leader s

නල්ලූර්හි අලුතින් ඉදිකළ ලෝකඩ පිළිරුව විවෘත කරමින් 39 වැනි සැමරුම උතුරේ මහත් හරසරින් අරඹයි


යාපනය නගර සභාවේදී පක්ෂ විපක්ෂ සහභාගිත්වයෙන් උපහාර: 1987 අහිංසාවාදී අරගලය යළි සිහිපත් කෙරේ


දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන්ගේ අලුත් පිළිරුවක් ස්ථාපිත කරමින් ඔහු අනුස්මරණ කිරීම උතුරෙන් ආරම්භ කර තිබේ.

මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන්  සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරය තිබු ස්ථානයේ ලෝකඩින් නිර්මානය කළ අලුත් පිළිරුවක් ස්ථාපිත කරමින් ඔහුගේ මරණයේ  39 වැනි සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 15  වැනි අගහරුවාදා  පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 

TH 2
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ද සහභාගීත්වයෙන්  පැවැති  අනුස්මරණය උත්සවය හිටපු විමුක්ති කොටි සටන්කාමියකු වන මුතුකුමාර් මනෝහරන් විසින් උදෑසන 9.45 ට පහන් දල්වමින් ආරම්භ කර තිබුනේ තිලීපන් උපවාසය ආරම්භ කළ වේලාව සිහිපත් කරමිනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය මහ නගර සභාවේ අද දිනයේ සභා වාරය ආරම්භ කිරීමට මත්තෙන් එහි සභිකයන්ද සභා ගැබ තුළ ත්‍යාගී තිලීපන්ගේ ඡායාරූපයක් තබා පුෂ්පදීප උපහාරයකින් ඔහු අනුස්මරණය කළ බවයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුද ඊට එක්ව තිබේ.  එහි මුල්ම පහන දල්වා ඇත්තේ යාපනය මහනගර සභාවේ නගරාධිපතිනි විවේකානන්දරාජා මදිවදනිය.

 

th 3
තේරාවිල් මහවිරු සුසාන භුමියේ අනුස්මරණ කමිටුව විසින් ද අද පෙරවරුවේ මුලතිව්, තේරාවිල් මහවිරු සුසාන භුමිය අසල දී ත්‍යාගී තිලීපන් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.

පසුගිය කාලය පුරාම දකුණේ අරගලකරුවන් පෙළීමට යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 39 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.


TH 4
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්