The Leader News
BREAKING
Top Ad
පුවත්

ලාංකික වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට

T

The Leader Desk

January 7, 2024 • 3:31 PM

ලාංකික වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෝර්වේ පොලීසිය විසින් ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ.
  • නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ රෝහලක් අසලදී පසුගිය අඟහරුවාදා (02) මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි දන්ත වෛද්‍යවරියකි.
  • ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත ඇය පැමිණිලි කීපයක්ම මීට පෙර ඉදිරිපත් කොට තිබී ඇත.
  • නෝර්වේ ඔස්ලෝහි පිහිටි විශාලතම රෝහල වෙත ගුවන් මගින් ඇය රැගෙන යාමෙන් පසු පසුගිය අඟහරුවාදා (02) මිය ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නෝර්වේ පොලීසිය විසින් ඊයේ (06) අත් අඩංගුවට ගෙන තිබේ.

නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ රෝහලක් අසලදී පසුගිය අඟහරුවාදා (02) මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි දන්ත වෛද්‍යවරියකි. ඇය විදේශගතවීමට පෙර යාපනයේ පදිංචිව සිටි තැනැත්තියකි.

ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත ඇය පැමිණිලි කීපයක්ම මීට පෙර ඉදිරිපත් කොට තිබී ඇත.

zdgrgtrඝාතනය සිදුවූයේ මෙම මෝටර් රථය තුළය…

 

එල්වෙරුම්හි ජීවත් වූ ඇය තම පවුලේ සාමාජිකයෙකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ දී ඇයට වෙඩි තබා ඝාතනය කර තිබිනි.

නෝර්වේ ඔස්ලෝහි පිහිටි විශාලතම රෝහල වෙත ගුවන් මගින් ඇය රැගෙන යාමෙන් පසු පසුගිය අඟහරුවාදා (02) මිය ගොස් ඇත.

ඇගේ පැරණි පෙම්වතා ද මෝටර් රථය තුළ බරපතල තුවාල ලැබ සිටි බව වාර්තාවේ.

ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇයගේ පැරණි පෙම්වතාට චෝදනා එල්ල වී ඇත.

ඔහු අවස්ථා කිහිපයකදී ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව දන්වා ඇය ඔහුට එරෙහිව තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

ඇය සෑම විටම ඇය සමඟ රැගෙන යාමට ආරක්ෂක අනතුරු ඇඟවීමක් ඉල්ලා සිටි බව පොලිසිය ද පිළිගෙන ඇති අතර, අනතුරු ඇඟවීම සඳහා ඇයගේ ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසිය බදාදා (03) විවේචන පිළිගත්තේය.

තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලීසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අත් අඩංගුවට ගෙන ඇති නෝර්වේ ජාතික තරුණයාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නෝර්වේ පොලිසිය පියවර ගෙන ඇත. මියගිය යාපනයේ පදිංචි වෛද්‍යවරියගේ දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබේ.

(lankasara.com - දිනසේන රතුගමගේ) 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...