The Leader News
BREAKING
මූල්‍ය බුද්ධි ඒකකයෙන් ආයතන දෙකකට ලක්ෂ 33ක දඩ●ආනයන සේවා සහ මුද්‍රිත පොත් පත් සඳහා වැට් (VAT) බදු නිදහස් කරයි●2014 ඌව සටනේ නියමුවෙකු වූ ජයන්ත කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි●ඕස්ට්‍රේලියාවේ වීසා සහ 'PhD උගුල' ගැන ප්‍රවීණ උපදේශකයෙකුගෙන් අනතුරු ඇඟවීමක්●ක්ෂේත්‍ර දීමනා කප්පාදුවට එරෙහිව රජයේ ඉංජිනේරුවන් වැඩවර්ජනයක●නකල්ස් සිදුවීමේ දැරිය සහ දරුවා රැකගැනීමට රජයෙන් මාසික ආධාර●සජබ පාලනයකින් 22 අහෝසියි; ආර්ථිකය හා පක්ෂ අභ්‍යන්තරය ගැන හර්ෂණ හෙළි කරයි●අයවැය යෝජනා ගැන විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක●අම්පාර වෙරළ තීරය ගොඩබිමට ගලයි: ගම්මාන රැසක් ජලයෙන් යටවේ●ගුවන් යානා 23කින් ශ්‍රීලංකන් ණය කන්ද ගෙවන්න බැහැ - රජය පිළිගනී●
Top Ad
පුවත්

මූල්‍ය බුද්ධි ඒකකයෙන් ආයතන දෙකකට ලක්ෂ 33ක දඩ

Awara

Awara

November 19, 2026 • 11:05 AM

 මූල්‍ය බුද්ධි ඒකකයෙන් ආයතන දෙකකට ලක්ෂ 33ක දඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කඩ කිරීම නිසා ආයතන දෙකකට රුපියල් ලක්ෂ 33ක පරිපාලන දඩ අයකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් කටයුතු කර තිබේ.
  • ,300,000.00) සමස්ත පරිපාලනමය දණ්ඩන අයකර ගෙන ඇත.
  • ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය විසින් අය කරගන්නා ලද මෙම දඩ මුදල් සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ අරමුදලට බැර කර තිබේ.
  • අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව, අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කඩ කිරීම නිසා ආයතන දෙකකට රුපියල් ලක්ෂ 33ක පරිපාලන දඩ අයකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් කටයුතු කර තිබේ.

2026 අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වූ වාර්තාකරණ ආයතන වෙතින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් රුපියල් ලක්ෂ තිස් තුනක (රු. 3,300,000.00) සමස්ත පරිපාලනමය දණ්ඩන අයකර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස කටයුතු කරන මූල්‍ය බුද්ධි ඒකකය විසින් අය කරගන්නා ලද මෙම දඩ මුදල් සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ අරමුදලට බැර කර තිබේ. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව, අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කර ඇත.

කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනයට මිලියන 3ක දඩයක්


මෙම කාලසීමාව තුළ වැඩිම දඩ මුදල පනවා ඇත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (Commercial Credit and Finance PLC) ආයතනය වෙත වන අතර එම දඩ මුදල රුපියල් මිලියන තුනකි (රු. 3,000,000.00). 2026 අප්‍රේල් 09 වන දින පනවන ලද මෙම දඩය අදාළ සමාගම විසින් 2026 අප්‍රේල් 21 වන දින ගෙවා නිම කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා (UNSCRs) යටතේ නිකුත් කරන ලද නම් කරන ලද ලැයිස්තුවලට ඇතුළත් පුද්ගලයන් හෝ ආයතන සමඟ පවතින හා නව ව්‍යාපාරික සබඳතා ඵලදායී ලෙස පරීක්ෂා කිරීමට සහ පද්ධති යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම දඩය නියම කර තිබේ. මූල්‍ය බුද්ධි ඒකකය මගින් සිදු කරන ලද ඉලක්කගත හදිසි එතැන් පරීක්ෂණයකදී මෙම අනුකූල නොවීම් හඳුනාගෙන ඇත.

නිව් නටාෂා ආයතනයට ලක්ෂ 3ක දඩයක්

මීට අමතරව, නිව් නටාෂා ප්‍රයිවට් ලිමිටඩ් (New Natasha Private Limited) ආයතනය වෙත රුපියල් ලක්ෂ තුනක (රු. 300,000.00) පරිපාලන දඩයක් පනවා තිබේ. 2026 මැයි 15 වන දින පනවන ලද මෙම දඩ මුදල 2026 ජූනි 03 වන දින ගෙවා ඇත.

රුපියල් ලක්ෂ දෙකක් හෝ ඊට සමාන විදේශ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු සඳහා පාරිභෝගිකයන් පිළිබඳ අනිවාර්ය තොරතුරු ලබා ගැනීමට, හඳුනාගැනීමේ ලේඛන පවත්වාගෙන යාමට, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් කිරීමට සහ එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තු සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම මීට හේතු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් සිදු කළ එතැන් පරීක්ෂණයකදී මෙම දුර්වලතා අනාවරණය වී මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කර ඇත. කෙසේ වෙතත්, මෙම සමාගම විසින් එක්සත් ජාතීන්ගේ ලැයිස්තුගත තැනැත්තන් සමඟ සෘජු ව්‍යාපාරික සබඳතා පවත්වා ඇති බවක් එම පරීක්ෂණයේදී අනාවරණය වී නොමැත.

(සටහන | ජේ. මුණසිංහ)

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) නිල නිවේදන මතු පළවේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...