The Leader News
BREAKING
ළමා අපයෝජන චෝදනාවට වරදකරු වූ හිමිනමකට වසර 8ක සිරදඬුවම්●යෝජිත PSTA සහ PTA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයක්●ආර්ථිකය ස්ථාවර වුවත් ව්‍යාපාරිකයින් තවමත් බලා සිටින්නේ ඇයි?●දමිළ කිවිවර චේරන් දිවි සැරිය නිම කරයි●ඩොලර් මිලියන 500ක ඉලක්කය බිංදුවට; නාගරික සංවර්ධනයේ අර්බුදය හෙළිවේ●අතුරුදන් වූවන් හඳුනාගැනීමට DNA බැංකුවක්: BTF හදිසි ආයාචනයක්●වැලි කඩදාසි රහසට වසර 8කට පසු බැන්ක්‍රොෆ්ට් නිහඬතාව බිඳී: කමින්ස් දැඩි පීඩනයක●සිංගප්පූරුවේ විශ්‍රාම වයස 65 දක්වා ඉහළට: රැකියා සංස්කෘතිය වෙනස් වෙයිද?●2027 හොඳම සංචාරක ගමනාන්තය ඉන්දියාවයි; සැබෑ ඉන්දියාව කියවන කාන්තාවෝ●රාජකීය පෙන්ඩනයක් නිසා කරීනා කපූර්ට නීතිමය දැනුම්දීමක්●
Top Ad
පුවත්

යෝජිත PSTA සහ PTA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයක්

Awara

Awara

November 20, 2026 • 10:14 AM

යෝජිත PSTA සහ PTA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය විසින් හඳුන්වා දීමට යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTA) සහ දැනට පවතින 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' (PTA) වහා අහෝසි කරන ලෙස බලකරමින් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (19) පස්වරුවේ ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබිණි.
  • විධායක බලතල සහ රඳවා තබා ගැනීමේ කාලය ගැන නීතිඥ මතය අධිකරණ අධීක්ෂණයෙන් බැහැරව විධායකයට සහ ආරක්ෂක අංශවලට අසීමිත බලතල හිමිවන අයුරින් PSTA සහ ඒ හා සමාන අනෙකුත් පනත් කෙටුම්පත් සකස් කර ඇති බව නීතිඥ නුවන් බෝපගේ මෙහිදී පෙන්වා දුන්නේය.
  • එවැනි පසුබිමක පොලීසියට පැය 72ක් දක්වා සැකකරුවන් රඳවා තබා ගැනීමට බලය ලබාදීම බරපතළ අවදානමක් බව ඔහු සඳහන් කළේය.
  • නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විවේචන පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට පුරවැසියන්ට හිමිවන්නේ දින 14ක සීමිත කාලයක් පමණක් බව නීතිඥ තිස්ස වේරගොඩ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජය විසින් හඳුන්වා දීමට යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTA) සහ දැනට පවතින 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' (PTA) වහා අහෝසි කරන ලෙස බලකරමින් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (19) පස්වරුවේ ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබිණි.

සිවිල් සංවිධාන, නීතිඥවරුන්, ශිෂ්‍ය ව්‍යාපාර සහ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් එක්ව සංවිධානය කළ මෙම හමුවේදී, යෝජිත නව නීති මගින් පුරවැසි අයිතිවාසිකම්වලට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව පුළුල් විවේචන එල්ල විය.

විධායක බලතල සහ රඳවා තබා ගැනීමේ කාලය ගැන නීතිඥ මතය

අධිකරණ අධීක්ෂණයෙන් බැහැරව විධායකයට සහ ආරක්ෂක අංශවලට අසීමිත බලතල හිමිවන අයුරින් PSTA සහ ඒ හා සමාන අනෙකුත් පනත් කෙටුම්පත් සකස් කර ඇති බව නීතිඥ නුවන් බෝපගේ මෙහිදී පෙන්වා දුන්නේය.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම මෑතකදී සම්මත වූ සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත හරහාද කලාකරුවන්ගේ සහ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වූ ආකාරය ඔහු සිහිපත් කළේය.

හෝමාගම සහ වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මියයාමේ මෑතකාලීන සිදුවීම් මෙන්ම, ව්‍යාජ චෝදනා මත වරදකරු කළ පුද්ගලයෙකු අභියාචනාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කළ තීන්දුවක්ද ඔහු උපුටා දැක්වීය. එවැනි පසුබිමක පොලීසියට පැය 72ක් දක්වා සැකකරුවන් රඳවා තබා ගැනීමට බලය ලබාදීම බරපතළ අවදානමක් බව ඔහු සඳහන් කළේය.

නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විවේචන

පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට පුරවැසියන්ට හිමිවන්නේ දින 14ක සීමිත කාලයක් පමණක් බව නීතිඥ තිස්ස වේරගොඩ පැවසීය.

එම කෙටි කාලය තුළ පුරවැසියන් අධිකරණයට ගිය පසු නීතිපතිවරයා විසින් සංශෝධන ඉදිරිපත් කිරීම විධිමත් ක්‍රමවේදයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

පනතක් සම්මත වූ පසු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වුවද නැවත අභියෝගයට ලක් කළ නොහැකි බැවින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ගොඩනැගිය යුතු බව ඔහු අවධාරණය කළේය.

දේශපාලන සහ ශිෂ්‍ය ව්‍යාපාරවල ස්ථාවරය

සැකකරුවන් රඳවා තබා ගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීම වැනි සුළු සංශෝධනවලින් පනතේ මූලික ස්වරූපය වෙනස් නොවන බව ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කළේය. සංශෝධන වෙනුවට අදාළ පනත් සම්පූර්ණයෙන්ම හකුළා ගත යුතු බව ඔහු කියා සිටියේය.

අතීතයේදී PTA පනත හරහා මර්දනයට ලක්වූ පාර්ශ්වයන්ම අද වන විට ඊටත් වඩා දැඩි නීති ගෙනඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.

2022 වසරේ ඇතිවූ ආකාරයේ මහජන විරෝධතා ඉදිරියේදී පාලනය කිරීමේ අරමුණින් රජය මෙම නීති කඩිනමින් සම්මත කරගැනීමට උත්සාහ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව සඳහන් කළේය.

රජයේ ස්ථාවරය සහ ඉදිරි පියවර

යෝජිත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් එල්ල වී ඇති විවේචන සහ යෝජනා සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි මෙම හමුවේදී සඳහන් විය.

එම සාකච්ඡා සූදානම තිබියදීත්, අදාළ පනත් කෙටුම්පත් සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නා තෙක් සිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබූ පාර්ශ්වයන් අවධාරණය කළහ.

WhatsApp Image 2026-11-20 at 07.08.21
WhatsApp Image 2026-11-20 at 07.08.20 (1)
WhatsApp Image 2026-11-20 at 07.08.20
WhatsApp Image 2026-11-20 at 07.08.18 (2)
WhatsApp Image 2026-11-20 at 07.08.18 (1)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...