The Leader News
BREAKING
Top Ad
පුවත්

දමිතාට එරෙහි CID ඉල්ලීම විසිකරයි

T

The Leader Desk

February 27, 2024 • 5:07 AM

දමිතාට එරෙහි CID ඉල්ලීම විසිකරයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (26 වැනිදා) ප්‍රතික්ෂේප කළේ ය.
  • අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ට අධිකරණයෙන් නොතිසි නිකුත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
  • ( aruna.lk - ඉෂාර රත්නකාර).
අකුරු ප්‍රමාණය (Font Size):

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (26 වැනිදා) ප්‍රතික්ෂේප කළේ ය.

අධිකරණය හමුවේ මෙතෙක් සැකකරුවන් ලෙස නම්කර නොමැති දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට නොතිසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කරන ලද ඉල්ලීම දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන අයුරින් නොතිසි නිකුත් කිරීමට ගියහොත් ඉදිරියේදී පාරේ යන අයටත් නොතිසි නිකුත් කරන්න ඉල්ලීම් කරයි.’’ යනුවෙන් ප්‍රකාශ කළේය.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා විසින් කොරියානු රටට පුද්ගලයන් යවන බව පවසා රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙසට කරන ලද දැනුම්දීම නොසලකා හැරීම හේතුවෙන් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ට අධිකරණයෙන් නොතිසි නිකුත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

(aruna.lk - ඉෂාර රත්නකාර)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...