The Leader News
BREAKING
මහ බැංකුවයි රජයයි දෙපැත්තට අදින ඕස්ට්‍රේලියානු ආර්ථික අර්බුදය●කෙටි දුර බස් ගමන්වල 'තේ නැවතුම්' තහනම් වෙයි●අසංගගේ පෙත්සම ඉවතට: රිස්ලි ඉල්යාස්ට අධිකරණයෙන් සහනයක්●හිටපු ජනපති මහින්ද හදිසියේ දැඩි සත්කාරයට  ●ජිබූටි බෝට්ටු ඛේදවාචකය: දරුවන් 15ක් ඇතුළු 139කගේ සිහින මුහුදේ ගිලෙයි●භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නොබෙල් සාම ත්‍යාගලාභී නැවි පිල්ලේට BTF වෙතින් සුබපැතුම්●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ වර්ජනයේ - රෝහල් 31 ක සේවා ඇනහිටින ලකුණු !

T

The Leader Desk

August 21, 2025 • 4:00 AM

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ වර්ජනයේ - රෝහල් 31 ක සේවා ඇනහිටින ලකුණු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේය.
  • මෙම වර්ජන ක්‍රියාමාර්ගය ට අවතීර්ණය වීමට සිදුවූයේ බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය විසින් විනිවිදභාවයකින් තොරව අත්තනෝමතික ලෙසින් නිලධාරීන් රෝහල් වලින් ස්ථානමාරු කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බව ඔහු සඳහන් කළේය.
  • අදාල අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
  • සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව චානක ධර්මවික්‍රම කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පැවසුවේය.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය ට අවතීර්ණය වීමට සිදුවූයේ බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය විසින් විනිවිදභාවයකින් තොරව අත්තනෝමතික ලෙසින් නිලධාරීන් රෝහල් වලින් ස්ථානමාරු කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බව ඔහු සඳහන් කළේය.

අදාල අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව චානක ධර්මවික්‍රම කියා සිටියේය.

රෝහල් 31 ක් මෙම වර්ජනයට සම්බන්ධ වීමට නියමිතය..

ඊයේ රාත්‍රියේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ නායකයන් සහ බස්නාහිර පළාත් සභා රෝහල්වල සියලුම සාමාජිකයන්ගේ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව ඊයේ උදෑසන 8ට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයට බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල් සම්බන්ධ වීමත් සමග සම්පූර්ණ රෝහල් 31 ක් මෙම වර්ජනයට සම්බන්ධ වීමට නියමිතය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගේ ක්‍රියා කලාපයේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශවයන් මේ වන විට දැනුවත් කර ඇති බවත්, මෙම නිලධාරීනිය ඇතුලු සමහර නිලධාරීන් සෞඛ්‍ය වෘත්තිකයන් නොසන්සුන් කොට වර්ජන වලට පොළඹවා රෝගීන්, රජය සහ වෘත්තිකයන් අපහසුතාවයට පත්කරන බවත් එවැනි නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම රජය සතු වගකීමක් බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලපණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.

මෙම වර්ජනය අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් ලෙස ආරම්භ කරන අතර ජීවිතාරක්ෂක සේවා ආවරණය අදාල රෝහල් අධ්‍යක්ෂකවරුන් ලබා දෙන සහයෝගය මත සිදුකිරීමට සාමාජිකයන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

 ගැටලුවට විසදුමක් ලැබෙන ඕනෑම අවස්ථාවක වර්ජනය අවසන් කිරීමට සූදානම් අතර විසදුම් නොලැබේ නම් තවදුරටත් ක්‍රියාමාර්ග දැඩි කිරීමට මේ වන විට සියලු සාමාජිකයන් පූර්ණ එකගතාව ලබා දී ඇතැයි ද  චානක ධර්මවික්‍රම කියා සිටියේය.

වර්ජනය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ සේවා, CT පරීක්ෂණ සේවා, සියළු රසායනාගාර පරීක්ෂණ සේවා , ඖෂධ නිකුත් කිරීම, බෙදාහැරීම ඇතුලු පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ විසින් සිදුකරන සියළු සේවා අඩාල වීමක් සිදුවනු ඇත.


අප කළ විමසීමකදී  පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රමගේ හඬ පටය මතු පළවේ.




සබැඳි පුවත් ;

ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩ වර්ජනයක

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ වර්ජනයේ - රෝහල් 31 ක සේවා ඇනහිටින ලකුණු ! | The Leader