ජාතීන් අතර ගැටුම් හටගැනීමට තුඩුදීමේ අවදානමක් ඇති බවට බිය පල කෙරුණු ජනාධිපති කාර්ය සාධක බලකායක්

නැගෙනහිර පළාතේ අණසක පැතිරවීමට පටන් ගැනීමත් සමග ප්‍රදේශවාසී ජනතාව නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබේ.

නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ බෞද්ධ භික්ෂුවක් නිල ඇඳුමින් සැරසුන හමුදා නිලධාරීන් පිරිවරා මඩකලපුව ප්‍රදේශයේ දෙමළ ජනයා හින්දු ආගමික පුද පිළිවෙත් පවත්වමින් දිවි ගෙවන භූමියකට හදිසියේම පැමිණීමෙන් පසු හටගත් නොසන්සුන්කාරී වාතාවරණය සතියකට වැඩි කලක් ගතවීත් සමහන් වී නොමැති බව ප්‍රදේශයෙන් වාර්තාවේ.



වෙල්ලාවලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වේත්තුචේනෙයි ග්‍රාමයේ පිහිටි සියවස් හතරකටත් වඩා පැරණි යයි සැලකෙන හින්දු කෝවිලක් සහිත පෞරානික පුද බිමට ජුලි 04 සෙනසුරාදා ඇතුල් වූ උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ අරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ භික්ෂුව ඇතුලු හමුදා භට කණ්ඩායමක් වැට මායිම් සම්බන්ධයෙන් සීමා පැනවීමට උත්සාහ කළ බවට ජුලි 05 ඉරිදා විරෝධතා පැවැත්වු ප්‍රදේශවාසී ජනයා චෝදනා කරති.

සිය පාරම්පරික දෙමළ භුමිය බොද්ධ විහාරස්ථාන ඉදිකිරීමට ලබා දෙන්නේදැයි ඔවුහු රජයේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියහ.

thilakawansaP

විරෝධතා භූමියට පැමිණි ඉහල පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේ එම භුමියේ පුරාවිද්‍යාත්මක උරුමය සම්බන්ධයෙන් තීරණ ගැනීමට තමන්ට හැකියාවක් නැති බව ය.

කෙසේ වෙතත්, දෙමළ හින්දු නියෝජනයක් නැති කාර්ය සාධක බලකායකට ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී නිගමනයකට එළඹීම අසීරු බව විරෝධතාකරුවන් සමග සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ රාසමානික්‍යම් ශානක්‍ය පොලිස් නිලධාරියාට පැහැදිලි කර දෙනු වීඩියෝ ගතවී තිබේ.

 

භික්ෂු ආධිපත්‍යය:

විරෝධතාව පැවැත්වෙන අතරවාරයේ එම ස්ථානයට හදිසියේම පැමිණි මහ මැතිවරණයට තරග වදින තවත් අපේක්ෂකයකු වන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන භික්ෂුව ජනතාව හමුවේ අවධාරණය කර සිටියේ තමන්ගේ අනුදැනුමකින් තොරව පිටස්තර භික්ෂුවකට එම පළාතේ බෞද්ධ ආගමික කටයුතු සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බවයි.

"මේ ගං ඇතුලේ පරීක්ෂා කරන්න එනවා නම් පන්සල් හදන්න එනවා නම් එන්න ඕනේ මම. වෙන හාමුදුරුවන්ට ඇවිල්ලා මේකේ පන්සල් හදන්න බෑ"

sumanarathanaඅන්‍ය ජාතික හා අන්‍යාගමික ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස කලහකාරීව හැසිරීමේ සිදුවීම් ගණනාවකට මීට පෙර මැදිහත් වූ සුමනරතන භික්ෂුව විසින් දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයාගේ ආරාධනයෙන් ආරම්භ කළ දේශනය ඡන්ද ප්‍රචාරක රැස්වීමක කතාවක් බවට පෙරලී යාමත් සමග ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ඔහුට එම ස්ථානයෙන් පිටව යෑමට සිදුවිය.

කාර්ය සාධක බලකායේ මැදිහත් වීම නිසා නොසන්සුන් බවට පත්වූ ගම්මානයට වෙල්ලාවලි ප්‍රාදේශිය ලේකම් එස්.ආර් රාහුලනායකී සමග වෙල්ලාවලි පොලිස් ස්ථානාධිපති පී.ඩබ්.එම් ආනන්දසිරි ජුලි 9 බ්‍රහස්පතින්දා දිනයේත් එම ග්‍රාමයට ගොස් තිබු අතර එහිදී විරෝධය දැක්වු කාන්තාවන් භූමියෙන් පිටව නොයන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තර්ජනය කර තිබේ.

 

වාර්ගික ගැටුම්:

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවන ලද කාර්ය සාධක බලකාය සිංහල බෞද්ධ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය ලබා දීම ජාතීන් අතර අලුතින් ගැටුම් ඇතිවීමට මග පාදනු ඇති බවට ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය ද පසුගියදා අනතුරු අඟවා තිබුනි.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විතව ජනාධිපතිවරයා විසින් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නය.

මිශ්‍ර ජාතිකත්වයකින් සැදුම්ලත් පළාතක් සම්බන්ධයෙන් කටයුුතු කිරීමට පත් කර ඇති එම බලකාය පාර්ලිමේන්තුවට වග නොකියන බහුතර සිංහල - බෞද්ධ, සෙබල හා පුරුෂ සාමාජිකත්වයකින් පිරී පැවතීම දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල බලවත් අවධානයට යොමුවී තිබුණි.

(© JDS -jdslanka.org )

සබැඳි පුවත් :

කාර්ය සාධක බලකායක් නිසා ජාතීන් අතර ගැටුම් ගැන බිය පළවේ

නැගෙනහිර පුරාවස්තු සංරක්ෂන බලකායේ සැබෑ අරමුණ? - සම්පන්දන් පෙන්වාදෙයි

නැගෙනහිර දී “ආගමික වෙනස්කම් නොසලකන” බව ආරක්ෂක ලේකම් කියයි

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය සොයන්න 'තනි සිංහල' ටාස්ක් ෆොස් එකක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්