x1279&_nc_cat=104&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeF1birc5Os40S3pjvYskGXe2vSkjVJ1P5Pa9KSNUnU_k_GPM29haeO70fp_oRdcME2I9zUPGkaSDwnht28IRROU&_nc_ohc=wUP2j0xC-VUQ7kNvwF6PcUy&_nc_oc=AdozmuBpgVbMaLn2TW_52l6H-6UQZSU-1LAAomusAroBri1HbdmWIZrnXYHGshKxXlNNaOR8DBoSVpEN71_dnJmw&_nc_zt=14&_nc_ht=scontent-bom5-2.xx&_nc_gid=Jphq0Fzv2uttT7lOXLVq1Q&_nc_ss=7b2a8&oh=00_AQRm3wM57j09pfkzbXAILcTB4ErbnihEMB8q0r0siD2q_g&oe=6AF905B6

facebook.com/sajithpremadasa

අරගලයේ ඇත්ත සහ ආචාර්ය හපුගොඩගේ පාපොච්චාරණය

කොහොමින් කොහොම හරි රට තුළ ඇතිවෙච්ච අරගලය ඇතුළේ ලොකු දේශපාලනයකුත් ක්‍රියාත්මක වුණා. ස්වාධීනව රට වෙනුවෙන් සැබෑ වුවමනාව ඇතිව අරගලයට බැස්ස බොහෝ පිරිසක් අතරේ හිටපු අතලොස්සක් වෙච්ච සැඟවුණු දේශපාලන ක්‍රියාකාරිකයන් අරගලය නොහිතපු පැත්තකට අරන් යන්න කටයුතු කළා. කොහොම වුණත් රටත්, ජනතාවත් ගැන යථාර්ථවාදීව හිතපු සජිත් අරගලයේ සැබෑ ජනතා බලාපොරොත්තුව එක්ක සමපාත වෙන එක, අවස්ථාවාදී පැලවත්තේ නළුවෝ පිරිසක් එකතු වෙලා නතර කළා.

අරගලය වෙලාවේ සජිත් හිටියේ මේ රටේ අසරණ පුරවැසියා එක්ක. සජිත් හැමවෙලාවෙම ගෝඨාභයට දාපු කොන්දේසිවල තිබුණේ රටවැසියා ඉල්ලපු ඉල්ලීම්. ගෝඨාභය ඉවත්වෙන දිනය, මැතිවරණයක් තියලා පුරවැසියට තමන්ට කැමති කෙනෙක් පත්කර ගන්න අවස්ථාව හදලා දෙන එක, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් බලාත්මක කරමින් ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම වගේ පුරවැසි ඉල්ලීම් තමයි සජිත් ඉදිරියට දැම්මේ.

එදා සජිත් අගමැතිකම භාරගත්තේ නෑ කියලා චෝදනා කරන අය කවුරුවත්, සජිත් ඒක භාරගන්න සූදානම් වුණේ ඒ පුරවැසි කොන්දේසි ඉටුකරන්න ගෝඨාභයව එකඟ කරගෙන කියන කතාව රටට කියන්නේ නෑ. එදා සර්ව පාක්ෂික අරගලකරුවෝ ඒකාබද්ධ වෙලා කොළඹ ජානකී හෝටලයේ තියපු විපක්ෂයේ පක්ෂ නායක හමුවට ඇවිත් දුන්න පොරොන්දුව තමයි සජිත් ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන්න හැදුවේ.

ඒත් අද සිදුවෙන දේ ගැන බලද්දී එදා තමන් හිතපු දේ වැරදියි කියලා බොහෝ දෙනෙකුට තේරෙන්න පටන් අරන්. අද ගොඩක් දෙනෙක් සජිත්ව අරගලය ඇතුළේ තියාගන්න තිබුණ මිනිහෙක් කියලා කියන්න පටන් අරන්.

ඒ ගැන කතා කරපු බොහෝ පිරිසක් අතරේ ආචාර්ය මහේෂ් හපුගොඩ විශේෂයි.

“අපිට තිබ්බේ අරගලය ඇතුළේ සජිත් තියාගන්න. අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම වෙන්න හේතුව වුණේ එකක් ඔහු ඒ වෙද්දී ‘සම්ප්‍රදායික දේශපාලනය‘ කියන දේ නියෝජනය කිරීම. අනික ඔහු අරගලයේ පරමාදර්ශ එක්ක සමපාත වෙන්නේ නැහැ කියන හැඟීම. හැබැයි සජිත් කියන මනුස්සයා කවුද කියන එක ගැන මේ ඉතාම මෑතක් වෙනතුරු පැහැදිලි සමාජ චිත්‍රයක් තිබ්බේ නැහැ කියලා මම හිතනවා. එකක් තමයි ඔහු බලය වෙනුවෙන් ‘ඕනෑම ගේමක්‘ ගහන කෙනෙක් නෙවෙයි කියන එක. ඒකට මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ කාලේ වගේම ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලෙත් සාධක තිබ්බා. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කළා නම් මම හිතනවා මේ වෙද්දි ඔහු රටේ නායකයා වෙලා කියලා.”

— ආචාර්ය මහේෂ් හපුගොඩ

 

2024 කුමන්ත්‍රණය සහ 2029 අලුත් අඛ්‍යානය

2024 ජනාධිපති සටන ආරම්භයේදී ඉදිරියෙන් හිටියෙත් සජිත්. ඇත්තටම තිබුණේ සජිත්ට ඡන්ද ටික වැටෙන්න විතරයි. අනුර රට වටේ විතරක් නෙමෙයි ලෝකේ වටේ ගිහිල්ලත් කැම්පේන් කළා. ඒත් සජිත් හිටියේ ගව් ගණනක් ඉස්සරහින්. ඒත් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තියෙද්දී ඉතාම සූක්ෂම විදිහට එක්තරා පිරිසක් විසින් ඒ ජයග්‍රහණය වැලැක්වුවා. ඒක විනාශ කළා කිව්වත් වරදක් නෑ.

තමන්ට කිසි ලෙසකින්වත් ජයගන්න බැරි ජනාධිපතිවරණයකට එදා රනිල් ඉදිරිපත් වුණේම අන්න ඒ පිරිසගේ ඉල්ලීමට. ඒ වගේම වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් සජිත්ට බෑ අනුරව පරද්දන්න කියලා රනිල් කිව්ව කතාවත් මේ රටේ දේශපාලන දිශානතිය වෙනස් කළා. රනිල්ට ඇත්තටම ඡන්දය ඉල්ලන්න වුවමනාවක් ඇති වුණේම සජිත් පරද්දන්න මිසක් එයාට දිනන්න නෙමෙයි කියන එක පුංචි දරුවෙකුට වුණත් දැන් තේරෙනවා.

දැන් යළිත් වටයකින් අලුත් අඛ්‍යානයක් එක්ක එන්න සූදානම් වෙන්නෙත් ඒ දේම තමයි. 'එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි එක්වුණත් 2029 දිනන්න බෑ' - ඒක තමයි ජනගත කරන අලුත්ම මතවාදය. දැන් ආයෙත් වටයකින් සජිත් වට්ටන්න දඟලන දැඟලිල්ලෙන්ම පේනවා අනාගතයේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ මොකක්ද කියන එක.

ඒත් දැන් සජිත් පරිණතයි. ඔහු කලබල වෙන්නේ නෑ. දැන් සජිත්ට තියෙන්නේ නායකත්වයේ ගමනක්. රට අලුත් පිම්මකින් ගොඩනැගීමට තිබුණ අපේක්ෂාව යථාර්ථයක් කරගන්න සජිත්ට දැන් පුළුවන්.

කුණාටුවෙන් පසු උදාවන අනාගතය

879429336_1676297180750057_7080100438389994827_n.png?stp=dst-jpg_tt6&cstp=mx1440x777&ctp=s1440x777&_nc_cat=109&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeEmZt5sd0znM45BFOmd1Nrm_zA3RPSd2cj_MDdE9J3ZyJG9NGdQCiISUPEgfhYQnYEB40X7d_ZesHQfqp9Q_sAq&_nc_ohc=3OGtxVP7AZEQ7kNvwHABBQu&_nc_oc=AdpAm9DNA3CjjGKNrhMfq8V31d7IfckQHepMNHmji7uLUiUNumiQB3ycsAw4n_LSNF7lF6g-9UpC-n1cFvwEzdPf&_nc_zt=14&_nc_ht=scontent-bom5-1.xx&_nc_gid=FG_tR0GZ3-EwlUoKWb8nhQ&_nc_ss=7b2a8&oh=00_AQTGWZDY-g9_KNHaAc-AvHVA9-SbH2QgdqENZ0GKmW4dQQ&oe=6AF91F9F

facebook.com/sajithpremadasa

අපි ආයෙත් මේ කතාවේ මුලට ගිහින් බැලුවොත් මෑත ඉතිහාසයේ පත්වෙච්ච ජනාධිපතිවරු තුන්දෙනාම දෙවැනි වරට තේරී පත්වුණේ නෑ. ඒකෙන් පේන්නේ රට හමුවේ තියෙන ආර්ථික, සාමාජීය, සංස්කෘතිකමය සහ පාරිසරික අභියෝගවල තරම. ඒ ගැටලුවලට විසඳුම් දෙන්න පහුගිය ජනාධිපතිවරු තුන්දෙනාම අසමත් වෙලා. ජනතාව කලබලෙන් තරහට ගහපු කතිරයෙන් පත්වෙච්ච අනුර ගැනත් දැන් ජනතාවට බලාපොරොත්තුවක් නෑ.

2015 ඉඳන් පත්වෙච්ච ජනාධිපතිවරුන්ට වගේම දැන් ඉන්න ජනාධිපතිවරයාටත් රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් නෑ. ඒ නිසා එකම විකල්පය සජිත්, ඒක තමයි ඇත්ත. 'නෑ නෑ සජිත් හරියන්නේ නෑ' කියලා කවුරු හරි කියනවා නම්, ඒ වෙනුවට ඉන්නේ කවුද කියන එකත් කියන්න ප්ලීස්. සජිත් එක්ක තරහ මිනිස්සු එහෙම කිව්වට සජිත් වෙනුවට විකල්පය කවුද කියන දේ ඒ අයටත් ප්‍රශ්නයක්.

බොරු බ්‍රෑන්ඩින්, බොරු සන්නාමකරණ වලට මේ රටේ මිනිස්සු දැන් අවස්ථා දෙකකදී රැවටුණා. දැන් මිනිස්සු හොයන්නේ බොරු නොකියන, ඇත්ත කියන, තමන්ගේ ආත්මයෙන්ම ඇත්ත දේශපාලනය කරන කෙනෙක්. ඒක යළිත් පරණ දේශපාලනය වෙත ගමන් කිරීමක් කියලා හිතන්න එපා; ඇත්තම දේ නම් ඒක සත්‍යය වෙත ගමන් කිරීමක්.

ඒ නිසා මෙතැන් සිට මේ රටේ වැදගත්ම දේශපාලනඥයා වීමේ වැඩිම ඉඩක් තියෙන්නේ සජිත්ට. නායකයෙක් හැටියට ඔහුගෙන් වෙනස්ම පුනරාගමනයක් දකින්න පුළුවන්. ඔහු විද්‍යාත්මක පර්යේෂණ සහ සොයාගැනීම් වෙත දක්වන කැපවීම, නව විද්‍යාත්මක සොයාගැනීම් එක්ක යන්න ඇති සූදානම වගේ බොහෝ දේ සජිත්ගෙන් දකින්න පුළුවන්. සජිත් කියන්නේ වෙනස්ම මිනිහෙක්. ලංකාවේ මිනිස්සු පහුගිය අවුරුදු ගණනෙම වෙනස් කෙනෙක් හෙව්වා, ඒත් සජිත් වෙනස් කියන දේ ඒ අයට හඳුනාගන්න බැරිවුණා.

සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් කියලා සජිත්ව පැත්තකින් තිබ්බ අයම දැන් සජිත් වෙනස් කියන දේ ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් අරන්. “මම වෙනස්, මම වෙනස්” කිය කියා කෑගහන්න උනන්දු නොවිච්ච සජිත්, වෙනස වටහා ගන්න මිනිස්සුන්ටම ඉඩ දුන්නා කියන දේ තමයි දැන් පේන්න තියෙන්නේ.

අලුත් වෙනසක් හොයපු අය 2019 දී ගෝඨාභයට දුන්නා, ඒක අසාර්ථක වෙද්දී අරගලයකට ගියා. අරගලයෙන් පස්සේ 2024 අනුරට දුන්නා. දැන් ඒ ගැනත් ඒ අයට දෙවරක් හිතන්න වෙලා. වැස්සට වඩා කුණාටු භයානකයි. හැබැයි කුණාටුවෙන් පස්සේ උදාවන හිරු හරිම සුන්දරයි, පියකරුයි.

(සටහන | බංගලා හන්දියේ ලියුම්කරු)


වැඩිදුර තොරතුරු සහ පසුබිම් විමසුම් සබැඳි:

ආචාර්ය මහේෂ් හපුගොඩ සමඟ කළ සාකච්ඡාව - YouTube

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල යූටියුබ් නාලිකාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් සාධකය නොසලකා 2029 දිනන්න පුළුවන්ද? | The Leader