රක්ෂිත බන්ධනාගාර ගත කළ ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ අද සිට දින හතරක් පුරා (24, 25, 26 සහ 27) ඉන්දියාවේ පැවැත්වෙන Commonwealth සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට නියමිතව සිට ඇත.
මතු පළ වන්නේ ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉන්දියාවෙන් ලද ආරාධනා පත සහ සමුළුවට අදාළ විස්තර ඇතුළත් පත්‍රිකාවේ සිංහල පරිවර්තනයක් මතු පළවේ.
2025 අගෝස්තු 12
සැන්ද්‍රා පෙරේරා මෙනවිය,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවැනි විධායක ජනාධිපතිතුමාගේ
පුද්ගලික ලේකම්,
හිතවත් සැන්ද්‍රා මෙනවියනි,
ජනාධිපතිතුමාගේ India - Sri Lanka Youth Conference Series හි සහභාගීත්වය සඳහා යාවත්කාලීන කරන ලද ගමන් විස්තරය අනුමත කිරීම පිළිබඳ ඉල්ලීම
මම Commonwealth Youth Council (CYC) හි Vice Chairperson - Partnerships & Resources ලෙස, අපගේ පෙර ආරාධනය පිළිගෙන India-Sri Lanka Youth Conference හි ප්‍රධාන අමුත්තා (Chief Guest) ලෙස ගරු ජනාධිපතිතුමන් පැමිණීමට තීරණය කිරීම පිළිබඳව මාගේ ගෞරව ස්තුතිය පළ කරමි.
අදාළ සමුළුව “Rising Together: Youth for 2047 & 2048” යන තේමාව යටතේ සංවිධානය කර ඇත.
ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් (යෞවන නියෝජිතයින්ගෙන් සහ අනුග්‍රාහකයින්ගෙන්) ලැබී ඇති බැවින්, CYC විසින් එම තේමාව යටතේ ප්‍රධාන සමුළු දෙකක් පවත්වා ගැනීමට තීරණය කර ඇත. එකක් හයිදරාබාද් (Hyderabad) නුවරද, අනෙක් එක කෝයිම්බතූර් (Coimbatore) නුවරද පැවැත්වෙන අතර, ඒ සෑම සමුළුවක්ම ඉතාමත් උසස් ආකාරයෙන් ගෞරවනීය ලෙස පවත්වනු ලැබේ.
ගරු ජනාධිපතිතුමන් එම සමුළු දෙකටම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට ප්‍රකාශයට පත් කර ඇත.
මූලික වැඩසටහනේ වෙනස්කමක් සිදු කිරීමට සිදු වී ඇති බැවින් ඒ ගැන අප කනගාටු වෙමු. ඒ අනුව, යාවත්කාලීන කළ ගමන් විස්තරය සඳහා ජනාධිපතිතුමන්ගේ අනුමැතිය ඉල්ලා සිටිමු.
යෝජිත ගමන් සහ වැඩසටහන
2025 අගෝස්තු 24
v ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් (SriLankan Airlines UL 177, 10:40 පැය – 12:35 පැය) යානයෙන් කොළඹ සිට හයිදරාබාද් වෙත ගමන් ආරම්භය.
v පැය 4 ක් පමණ විවේකය.
v සවස: හයිදරාබාද් නුවර යෞවන අමතර වැඩසමය.
2025 අගෝස්තු 25
v උදෑසන: ප්‍රධාන Youth Conference 1 (Hyderabad) ප්‍රධාන සමුළුව 1 හයිදරාබාද් – ගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.
v සවස : විවේකය.
v හයිදරබාද් සිට කෝයිම්බතූර් බලා පිටත්වීම. (IndiGo 6E 6646, 17:20 පැය – 18:45 පැය).
2025 අගෝස්තු 26
v උදෑසන: ප්‍රධාන Youth Conference 2 (Coimbatore) ප්‍රධාන සමුළුව 2 කොයිම්බතූර්– ගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.
v සවස : විවේකය.
2025 අගෝස්තු 27
v කෝයිම්බතූර් සිට කොළඹ වෙත පෙර අනුමත ගුවන් ගමන් මගින් චෙන්නායි හරහා
වෙනස්කමේ සාරාංශය
මුලින්ම තහවුරු කළ ගමන් මාර්ගය හා දැන් යෝජිත ගමන් මාර්ගය අතර වෙනස මෙසේය:
v පෙර තහවුරු කළ ගමන්: කොළඹ → චෙන්නායි (UL 127, 13:30 – 14:55 පැය) → කෝයිම්බතූර් (E 237, 17:25 – 18:30 පැය)
v නව යෝජිත ගමන්: කොළඹ → හයිදරාබාද් (UL 177, 10:40 – 12:35 පැය) → කෝයිම්බතූර් (6E 6646, 17:20 – 18:45පැය)
ගුවන් ගමන් කාලය සමාන වන අතර, නව සැලැස්මෙන් චෙන්නායිහී පෙර සැලසුම් කළ විරාමය අවලංගු වේ. එය නව වැඩසටහනට අනුකූලව ගැළපේ.
මෙම වෙනස්කම් මගින් ඇතිවන කිසියම් අපහසුතා සඳහා අපි හෘදයාංගමයෙන් කනගාටු වෙමු. ගරු ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සුවය සහ පහසුකම සුරක්ෂිත කිරීමට සියලුම කටයුතු කළ යුතු බවට අප අධිවිශ්වාසී වෙමු.
ඔබගේ පහසුව මත අනුමැතිය තහවුරු කරන ලෙස අප ඉමහත්ව බලාපොරොත්තු වෙමු, එවිට අවශ්‍ය සැපයුම් කටයුතු සිදු කළ හැක.
ගෞරවනීය ස්තූතියෙන්,
ගුර්දිත් සිං වෝරා
Vice Chair - Partnerships and Resources
Commonwealth Youth Council




