ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය ප්‍රමුඛ ලංකාවේ සියලු පොත් ප්‍රකාශන ආයතන මෙන් ම පාඨක ප්‍රජාව ද දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ, 2027 අය වැය යෝජනාවලියේ මුද්‍රිත පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා අය කළ බද්ද ඉවත් කිරීමට යෝජනා කිරීම ය.
''මුද්‍රිත පොත් සහ අතපොත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්දට (VAT) යටත් වූ අතර, ආනයන පොත් එතෙක් පෙර සිට ම එම බද්දට යටත්ව පැවතුණා.
අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම අධ්‍යාපනය දුවා දරිය හැකි මිලකට ලබා දීමේ අවශ්‍යතාවය ද සලකා, අධ්‍යාපනය, ඇතුළු හා කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ලමා විත් හා රූප ඇල්බම පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අතපොත් මුද්‍රිත පොත්පත් මෙන්ම ආනයන පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අප යෝජනා කරනවා.''
එම යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කියවන ලද්දේ යට සඳහන් පරදි ය.
මෙහි දී 2024 ජනවාරි සිට VAT අය කළ මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය, එසේම ව්‍යායාම පොත් (exercise books) ඇතුළු සඳහන් කළ පොත් වර්ග VAT බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
විශේෂයෙන් නිල ඉංග්‍රීසි අයවැය කථාවේ මෙය ''Exemption of Exercise Books and Printed Books from Value Added Tax (VAT)'' (''අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීම'') ලෙස නම් කර ඇත.
තවත් වැදගත් කරුණක් වන්නේ ''මුද්‍රිත පොත් සහ වෙනත් ලිපි ද්‍රව්‍ය වෙනුවෙන් පනවා තිබූ බද්ද'' ට අමතරව පුවත්පත් මුද්‍රණයට භාවිත කරන newsprint ආනයනය සඳහා තිබූ 10% Ports and Airports Development Levy (PAL) ද 2027 ජනවාරි 1 සිට ඉවත් කිරීමට යෝජනා කර තිබීම ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිවන්ත වන අතර ම ඒළඹෙන සැප්තැම්බරයේ දී ලාංකීය පාඨක ප්‍රජාවට 2026වසරට වඩා අඩු මුදලකට පොත් මිලදී ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මෙහි දී අවධාරනය කළ යුතු ය.
ඒ සඳහා රාජ්‍ය අදාළ ක්‍රියාවලිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ක්‍රියාත්මක කළ යුතු අතර ප්‍රකාශන ආයතන ද තම වගකීම නොපිරි හෙළා ඉටු කළ යුතු ය. රාජ්‍යයක් වශයෙන් ගත් යහපත් තීරණය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකිවන්නේ එවිට ය.





