The Leader News
BREAKING
පොලිස් විමර්ශන දෝෂ නිසා මරණ දඬුවම අහෝසි වෙයි●"සිහිනයට පියාපත්" කෘති ජනගත කිරීම දෙසැම්බර් මාසයේ දී●මරණ තර්ජනවල සිට 'ඔත්තු බලන තරු' දක්වා විමුක්ති සිනමාව●විජේවීරගේ දේශපාලන 'රස්තියාදුව' සහ ජවිපෙ ගමන් මඟ●DigiNote : 2027 ණය සැලැස්මෙන් ISB බැහැරට: දේශීය අරමුදලින් අධිවේගී මාර්ග දෙකක්●බදු ගෙවූ වැඩිහිටියන් ක්‍රෙඩිට් කාඩ් ණය උගුලක: රාජ්‍ය රැකවරණය කොතැනද?●ක්‍රිප්ටෝ මුදල්වලට බදු: නිශ්චිත මිනුම් දණ්ඩක් නැතිව අයකරන්නේ කෙසේද?●සමනල වසන්තය පිටුපස ඇති නොපෙනෙන දේශගුණික අනතුරු ඇඟවීම●අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට●අඩු මිල චීන අවන්හල් රැල්ල කොළඹ වෙළඳපොළ වෙනස් කරන හැටි●
Top Ad
සාහිත්‍ය - කලා

"සිහිනයට පියාපත්" කෘති ජනගත කිරීම දෙසැම්බර් මාසයේ දී

Nethmini

Nethmini

November 17, 2026 • 11:15 AM

"සිහිනයට පියාපත්" කෘති ජනගත කිරීම දෙසැම්බර් මාසයේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන තරුණ ලේඛක ලේඛිකාවන්ගේ කුලුඳුල් කෘතිය එළිදැක්වීමට සහය දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ' සිහිනයට පියපත් ' වැඩසටහන යටතේ මුද්‍රණය සඳහා සුදුසු කෘති මේ වන විට තෝරාගෙන අවසන් කර ඇත.
  • සිංහල සහ දෙමළ භාෂා මාධ්‍ය ද්විතවයෙන්ම ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් කළ කෘති ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇති අතර , ඒ අනුව සිංහල කෘති 15 ක් සහ දමිළ කෘති 07 ක් මුද්‍රණය සඳහා තෝරාගෙන ඇත.
  • මෙම කෘති තෝරාගෙන ඇත්තේ: කවි , නවකතා සහ කෙටිකතා යන සාහිත්‍ය අංශ තුන යටතේ ය.
  • මෙම කෘති මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ( 16 දා) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන තරුණ ලේඛක ලේඛිකාවන්ගේ කුලුඳුල් කෘතිය එළිදැක්වීමට සහය දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූ 'සිහිනයට පියපත්' වැඩසටහන යටතේ මුද්‍රණය සඳහා සුදුසු කෘති මේ වන විට තෝරාගෙන අවසන් කර ඇත.

සිංහල සහ දෙමළ භාෂා මාධ්‍ය ද්විතවයෙන්ම ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් කළ කෘති ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇති අතර, ඒ අනුව සිංහල කෘති 15ක් සහ දමිළ කෘති 07ක් මුද්‍රණය සඳහා තෝරාගෙන ඇත. මෙම කෘති තෝරාගෙන ඇත්තේ: කවි, නවකතා සහ කෙටිකතා යන සාහිත්‍ය අංශ තුන යටතේ ය.

මෙම කෘති මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16දා) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සඳහා එක් වූහ. ඊට අමතරව ඒ සඳහා තෝරාගත් තරුණ ලේඛක ලේඛිකාවන් සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී කෘති මුද්‍රණයට පෙර සිදු කළ යුතු අත්පිටපත් සංස්කරණය සහ සෝදුපත් බැලීම, පිටු සැලසුම් කිරීම සහ කවර නිර්මාණය ඇතුළු කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කෙරුණි.

එමෙන්ම, සිය නිර්මාණ මුද්‍රණයට සූදානම් කිරීමේ දී අවශ්‍ය වන තාක්ෂණික සහ නිර්මාණාත්මක සංශෝධන පිළිබඳව විනිශ්චය මණ්ඩලයේ ප්‍රවීණයින් සමග අදහස් හුවමාරු කරගැනීමට ද තරුණ ලේඛක ලේඛිකාවන්ට මෙහි දී අවස්ථාව හිමි විය.

තරුණ පරපුරේ සාහිත්‍ය නිර්මාණ සඳහා අවස්ථා පුළුල් කිරීමත්, නවක ලේඛක ලේඛිකාවන්ට සිය කුලුඳුල් කෘතිය පාඨක සමාජය වෙත ගෙන යෑමට අවශ්‍ය මූල්‍යමය සහ ආයතනික සහයෝගය ලබාදීමත් 'සිහිනයට පියපත්' වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

තෝරාගත් කෘතිවල මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අදාළ ලේඛක ලේඛිකාවන් සමග සම්බන්ධීකරණය කරමින් සිදු කෙරෙන අතර, එම කෘති දෙසැම්බර් මාසයේ දී ජනගත කිරීමට සැලසුම් කර ඇත.

 

මාධ්‍ය අංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...