leader s

සතිපතා පැවැත්වෙන නිත්‍ය අමාත්‍ය මණ්ඩල හමුවට පසුව දේශපාලන කැබිනට්ටුව (political cabinet) නමින් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක්

පැවැත්වීමට රජය තීරණය කර තිබේ. 

ආණඩුවේ මෙම තීරණය පසුගිය සතියේ කැබිනට්ටුවේදි ප්‍රකාශ කර ඇත.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් අමාත්‍යවරු පමණක් ඊට සහභාගි වෙති. 

දේශපාලන කැබිනට්ටුවට කිසිම රාජ්‍ය නිලධරයකු එක්කර නොගැනීම විශේෂයකි. 

 

මෙම දේශපාලන කැබිනට්ටුවේ සාකච්ඡා කරන්නේ ඉදිරි මැතිවරණ හා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් පමණි.

 

පළමු දේශපාලන කැබිනට්ටුවේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ ඉදිරියේ මැතිවරණ සමයක් එළඹෙන බැවින් ලබන ජූලි මාසයට පෙර දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු වගයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය දැඩි ලෙස කැපවිය යුතු වගද පෙන්වා දී තිබුණි.

මෙම දේශපාලන කැබිනට්ටුව ශ්‍රී ලංකාවට නවතම අත්දැකීමක් වුවද අතීතයේ මෙබඳු ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක විය. ඒ ආදර්ශය අනුව මෙම දේශපාලන කැබිනට්ටුව ස්ථාපිත කරන ලද බවද වාර්තා වෙයි.

(deshaya.lk I සංජීවිකා සමරතුංග)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්