Norfund සහ Swedfund ණය පහසුකම හරහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ (MSME) ව්‍යාපාරවලට දැවැන්ත පණක්
දේශීය මිල අධික තැන්පතු මත යැපෙන මූල්‍ය සමාගම්වලට ඉදිරියේදී එල්ල වන දැඩි තරඟකාරී පීඩනය
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය (NBFI Sector) දැඩි තරඟකාරීත්වයකින් යුත් නව පරිච්ඡේදයකට අවතීර්ණ වෙමින් පවතින අතර, ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රාග්ධනය (International Capital) ලබාගැනීම සඳහා ආයතනයක මූල්‍ය ක්‍රියාකාරිත්වයට අමතරව එහි පාලන ප්‍රමිතීන්, තිරසාරභාවය සහ සමාජයීය බලපෑම (ESG Credentials) ප්‍රධාන සාධක බවට පත්වෙමින් තිබේ.
මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන එල්බී ෆිනෑන්ස් පීඑල්සී (LB Finance) සමාගම, ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය ආයතන වන Norfund සහ Swedfund සමඟ ඩොලර් මිලියන 35ක දීර්ඝකාලීන ණය ගිවිසුමකට එළඹීමත් සමඟ මෙම නව වෙළෙඳපොළ තත්ත්වය කරළියට පැමිණ ඇත.
පසු-අර්බුද වෙළෙඳපොළ සහ පීඩනය
ආර්ථික කඩාවැටීම හමුවේ ලංකාවේ මූල්‍ය සමාගම් දැඩි පොලී අනුපාත, අක්‍රීය ණය (NPL) ඉහළ යාම සහ ආයෝජක විශ්වාසය බිඳවැටීම නිසා ව්‍යාපාර පුළුල් කිරීම වෙනුවට තමන්ගේ ශේෂ පත්‍ර (Balance-sheet) බේරාගැනීමේ සටනක නිරතව සිටියහ.
සීමිත ලාභ සීමාවන්:
2026 වසරේ මැද භාගය වන විට සාර්ව ආර්ථිකය ස්ථාවර වුවත්, දේශීය වෙළෙඳපොළ තුළ තැන්පතු ලබාගැනීමට සහ ණය ගෙවිය හැකි ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට සමාගම් අතර පවතින සටන නිසා ණය ආන්තික (Lending Margins) බරපතළ ලෙස සීමා වී ඇත.
දේශීය ණයවල බර:
බොහෝ තරඟකාරී සමාගම් තවමත් දේශීය මිල අධික තැන්පතු සහ ණය මතම යැපෙද්දී, ජාත්‍යන්තරයෙන් අඩු පිරිවැය සහිත දීර්ඝකාලීන අරමුදල් ලබාගැනීමට හැකිවන්නේ දැඩි විමර්ශන (Due Diligence) ක්‍රියාවලියක් සමත් වන ආයතනවලට පමණි.
ඩොලර් මිලියන 35ක ආයෝජනය යෙදවෙන දිශාව
ගෝලීය ආයෝජකයන් පරිභෝජන ණය (Consumption Lending) වෙනුවට ඵලදායී නිෂ්පාදන ආර්ථිකයක් දෙසට අවධානය යොමු කර ඇත.
ඉලක්කගත ක්ෂේත්‍ර:
මෙම නව විදේශ අරමුදල් සෘජුවම යොදවනු ලබන්නේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs), දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය (Climate-smart agriculture) සහ පරිසර හිතකාමී වාහන සහන සැලසීම වෙනුවෙනි.
පරිමාණය සහ ප්‍රවේශය:
රුපියල් බිලියන 400 ඉක්මවන වත්කම් පදනමක් සහ කොළඹින් බැහැරව විහිදුණු ශාඛා ජාලය නිසා කලාපීය ආර්ථික වර්ධනය සහ මූල්‍ය ඇතුළත් කිරීම් (Financial Inclusion) සිදුකිරීමේ හැකියාව මෙවැනි ජාත්‍යන්තර සහන ණය ලබාගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
සෙසු මූල්‍ය සමාගම්වලට දෙන පණිවිඩය
මෙම ගනුදෙනුව තනි සමාගමක ජයග්‍රහණයකට වඩා සමස්ත මූල්‍ය ක්ෂේත්‍රයටම නිකුත් කළ පැහැදිලි සංඥාවකි. ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවට ගලා ඒමේදී, විදේශීය අරමුදල් අපේක්ෂා කරන සෙසු මූල්‍ය සමාගම්වලට ද තම ආයතනික පාලන ව්‍යුහයන් (Governance frameworks) ශක්තිමත් කිරීමටත්, පරිසර හා සමාජීය වාර්තාකරණයන් (Environmental and social reporting) ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීමටත් දැඩි ලෙස සිදුවනු ඇත. පශ්චාත්-අර්බුද වෙළෙඳපොළ තුළ මූල්‍ය ශක්තිය පමණක් ප්‍රමාණවත් නොවන අතර, තිරසාර උපායමාර්ග නොමැති සමාගම් ඉදිරියේදී ගෝලීය ආයෝජකයන්ගේ තේරීම්වලින් ඉවතට විසිවීමේ අවදානමක් පවතී.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Foreign Funding Signals New Reality for Sri Lanka Finance Companies




