The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

මන්නාරම දූපත ආශ්‍රිත සුළං බලාගාර ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ ප්‍රතිචාරය

T

The Leader Desk

November 4, 2025 • 5:22 PM

මන්නාරම දූපත ආශ්‍රිත සුළං බලාගාර ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ ප්‍රතිචාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතියක ටර්බයින යන්ත්‍ර
  • කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේ, "දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාපෘති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා.
  • එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබුවා.
  • රජයේ තීරණය ගැන මන්නාරම දූපත් වැසියන්ගේ අදහස් |  මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති දේවගැති අරුතන්දෙයි මාර්කස් මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් දේවගැතිවරයා සඳහන් කළේ, රජයේ තීන්දුව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මහජනතාවගේ කැමැත්තකින් තොරව මින් ඉදිරියට මන්නාරම දූපත ආශ්‍රිතව සුළං බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී අද (නොවැ: 04) පැවසීය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේ, "දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාපෘති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා. එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබුවා. අනෙක් ව්‍යාපෘති දෙක වන Windscape mannar (pvt) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතිය හා Heyles Fentons මෙගාවොට් 50ක සුළං ව්‍යාපෘතිය යන සුළං ව්‍යාපෘතිවල මෙහෙයුම් කටයුතු පිළිවෙළින් 2025 දෙසැම්බර් මස හා 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කොට ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිතුමා අදාළ බළධාරීන්ට දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කරනු ලදුව, ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලයට එකඟතාව ලබා දීමට තීරණය කළා. ඒ අනුව මේ සුළං විදුලි ව්‍යාපෘති තුනට අමතරව මෙතනින් එහාට මන්නාරම දූපත ආශ්‍රිතව මහජනතාවගේ කැමැත්තකින් තොරව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා," යනුවෙනි.

රජයේ තීරණය ගැන මන්නාරම දූපත් වැසියන්ගේ අදහස්

|  මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති දේවගැති අරුතන්දෙයි මාර්කස්
මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් දේවගැතිවරයා සඳහන් කළේ, රජයේ තීන්දුව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ය.

"මන්නාරම දූපත ආශ්‍රිතව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙසට අපි අඛණ්ඩව දින 94ක් විරෝධතාවල නිරත වෙනවා.

දැනට මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් එකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ව්‍යාපෘතිය හින්දා ජනතාවට විඳින්නට වෙලා තියෙන කරදර මෙච්චර යි කියලා කියන්න බෑ.

කැබ්නට් එක තීරණයක් ගත්තා කියලා කැබිනට් මාධ්‍ය හමුවේදී තීන්දු ප්‍රකාශ කළා. රජයේ මේ තීරණය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. ඒකෙන් කියන විදියට අපිට තේරෙන්නේ 2025 දෙසැම්බර් මාසයේදී හා 2026 දෙසැම්බර් මාසයේදී තවත් ව්‍යාපෘති දෙකක් කරන්න අවසර දීලා තියෙනවා කියලා. ඒ ව්‍යාපෘති දෙකට පස්සේ ව්‍යාපෘති කරන්න ජනතාවගේ කැමැත්ත අනුව කටයුතු කරනවා කියන අදහස තමයි මාධ්‍ය හමුවේ කියපු කතාවෙන් තේරෙන්නේ.


දැන් ඇති කරලා තිබෙන සුළං බලාගාර වැඩසටහන හින්දා වැසි සමයේ අපජලය මුහුදට ගලාගෙන ගිය ඇළ මාර්ග සියල්ල වහලා තිබෙන්නේ. ඒ හින්දා වැසි කාලයට ජලය ගලාගෙන යන්න ක්‍රමයක් නෑ. වැසි ජලය ගලාගෙන යන්න තැනක් නැති හින්දා වැස්සට එකතු වෙන වතුර ඔක්කෝම ගම්වල රැඳිලා තිබෙනවා. ඒ හින්දා වැසි සමයේ ජල ගැලීම් ඇති වීම සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා.

ඒත් එක්කම මේ සුළං බලාගාර හින්දා සංචාරක කුරුල්ලන්ට මන්නාරම දූපතට පැමිණීමේ ගැටලු ඇති වෙලා තිබෙනවා. කුරුල්ලන් පැමිණීමේ මාර්ග අවහිර කරලා තමයි සුළං බලාගාර හදලා තිබෙන්නේ. ඒ හින්දා සංචාරක කර්මාන්තයටත් බලපෑම් ඇති වෙලා තිබෙනවා. කුරුල්ලන් පැමිණෙන කාලයට දූපතට එන සංචාරකයෝ කුරුල්ලන් නැති නිසා දැන් එන්නේ නැති තත්ත්වයක් තමයි ඇති වෙලා තිබෙන්නේ.


මේ වගේ ගැටලු රැසක් දැනට තිබෙන සුළං බලාගාර හින්දා ඇති වෙලා තිබෙනවා.තවත් සුළං බලාගාරයක් ඇති වුණොත් මේ ප්‍රශ්න දෙගුණ වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඒ හින්දා නැවත සුළං බලාගාර වැඩසටහනක් මන්නාරම දූපතට ඕනේ නෑ," යනුවෙන් මාර්කස් දේවගැතිවාරයා සඳහන් කළේ ය.


රජයේ තීරණය ගැන ජනතාව සතුටු වෙනවා ද?

මන්නාරම දූපතේ ප්‍රදේශවාසියෙකු වන එන්. රමේෂ්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසුවෙමු.

ඔහු පැවසුවේ, "මන්නාරමට තවත් කිසිදු සුළං බලාගාරයක් අවශ්‍ය නැති" බව ය.

"ගත්තා කියන ඔය කැබ්නට් තීරණය ගැන අපිට යම් සතුටක් තිබෙනවා. ඒත් ඔය කියන කතාව හරහා අපේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබිලා නෑ කියලා තමයි මට හිතන්නේ. අපි ඉල්ලීම් කළේ නැවත කිසි ම සුළං බලාගාර වැඩසටහනක් මන්නාරම දූපතට එපා කියලා.

ඒත් දැන් කැබිනට් හමුවේදී කිව්ව කරුණු අනුව කියනවා 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී එක ව්‍යාපෘතියකුයි, 2026 දෙසැම්බර් මාසයේ තවත් ව්‍යාපෘතියකුයි ආරම්භ කරනවා කියලා. ඊට පස්සේ තමයි ව්‍යාපෘති ආරම්භ කරන්න ජනතාවගේ කැමැත්ත අනුව කටයුතු කරනවා කියලා. අපිට තවත් කිසි ම සුළං විදුලි ව්‍යාපෘතියක් මන්නාරමට එපා කියලා තමයි දූපතේ ජනතාව ඉල්ලීම් කරන්නේ."

"අපි අද 94 වෙනි දවසට තමයි විරොධතාවයේ නිරත වෙන්නේ. මේ දවසේ අපිට ශුභ ආරංචියක් ඇවිල්ලා තිබෙනවා. ඒක මන්නාරමේ දාන්න හිතාගෙන ඉන්න සම්පූර්ණ සුළං බලාගාර නතර කරනවා කියලා, ආණ්ඩුවේ කැබිනට් පේපර්වලින් අපිට එළි කරලා තිබෙනවා. ඒ නිසා අපේ මේ සටනට සම්පූර්ණ සහයෝගය දුන්න අපේ සිංහල සහෝදරවරුන්ට, මන්නාරම දිස්ත්‍රික්කයෙන් පිට ඉඳලා අපිට සහයෝගය දැක්වූ සියලු දෙනාට මේ අවස්ථාවේදී අපි ස්තූති කරනවා"

මන්නාරම ජනතාව නැගූ විරෝධය

මන්නාරම දූපත ආශ්‍රිතව සුළං විදුලි ව්‍යාපෘති ඉටු නොකරන ලෙසට බල කරමින් ජනතාව අඛණ්ඩව පසුගිය සමයේ මන්නාරම නගරයේ විරෝධතාවල නිරත වූහ.

නව සුළං බලාගාර ඉදිකිරීමට අවශ්‍ය ටර්බයින් ඇතුළු උපකරණ රැගෙන එන අවස්ථාවන්හිදී අදාළ උපකරණ රැගෙන ඒම වළක්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අවස්ථා කිහිපයදී විරෝධතා පැවැත්වූහ.

අදාළ අවස්ථාවන්හි පොලිසිය හා මහජනතාව අතර උණුසුම් තත්ත්වයන් හටගත් අතර, එක් අවස්ථාවක පුද්ගලයින් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

සුළං බලාගාර ඉදිකරන්නේ කොහේ ද?

සුළං බලාගාර ව්‍යාපෘති ඉදිකිරීම සම්බන්ධයෙන් මන්නාරම සිවිල් කමිටු ක්‍රියාකාරී ඒ.පී.එෆ්. රෝජන් මෙලෙස පැවසුවේ ය.

මන්නාරම දිස්ත්‍රික්කයේ මේ වන විට සුළං ව්‍යාපෘතිය කිහිපයක් ආරම්භ කරන්න පිඹුරුපත් සකස් කරලා තිබෙනවා. අලුතෙන් සුළං ව්‍යාපෘති හදන්න ටර්බයින් මේ දවස්වල මන්නාරමට ගේනවා. අපි ඒකට කැමති නෑ.

අලුතෙන් ම මන්නාරම තාරාපුරම් ඉදලා තාල්පාඩු දක්වා වෙරළ සීමාවේ සුළං ටර්බයින් හතරක් හදන්න තමයි ඔය ටර්බයින උපකරණ මේ දවස්වල ගේනවා කියන්නේ.

ඒ වගේ ම මන්නාරම කොන්තෙයිකුඩිඉරිප්පු හා පේසාලෙයි ප්‍රදේශයේ තවත් සුළං බලාගාර ව්‍යාපෘති දෙකක් කරන්න පස් පරීක්ෂා කිරීමක් කරලා තිබෙනවා. ඒ වගේ ම තවත් බහු ජාතික සාමාගම් කිහිපයක් මන්නාරම දූපතේ සුළං බලාගාර හදන්න යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා කියලා ආරංචි යි.

මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මන්නාරම දූපතේ සුළං බලාගාර නැවත ඇති කරන්නේ නෑ කියලා. දැන් මේ තිබෙන ව්‍යාපෘතියට අමතරව තවත් සුළං බලාගාර දෙකක් ඇති වුණොත් ඉදිරියේදී මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ගැටලු රැසක් ඇති වෙයි කියන බයට තමයි, අපි මේ විරෝධතා පවත්වමින් ව්‍යාපෘති නතර කරන්න කියලා ඉල්ලීම් කරන්නේ."

| බීබීසී සිංහල

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...