The Asian Review Sinhala විසින් සංවිධානය කරනු ලබන: ප්‍රියතා කුමාරි නානායක්කාර විසින් රචිත "එකේ පන්තියේ ගුරුතුමී" සහ නන්දනී රත්නායක විසින් රචිත "ඒ රෝස පැහැති ෆයිල් කවරය" කාව්‍ය සංග්‍රහ ද්විත්වය පිළිබඳ සාහිත්‍යමය කතිකාවක් එළඹෙන නොවැම්බර් 21 වෙනි සෙනසුරාදා උදෑසන 10ට ආසියානු සාහිත්‍ය නිවහනේ දී පැවැත්වේ.
මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 112වන සාහිත්‍ය සංවාද මණ්ඩපය යි.
ප්‍රියතා කුමාරි නානායක්කාර
මෙම කාව්‍ය සංග්‍රහ ද්විත්වය පිළිබඳව මූලික අදහස් දැක්වීම් සඳහා: සුනන්දා රණසිංහ, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ චන්දිමා කෝනාර සම්බන්ධ වීමට නියමිත අතරව සංවාදය මෙහෙයවීම භූෂන් ප්‍රදීප් විසින් සිදුකිරීමට නියමිත ය.
නන්දනී රත්නායක
මෙම කෘතිය පිළිබඳ සංවාදයට සහභාගී වීම සඳහා ඔබටත්, ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට පැමිණිය හැකි අතර, 'එකේ පන්තියේ ගුරුතුමී' සහ 'ඒ රෝස පැහැති ෆයිල් කවරය' කාව්‍ය කෘති පිළිබඳ සංවාදයට සම්බන්ධ වීමටත්, ඔබේ අදහස් බෙදාහදා ගැනීමට මෙන්ම, සොඳුරු සහෘද මොහොතක් ගතකිරීමටත්, ආසියානු සාහිත්‍ය නිවහන ඔබ සැමට ආරාධනා කරයි.



