The Leader News
BREAKING
විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එක්කරන GLEC සමුළුවට දිලිත් ජපානයට●'දෝන කමලාවතී' පිළිබඳ කෙටි ම කෙටි සටහනක්●රත්නපුර අධිවේගී මාර්ගය හැදෙන්න ගිය හැටි●පරිත්‍යාග වෙනුවට හවුල්කාරිත්වයක් ඉල්ලූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ දැක්ම●ව්‍යාජ වීසා ජාවාරමකට හවුල් වූ හිටපු ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා සිරගෙට●නව ජේම්ස් බොන්ඩ් රොබට් පැටින්සන්: 007 සිනමා පරිච්ඡේදයේ හැරවුම් ලක්ෂ්‍යය●ඉන්දියානුවන්ට මැලේසියානු වීසා නිදහස අහිමි වෙයි: 2027 සිට නව නීති●ඇමරිකාවේ ටොයොටා සහ ලෙක්සස් රථ ලක්ෂ තුනක් යළි කැඳවයි●වාහන ණය සහ ලීසිං ගැනීමේදී තක්සේරු සෙල්ලම්වලට මහ බැංකුවෙන් තිත●කැසිනෝ ආයෝජන පිටුපස සැඟවුණු ඩොලර් සහ සමාජ පිරිවැය●
Top Ad
පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එක්කරන GLEC සමුළුවට දිලිත් ජපානයට

Nethmini

Nethmini

November 21, 2026 • 1:17 PM

විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එක්කරන GLEC සමුළුවට දිලිත් ජපානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් ජාලයකට සම්බන්ධ කිරීමේ අරමුණින් ආරම්භ කළ 'ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යවසායක සමාජයේ' (Global Lankan Entrepreneur Club - GLEC) පළමු විදෙස් සමුළුව හෙට (22) ජපානයේ සුකුබා (Tsukuba) නගරයේදී පැවැත්වේ.
  • මෙම සමුළුවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ප්‍රමුඛ සර්වජන බලයේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිස අද (21) ජපානයට ළඟා වූහ.
  • දිලිත් ජයවීරගේ සංකල්පයක් අනුව ගොඩනැගුණු මෙම ඩිජිටල් වේදිකාව පසුගියදා කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.
  • එහි පළමු ජාත්‍යන්තර පියවර ලෙස පැවැත්වෙන සුකුබා සමුළුවට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් රැසක් එක්වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් ජාලයකට සම්බන්ධ කිරීමේ අරමුණින් ආරම්භ කළ 'ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යවසායක සමාජයේ' (Global Lankan Entrepreneur Club - GLEC) පළමු විදෙස් සමුළුව හෙට (22) ජපානයේ සුකුබා (Tsukuba) නගරයේදී පැවැත්වේ.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ප්‍රමුඛ සර්වජන බලයේ ජ්‍යේෂ්ඨ නියෝජිත පිරිස අද (21) ජපානයට ළඟා වූහ.

මොකක්ද මේ GLEC ඩිජිටල් වේදිකාව?

පිටරටවල ව්‍යාපාර කරන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට එකිනෙකා හඳුනා ගැනීමටත්, ව්‍යාපාරික අවස්ථා හුවමාරු කර ගැනීමටත් නිර්මාණය කළ නවතම ඩිජිටල් අවකාශය මෙයයි.

මෙරට ආර්ථිකයට ශක්තියක් විය හැකි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දැනුම සහ ආයෝජන එකම තැනකට ගොනු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. දිලිත් ජයවීරගේ සංකල්පයක් අනුව ගොඩනැගුණු මෙම ඩිජිටල් වේදිකාව පසුගියදා කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

ජපානයෙන් ඇරඹෙන ගෝලීය වැඩපිළිවෙළ

මෙම ඩිජිටල් වේදිකාව පිළිබඳව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධායකයින් විසින් සැලසුම් කර තිබේ.

එහි පළමු ජාත්‍යන්තර පියවර ලෙස පැවැත්වෙන සුකුබා සමුළුවට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් රැසක් එක්වීමට නියමිතය.

ජපානයේ සිට දිලිත් ජයවීර දැක්වූ අදහස්

ජපානයට ළඟා වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දිලිත් ජයවීර, ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගන ආකාරය සියැසින් දැකබලා ගැනීම තම සංචාරයේ එක් අරමුණක් බව පැවසීය.


"ජපානය කියන්නේ තමන්ගේ සභ්‍යත්වයට සහ සංස්කෘතික ලක්ෂණවලට ගරු කරමින්, ඒ සභ්‍යත්වය තුළම ව්‍යවසායකත්වය ගොඩනගා ලෝකයේ ඉදිරියටම ආපු ආදර්ශමත් රටක්." - දිලිත් ජයවීර

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජපාන සංස්කෘතිය සමඟ මුසු වෙමින්, එරට භාෂාව ඉගෙන ගනිමින් ජපන් ජනතාව සමඟ එක්ව සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන බව ඔහු පෙන්වා දුන්නේය. එය රටට විශාල ආඩම්බරයක් බව පැවසූ ජයවීර, එම ව්‍යවසායකයින් හමුවී සංවාද කිරීම සඳහා හෙට සමුළුවට එක්වන බව සඳහන් කළේය.


(සටහන - ජපානයේ සිට පී. සමරවීර)

වැඩිදුර තොරතුරු:

දිලිත් ජයවීර මහතා ජපානයේදී මාධ්‍ය වෙත දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝ සබැඳිය  :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...