The Leader News
BREAKING
BOI විගණනයෙන් ඩොලර් බිලියන 7.4ක හිඟයක්; ගෑස් මිල නවතන්න බැරි බව CAA කියයි●චීන කුඩා ව්‍යාපාර රැල්ල මැද ආහාර ප්‍රමිති පරීක්ෂාවට ලක්වෙයි●රතු කුරුස සංගමයෙන් 'RESPONSE' ඩිජිටල් අරමුදල් ව්‍යාපෘතියක්; තානාපති දනු●මත්තල අලාභය කෝටි 7,000ට නගී: නව ආයෝජකයින් සෙවීම ඇරඹේ●මහජන බැංකුව මාස නවයකදී බිලියන 52.1ක වාර්තාගත ලාභයක් ලබයි●ලොව පුරා ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් එකම ජාලයකට ගෙන එන GLEC ඇරඹේ●‘සෑන්ඩ්පේපර්’ අර්බුදය යළි ඇවිළෙයි: කමින්ස්ගේ ප්‍රකාශයට තෙවැනි ක්‍රීඩකයෙකුගෙන් අභියෝග●උතුරේ දේශපාලන භූමිකාවක නිමාව: හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් දිවිසැරිය නිම කරයි●හිටපු කථානායක චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි●බදුල්ල, හම්බන්තොට පිළිකා විකිරණ යන්ත්‍ර තවමත් කාමරවලට සීමා වුණේ ඇයි?●
Top Ad
පුවත්

රතු කුරුස සංගමයෙන් 'RESPONSE' ඩිජිටල් අරමුදල් ව්‍යාපෘතියක්; තානාපති දනු

Nethmini

Nethmini

November 16, 2026 • 9:24 AM

රතු කුරුස සංගමයෙන් 'RESPONSE' ඩිජිටල් අරමුදල් ව්‍යාපෘතියක්; තානාපති දනු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රතු කුරුස මානුෂීය ව්‍යාපෘති සඳහා විද්‍යුත් පරිත්‍යාග සක්‍රිය කිරීමට Mastercard සහ Payable එක්වෙයි.
  • ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) මගින් ක්‍රියාත්මක කරනු ලබන මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය දැක්වීම පිණිස සංවිධානය කරන ලද නව විද්‍යුත් අරමුදල් රැස්කිරීමේ 'RESPONSE' මුලපිරීම නිල වශයෙන් දියත් කිරීම පසුගියදා (13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණි.
  • මෙම ඩිජිටල් ව්‍යාපෘතියේ විද්‍යුත් මූල්‍ය සහායකයන් (E-financial partners) ලෙස Mastercard සහ Payable යන ආයතන කටයුතු කරනු ලබයි.
  • යාපනයේ උපත ලබා පසුව කොළඹට පැමිණි දනු ඉන්නසිතම්බි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සිය නිර්මාණාත්මක හා මාධ්‍ය කාර්යයන් හි නිරත වන සුවිශේෂී කලාකරුවෙකු ලෙස අද ක්ෂේත්‍රයේ කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රතු කුරුස මානුෂීය ව්‍යාපෘති සඳහා විද්‍යුත් පරිත්‍යාග සක්‍රිය කිරීමට Mastercard සහ Payable එක්වෙයි.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS) මගින් ක්‍රියාත්මක කරනු ලබන මානවවාදී ව්‍යාපෘති සඳහා සහාය දැක්වීම පිණිස සංවිධානය කරන ලද නව විද්‍යුත් අරමුදල් රැස්කිරීමේ 'RESPONSE' මුලපිරීම නිල වශයෙන් දියත් කිරීම පසුගියදා (13) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මානුෂීය ව්‍යාපෘති සඳහා සහාය වීම වඩාත් පහසු, ප්‍රවේශ විය හැකි මෙන්ම අර්ථවත් කිරීමේ අරමුණින් ඩිජිටල් පරිත්‍යාග සඳහාම මෙම වැඩසටහන විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මෙම නව විද්‍යුත් අරමුදල් රැස් කිරීමේ වැඩසටහන මගින් දිවයින පුරා ක්‍රියාත්මක වන මානුෂීය මෙහෙයුම් සඳහා ඩිජිටල් පරිත්‍යාග ඔස්සේ සෘජුවම සහාය වීමට අවස්ථාව සැලසේ. මෙම ඩිජිටල් ව්‍යාපෘතියේ විද්‍යුත් මූල්‍ය සහායකයන් (E-financial partners) ලෙස Mastercard සහ Payable යන ආයතන කටයුතු කරනු ලබයි.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම දියත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ සහභාගි විය.

මානවවාදී සන්නාම තානාපති ලෙස දනු ඉන්නසිතම්බි ගිවිසුම් ගතවෙයි

ඩිජිටල් පරිත්‍යාග හරහා ක්‍රියාත්මක වන මෙම 'RESPONSE' ව්‍යාපෘතියේ මානවවාදී සන්නාම තානාපතිවරයා ලෙස මෙරට ජනප්‍රිය මාධ්‍යවේදියෙකු, රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, රංගන ශිල්පියෙකු, ගායකයෙකු මෙන්ම ලේඛකයෙකු වන දනු ඉන්නසිතම්බි නම් කරනු ලැබීය. යාපනයේ උපත ලබා පසුව කොළඹට පැමිණි දනු ඉන්නසිතම්බි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සිය නිර්මාණාත්මක හා මාධ්‍ය කාර්යයන් හි නිරත වන සුවිශේෂී කලාකරුවෙකු ලෙස අද ක්ෂේත්‍රයේ කටයුතු කරයි.

උත්සව සභාවේ දී දනු ඉන්නසිතම්බි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ නිල වශයෙන් සන්නාම තානාපති ගිවිසුම අත්සන් කළේය. මෙම අවස්ථාවට Mastercard Sri Lanka හි RESPONSE ව්‍යාපාර කමිටුවේ සභාපති සහ ගිණුම් කළමනාකරණ අධ්‍යක්ෂ ශෂි මදනායක, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ පරිපාලන මණ්ඩලයේ සාමාජික ආචාර්ය අමිල කංකානම්ගේ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීහු රැසක් එක්වූහ.

දශක ගණනාවක මානුෂීය සේවා ඉතිහාසය

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය යනු මෙරට මානුෂීය ක්ෂේත්‍රයේ සේවය කරන ස්වාධීන මානුෂීය සංවිධානයකි. 1936 වසර දක්වා දිවෙන දීර්ඝ මානුෂීය සේවා ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය, 1951 වසරේ දී රාජකීය ප්‍රඥප්තිය (Royal Charter) මගින් සංස්ථාගත කර ඇත.

එසේම, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩසඳ ව්‍යාපාරයේ (International Red Cross and Red Crescent Movement) සාමාජිකයෙකු ලෙස ද ශ්‍රී ලංකා රතු කුරුස සංගමය කටයුතු කරයි.


(සටහන | ජේ. මුණසිංහ)

වැඩිදුර තොරතුරු සහ නිල මූලාශ්‍ර සබැඳි (Source Links):

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නිල වෙබ් අඩවිය:

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නිල YouTube නාලිකාව:

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...