The Leader News
BREAKING
මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් ගැන වාර්තාවක් කැඳවයි; නඩු භාණ්ඩයකටත් කොන්දේසි●යුරෝපීය ශෘංගාර ආදර කතා රැල්ලේ ලාංකීය නිර්මාණය 'පෙම්බර මධු'●BOI විගණනයෙන් ඩොලර් බිලියන 7.4ක හිඟයක්; ගෑස් මිල නවතන්න බැරි බව CAA කියයි●චීන කුඩා ව්‍යාපාර රැල්ල මැද ආහාර ප්‍රමිති පරීක්ෂාවට ලක්වෙයි●රතු කුරුස සංගමයෙන් 'RESPONSE' ඩිජිටල් අරමුදල් ව්‍යාපෘතියක්; තානාපති දනු●මත්තල අලාභය කෝටි 7,000ට නගී: නව ආයෝජකයින් සෙවීම ඇරඹේ●මහජන බැංකුව මාස නවයකදී බිලියන 52.1ක වාර්තාගත ලාභයක් ලබයි●ලොව පුරා ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් එකම ජාලයකට ගෙන එන GLEC ඇරඹේ●‘සෑන්ඩ්පේපර්’ අර්බුදය යළි ඇවිළෙයි: කමින්ස්ගේ ප්‍රකාශයට තෙවැනි ක්‍රීඩකයෙකුගෙන් අභියෝග●
Top Ad
සාහිත්‍ය - කලා

යුරෝපීය ශෘංගාර ආදර කතා රැල්ලේ ලාංකීය නිර්මාණය 'පෙම්බර මධු'

Nethmini

Nethmini

November 16, 2026 • 11:12 AM

යුරෝපීය ශෘංගාර ආදර කතා රැල්ලේ ලාංකීය නිර්මාණය 'පෙම්බර මධු'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැට හැත්තෑව දශක වෙනකොට බටහිර සිනමාවේ බොහොම අපූරු මෘදු ශෘංගාර චිත්‍රපටි රැල්ලක් ආරම්භ වුණා.
  • සාම්ප්‍රදායික සම්මතවලට අභියෝග කිරීම 1960 ගණන්වල ඇති වූ ලිංගික විප්ලවය හැත්තෑව දශකයේ චිත්‍රපටවල ලිංගිකත්වය නිරූපණය කිරීමට දිගටම බලපෑමක් වුණා.
  • ලිංගිකත්වය පිළිබඳ වඩාත් පැහැදිලි නිරූපණ සිනමා කතාවල කැපී පෙනෙන වෙනසක් කළ අතර , වෙනස් වන ආකල්ප , වික්ටෝරියානු තහනම ප්‍රතික්ෂේප කිරීම මේ තුළ කැපී පෙණුනා.
  • ලිංගික නිදහස පිළිබඳ ගවේෂණය , අත්හදා බැලීම් සහ සාම්ප්‍රදායික ගැහැනු පිරිමි භූමිකාවන් ප්‍රශ්න කිරීම ප්‍රමුඛ තේමාවන් වුණා.'බොබ් ඇන්ඩ් කැරල් ඇන්ඩ් ටෙඩ් ඇන්ඩ් ඇලිස්' ( 1969) වැනි චිත්‍රපටවලින් මෙය පැහැදිලි වෙනවා , එහි දී චරිතවල විවෘත සබඳතා ස්වරූප සහ ලිංගික නිදහස ගවේෂණය කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැට හැත්තෑව දශක වෙනකොට බටහිර සිනමාවේ බොහොම අපූරු මෘදු ශෘංගාර චිත්‍රපටි රැල්ලක් ආරම්භ වුණා. සම්මත ආදර ඉම් පන්නන මේ ආදර කතා සිනමාත්මකව ඉතා රමණීය යි. සැහැල්ලු යි. විල්ලෝඩි යි.

දුර්වල නිර්මාණයක ප්‍රචාරණ සාර්ථකත්වය

සුගතපාල සෙනරත් යාපා 

ක්ලොඩ් ෂැබ්රොල්, ප්‍රංශුවා ටෘෘෆෝ, එරික් රෝමර් යනාදි යුරෝපීයයන් මේ කාලයේ දී ම ප්‍රංශ නව රැල්ලේ සම්භාව්‍යවාදීන් වෙනකොට සරල ජනප්‍රිය මෘදු ශෘංගාර චිත්‍රපටත් යුරෝපය සහ හොලිවුඩය පුරාම පැතිරුණා. සුගතපාල සෙනරත් යාපා ගේ 'පෙම්බර මධු' කරන්නේ ඇන්තනී පී හෙට්ටිආරච්චි ගේ නව කතාවෙන්. යුරෝපීය ශෘංගාර සිනමා කතා අභාෂයන්ට සුළු වශයෙන් සමීප තැන් තිබුණත් 'පෙම්බර මධූ' කියන්නේ ගොඩාක් දුර්වල නිර්මාණයක්. කොච්චර දුර්වල වුණත් සින්දු යි සරාගී ජවනිකා කිහිපයකු යි අවසාන දෙකකු යි දාලා මාකටින් වැඩේ හරියට කරලා අපේ මෑස් ඔ්ඩියන්ස් එකට ෆිල්ම් එක සාර්ථක කර ගත්තා. මේ වෙනුවෙන් ප්‍රේමසිරි කේමදාස ගේ මාහැඟි ගීත දෙකක් නිර්මාණය වෙනවා. ස්වතන්ත්‍ර තනුවකට ඇන්ජි ගැයූ 'හද කිරුළු දරන්' කියන්නේ සාද අවස්ථා සිනමා ගීත පෙළේ සුවිශේෂී ගීතයක්. අනික සනත් නන්දසිරි ගයන 'මේ නිහඬ නිල් තලයේ' ගීතය යි. පී.එල්. ඒ. සෝමපාල ගේ හින්දි තනු අනුව සැකසූ මියුරු ගීත හතරකුත් 'පෙම්බර මධු' වෙනුවෙන් හැදුණා. මෙයින් ජෝති ඇන්ජි ගැයූ 'දෙනුවන් බිඟුන්' සහ වික්ටර් ගේ 'පෙම්බර මධූ මගේ' අතිශය ජනප්‍රිය වුණා. සම්මත පෙම අස්සේ අසම්මත රාගී පෙමකුත් ගතානුගතික පිරිමි පෙම්වතා වෙනුවට ආදරය ගැන නිදහස් උසස් මනසින් බලන පෙම්වතෙකුත් ඉන්නා පෙම්බර මධු කාලයේ හැටියට නියම ප්ලොට් එකක්.

 සාම්ප්‍රදායික සම්මතවලට අභියෝග කිරීම

1960 ගණන්වල ඇති වූ ලිංගික විප්ලවය හැත්තෑව දශකයේ චිත්‍රපටවල ලිංගිකත්වය නිරූපණය කිරීමට දිගටම බලපෑමක් වුණා. ලිංගිකත්වය පිළිබඳ වඩාත් පැහැදිලි නිරූපණ සිනමා කතාවල කැපී පෙනෙන වෙනසක් කළ අතර, වෙනස් වන ආකල්ප, වික්ටෝරියානු තහනම ප්‍රතික්ෂේප කිරීම මේ තුළ කැපී පෙණුනා. 'ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්' (1972), 'ඩීප් ත්‍රෝට්' (1972) යනාදි චිත්‍රපට ලිංගිකත්වය සෘජුව සහ ඇතැම් විට මතභේදාත්මකව විමසීම සිනමා තිර සීමා මායිම් බිඳ දැමුවා.මෙම චිත්‍රපට වේගයෙන් චලනය වෙන සමාජ සත්තා පිළිබිඹු කරමින් මිනිස් සබඳතා තුළ ආදරය සහ ලිංගිකත්වය පිළිබඳ වඩාත් අවංක ගවේෂණයක් සඳහා වේදිකාවක් වුණා. ලිංගික නිදහස පිළිබඳ ගවේෂණය, අත්හදා බැලීම් සහ සාම්ප්‍රදායික ගැහැනු පිරිමි භූමිකාවන් ප්‍රශ්න කිරීම ප්‍රමුඛ තේමාවන් වුණා.'බොබ් ඇන්ඩ් කැරල් ඇන්ඩ් ටෙඩ් ඇන්ඩ් ඇලිස්' (1969) වැනි චිත්‍රපටවලින් මෙය පැහැදිලි වෙනවා, එහි දී චරිතවල විවෘත සබඳතා ස්වරූප සහ ලිංගික නිදහස ගවේෂණය කරනවා. මිනිස් ඇසුර ගැන සියුම් අවබෝධය, සංකීර්ණ මානසිකභාව වැලඳ ගැනීම සහ ආදරය සහ ලිංගිකත්වය වටා ඇති සාම්ප්‍රදායික සම්මතවලට අභියෝග කිරීම මේ කාලයේ දී චිත්‍රපටවල සාමාන්‍ය දෙයක්. පෙම්බර මධු' හි සේනකට දෙවිදියක ආදරයක් හිමි වන අතර එය ආදරය කියා අපි තේරුම් ගන්නා කොටසටත් ලිංගිකය කියා අපි තේරුම් ගන්නා කොටසටත් අනුව ඩල්සි සහ මධු චරිත තුළ සංකේතීයව නිරූපණය වුණා.

ලාංකීය සිනමාවේ නැවුම් ශෘංගාර රූප රාමු

මතභේදයට ලක් වූ 'පෙම්බර මධු' හි සරාගී දර්ශන ලාංකීය සිනමාවට නැවුම් වූ ශෘංගාර රූප රාමුවලින් පිරී තිබුණා. විජය ගීතා පෙනී සිටි මෙම දර්ශන නිරුවත පිළිගැනීමට බය රැඟුම් පාලක මණ්ඩලයේ ගෝත්‍රික කතුරට අසු වුණා. මෙහි ගීතා දුහුල් ගවුමකින් සැරසී අසු පිට යන දර්ශන, මාන ගස් අතරින් නිරුවතින් දිව යන දර්ශන ද තිබුණා. ඒ වගේම ගීතා ඉහළින් සිට සුරතාන්තයෙහි යෙදෙන සිනමා රුවින් විචිත්‍ර දර්ශන ද තිබුණා. මෙම දර්ශනවල බටහිර සිනමාවේ නිරූපිත ලිංගිකත්වය ආදරය පිළිබඳ සිනමා සංවාදය ප්‍රකාශ වීම වැදගත් සලකුණක්. තිර රචනයේ සහ රංගනයේ තිබූ දරුණු අඩුපාඩු ගැන මීට වඩා සැලකිලිමත්ව ඉවත් කළ දර්ශන ද සමගින් චිත්‍රපටය අවසන් කළ හැකි වූවා නම් නිසැකවම 'පෙම්බර මධු' යනු යුරෝපීය ශෘංගාර ආදර කතා රැල්ලේ ලාංකීය නිර්මාණය විය යුතුව තිබුණා. බටහිර සිනමාව අදටත් සංකීර්ණ මිනිස් විෂය තේමා නිර්මාණශීලීව සිනමාව තුළ කදිමට කතා කරනවා. ඔවුන් ඒ තත්ත්වයට එන්නේ ඉතිහාසයේ සිට ගොඩනගාගත් නිර්මාණ නිදහසේ භුක්තිය විඳින නිසා යි.

උපුටා ගත්තේ Shiranjith Nishantha Gammudhuwattaගේ face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...