The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමෙරිකානු ජනාධිපතිවරණය : අවසන් ප්‍රතිඵලය පමා වේ! - මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ වීථි බසිති.

T

The Leader Desk

November 4, 2020 • 2:41 PM

ඇමෙරිකානු ජනාධිපතිවරණය : අවසන් ප්‍රතිඵලය පමා වේ! - මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ වීථි බසිති.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇන්තනි සර්චර්, උතුරු අමෙරිකාව සම්බන්ධ බීබීසී වාර්තාකරුගේගේ විමසුම
  •   අවසාන ප්‍රතිඵලය තවමත් නොදන්නා නමුත්, මැතිවරණ රාත්‍රියෙන් පසුව පැහැදිලි වන්නේ එක්සත් ජනපදය දැඩි ලෙස බෙදී ගිය ජාතියක් ලෙස දිගටම පවතින බවය.
  •   ඒ වෙනුවට ගැටුම් තත්වයන් නිර්මාණය වෙමින් පවතින අතර, මෙම විශේෂිත මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුන් වුවද දේශපාලන ගැටුම දිගටම පවතිනු ඇත.
  •     2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ අපගේ සජීව වාර්තාකරණයට සම්බන්ධ වන ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු!
අකුරු ප්‍රමාණය (Font Size):
 
 කලක් 'බියකරු සිහිනයක්' ලෙස පෙනුණු සිද්ධියක් මේ වන විට සිදුවෙමින් පවතී. 
 
තමා ජයග්‍රාහී මාවතක යන බව බයිඩන් පවසන අතර ට්‍රම්ප් ඡන්ද වංචා සහ මැතිවරණ සොරකම් පිළිබඳ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරයි.
 
එය මත ගැටුම් සහ දිග්ගැස්සුනු අධිකරණ සටනක පෙර නිමිති වන අතර, එයින් පරාජය වන කණ්ඩායමේ ආධාරකරුවෝ තමන් වංචාවකට ලක් වූයේය යන හැඟීමෙන් කෝපය පළ කිරීමට ඉඩ තිබේ.
 
අවසාන ප්‍රතිඵලය තවමත් නොදන්නා නමුත්, මැතිවරණ රාත්‍රියෙන් පසුව පැහැදිලි වන්නේ එක්සත් ජනපදය දැඩි ලෙස බෙදී ගිය ජාතියක් ලෙස දිගටම පවතින බවය.
 
ඇමරිකානු ඡන්දදායකයින් කිසිදු අර්ථවත් ආකාරයකින් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර නොමැත. 
 
එමෙන්ම, ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආකාරයෙන් අනුමත කිරීමක් ද සිදු වී නොමැත.
 
ඒ වෙනුවට ගැටුම් තත්වයන් නිර්මාණය වෙමින් පවතින අතර, මෙම විශේෂිත මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුරුන් වුවද දේශපාලන ගැටුම දිගටම පවතිනු ඇත.
 
 
 
මේ දක්වා සිදු වූයේ කුමක්ද?
 
US 1 
2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ අපගේ සජීව වාර්තාකරණයට සම්බන්ධ වන ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු!
 
ප්‍රකාශිත ඡන්ද තවමත් ගණන් කරමින් පවතින අතර, ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත නමුත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් යන දෙදෙනාම පවසන්නේ ඔවුන් ජයග්‍රහණය ලබමින් බවය.
 
 
 
මැතිවරණ රාත්‍රිය දිග හැරුණු ආකාරය:
 
ජනපති පදවියට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270 ලබා ගැනීමේ තරඟයේදී ජෝ බයිඩන් 224 ක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
 
එමෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප් 213 ක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
 
කෙසේනමුත්, මෙම මැතිවරණයේ ප්‍රතිඵලය තීරණය වනු ඇත්තේ මිලියන ගණනක් තැපැල් ඡන්ද මත වන අතර, ඒවා ගණන් කිරීම තවමත් ආරම්භ කර නොමැත.
 
තීරණාත්මක පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මිඩ්වෙස්ට් සහ රස්ට් බෙල්ට්හි ප්‍රතිඵල මඟින් තියුණු තරගයක් පෙන්නුම් කර තිබේ. 
 
මිචිගන් සහ විස්කොන්සින් වැනි නාගරික හා තදාසන්න ප්‍රදේශවලින් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂය අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලය දින ගණනක් යන තුරු දැනගැනීමට නොහැකි විය හැකිය.
 
එක්සත් ජනපද වේලාවෙන් සවස් කාලය වන විට ධවල මන්දිරයේ සිට නිරවද්‍යතාව ඔප්පු නොකළ 'ජයග්‍රහණය' ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ තැපැල් ඡන්ද වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කරන බවය. 
 
නමුත් මේ සම්බන්ධයෙන් ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.
 
උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය හැකි තාක් නිරවද්‍ය කිරීමට උත්සාහ කළ අතර, තවමත් තහවුරු වී නොමැති ජයග්‍රහණය ගැන ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ නීත්‍යානුකූලව ලබා දුන් ඡන්ද සියල්ල ගණන් කරන ලෙස අවධාරණය කළේය.
 
තවමත් ගණන් නොකළ ඡන්ද පත්‍රිකාවල නීත්‍යානුකූලභාවය ගැන ට්‍රම්ප්ගේ ප්‍රශ්න කිරීම "කුපිත කරවන සුළු, පෙර නොවූ විරූ සහ වැරදි දෙයක්" යැයි ජෝ බයිඩන්ගේ ඡන්ද ප්‍රචාරක කණ්ඩායම පැවසූහ.
 
ඩෙලවෙයාර්හි ආධාරකරුවන් අමතමින් ජෝ බයිඩන් පැවසුවේ, "සෑම ඡන්දයක්ම ගණන් කරන තුරු මැතිවරණය අවසන් වී නැති" බවත්, "අපි ජයග්‍රහණය කරා යන ගමනක සිටින" බවත්ය.
 
මැතිවරණ දිනයේදී වාර්තාගත ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු විය. අඟහරුවාදා දින අග භාගයේ ඡන්ද විමසීම අවසන් වීමට ආසන්නව තිබියදී, වොෂිංටන් ඩීසී හි වීදිවල ට්‍රම්ප්ට එරෙහි විරෝධතා පැවැත්වුණු අතර, එය යම් නොසන්සුන්කාරී තත්වයක් ඇති කළේය.
 
 
 
ප්‍රාන්ත 41 ක ප්‍රතිඵලය
 
US 41
 
ඉදිරියට කුමක් වේද?
 
එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති වන්නේ කවුරුන්ද යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැත. 
 
 
වියහැකි සමහර කරුණු:
 
# දින ගණනක් යනතුරුත් අවසන් ප්‍රතිඵලය දැනගැනීමට නොහැකි විය හැක. මෙය බොහෝ දුරට ඉඩ ඇති තත්ත්වයක් සේ පෙනේ, මෙම සටන මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා වැනි ස්ථානවල තවමත් ගණන් ගණන්කරන තැපැල් ඡන්ද වෙත මාරු වනු ඇත.
 
# නීතිඥයන් මෙයට සම්බන්ධ විය හැකිය. ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බවට තර්ජනය කර තිබේ. මෙයින් අදහස් කෙරෙන්නේ එයට සති කිහිපයක් ගත විය හැකි බවය.
 
# අවිනිශ්චිතතාව නිසා නොසන්සුන්තා ඇති විය හැකිය. බොහෝ ඇමරිකානුවන් ඔවුන්ගේ ගැටලු ගැන කතා කර ඇතත්, සැලකිය යුතු නොසන්සුන්තාවක් ඇති වේ දැයි කීමට කල් වැඩි ය. නමුත් අනිවාර්යයෙන්ම අවිනිශ්චිතතාවක් ඇති වනු ඇත.
 
 
 
ට්‍රම්ප්: "අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා"
 
Trump Press
 
නිත්‍යානුකුලව ප්‍රකාශ වූ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කිරීමට තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොලත් ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කළේය.
 
"අවංකව ම අපි මේ මැතිවරණය ජයගත්තා," යැයි පහත් ස්වරයකින් ඔහු කීය. මැතිවරණය තුළදී "වංචා" වූ බව ඔහු පැවසුවේ සාක්ෂි ඉදිරිපත් කිරිමකින් තොරවය.
 
"මේක අපේ රටට ලැජ්ජාවක්," යැයි ඔහු සඳහන් කළේ මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව පවසමිනි.
 
ඔහු මේ බව සඳහන් කළේ මන්දිරයේ නැගෙනහිර කාමරයේ (East Room) වේදිකාවේ සිට ආධාරකරුවන් අමතමිනි. ඔහුගේ පවුලේ අයට සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි මිලියන සංඛ්‍යාත ආධාරකරුවන්ට ස්තූති කරමින් ඔහු කතාව ඇරඹීය.
 
"අපි විශාල උත්සවයකට සූදානම් වෙමින් සිටියා,"යැයි කී ඔහු "අපි හැම දෙයක්ම දිනුවා." යි සඳහන් කළේය.
 
ජයග්‍රාහී ස්වරය ගනිමින් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේදී ලැබූ සිය විශාල ජයග්‍රහණය ප්‍රකාශ කළේය.
 
"අපි එය දිනුවා නොවෙයි විශාල ලෙස දිනා ගත්තා," මීට පෙර මැතිවරණ රාත්‍රියේදී ප්‍රතිවාදියා වූ ජෝ බයිඩන් කළාක් මෙන් ට්‍රම්ප් ද පෙන්සිල්වේනියාවේ පෙරමුණ ගෙන සිටින බව කියා සිටියි. එම ප්‍රාන්තයේ ජයග්‍රහයකයා තීරණය කිරීමට තවමත් කල් වැඩිය.
 
 
 
 
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් රිපබ්ලිකන් පාක්ෂිකයින් 'පීඩාවට පත්ව සිටිති'
 
ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ කළ කතාවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සනාථ නොකළ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කර ඇත. 
 
ඔහු එසේ කළේ මිලියන ගණනකගේ ඡන්ද ගණන් කිරීම තවමත් අවසන් කර නොමැති තත්ත්වයක් තුළ ය.
 
ඉහළ පෙලේ රිපබ්ලිකන් පාක්ෂිකයින් සහ ගතානුගතික විචාරකයින් කිහිප දෙනෙකු ට්‍රම්ප්ගේ සනාථ නොකළ අදහස් දැක්වීම ගැන අවධානය යොමු කරති.
 
ඒබීසී ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් නිව් ජර්සි හි හිටපු ආණ්ඩුකාරවරයා සහ ට්‍රම්ප්ගේ උපදේශක ක්‍රිස් ක්‍රිස්ටි ජනාධිපතිවරයාගේ කතාව හැඳින්වූයේ උපායමාර්ගිකව මෙන්ම ජනාධිපතිවරයෙකු වශයෙන් ද ගත් වැරදි පියවරක් ලෙසිනි.
 
"එය නරක උපායමාර්ගික තීරණයක්," ඔහු පැවසීය. "එය නරක දේශපාලන තීරණයක්."
 
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තමා "දැඩි පීඩාවට පත්වූ" බව පෙන්සිල්වේනියා හි හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභික රික් සැන්ටෝරම් පැවසීය. "වංචාව යන වචනය භාවිත කිරීම ... මම හිතන්නේ වැරදියි," ඔහු සීඑන්එන් නාලිකාව වෙත පැවසීය.
 
ගතානුගතික විචාරකයෙකු මෙන්ම ට්‍රම්ප්ගේ විවේචකයෙකු වන බෙන් ෂැපිරෝ ට්විටර් පණිවුඩයක් තුළින් කියා සිටියේ මෙම ප්‍රකාශය "දැඩි වගකීම් විරහිත" බවය.
 

ben

 
 
මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ වීථි බසිති:
 
 Us Election
මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ පාරට බසිති (ඡායාරූපය-REUTERS)
 
මැතිවරණ දිනයේ රාත්‍රිය උදාවෙද්දී, ඡන්ද විමසීම අවසන් වී ඡන්ද ගණන් කිරීමත් සමඟ වොෂිංටන් අගනුවර වීථිවල ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි විරෝධතා දියත්වීම නොසන්සුන්කාරී තත්ත්වයකට තුඩු දී තිබුණි.
 
සිය ගණනක් පිරිස අගනුවර ඇතැම් ප්‍රදේශ හරහා ගමන් කළ අතර සමහර අවස්ථාවලදී ගමනාගමනය අවහිර කළ ඔවුහු ගිනිකෙළි දැල්වූහ.
 
"අපට යුක්තියක් නොලැබෙන්නේ නම් ඔවුන්ට සාමයක් නොලැබේ!" යනුවෙන් ඇතැම් විරෝධතාකරුවෝ හඬ නැගූහ.
 
විරෝධතා බොහෝ දුරට සාමකාමී වූ නමුත් ධවල මන්දිරයෙන් පිටත දී ගැටුම් හටගත් බවට වාර්තා විය. 
 
ගැටුම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වොෂිංටන් හි එන්බීසී සේවය වාර්තා කළේය.
 
Ruffini
"යම් ආකාරයක දුම් බෝම්බයක්" භාවිත කළ බවක් පෙනෙන්නට ඇතැයි සීබීඑස් ප්‍රවෘත්ති වාර්තාකාරිනී ක්‍රිස්ටිනා රුෆිනි ට්විටර් පණිවිඩයක සඳහන් කළාය.
 
මේ අතර කැලිෆෝනියා හි ලොස් ඇන්ජලිස්, උතුරු කරොලයිනා හි රැලේ, ඔරිගන් හි පොර්ට්ලන්ඩ් මෙන්ම නිව් යෝර්ක් නගරයේද තැන තැන විරෝධතා පිළිබඳ තොරතුරු වාර්තා විය.
 
මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් නොසන්සුන් තත්ත්වයක් හට ගනු ඇතැයි පළවූ බිය හේතුවෙන් එක්සත් ජනපදය පුරා ඇති නගරවල ව්‍යාපාරික ස්ථාන රැසක් එහි දොර සහ ජනේල ආරක්ෂාව සඳහා පුවරු යොදා ඒවා ආවරණය කළහ.
 
 
 
ග්‍රිනිච් වේලාවෙන් 06.57 (ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 12.27) වනවිට ප්‍රාන්ත ප්‍රතිඵල තිබූ අන්දම
 
ප්‍රාන්ත 40ක ප්‍රතිඵලය
 
rhyey
 
 
ඉහළ ප්‍රතිචාරයක්? අවධානය යොමු කළ යුතු ප්‍රාන්ත
 
Us Election333
ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES
 
ප්‍රාන්ත 50 ක්, අපේක්ෂකයින් දෙදෙනෙකු සහ මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් සිටින එක්සත් ජනපද මැතිවරණය තීරණාත්මක විය හැකිය. 
 
 
ඉතින් ප්‍රධාන ප්‍රාන්ත තුනක් මෙන්න.
 
 ෆ්ලොරිඩා:  කියුබානු-ඇමරිකානු සම්භවයක් ඇති පිරිසගේ සහය ලැබෙනු ඇති මියාමි-ඩේඩ් ප්‍රාදේශීය බල ප්‍රදේශය ඩොනල්ඩ් ට්‍රම්ප් දිනනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත.
 
ඇරිසෝනා: 1996 සිට මේ දක්වා ඇරිසෝනා ප්‍රාන්තය රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දී නැති අතර එහි ජීවත් වන තරුණ ප්‍රගතිශීලී ලතින් ජාතිකයන් නිසා බයිඩන්ට වාසිදායක විය හැකි සේ පෙනේ.
 
 විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා:  මෙම ප්‍රාන්ත තැපැල් ඡන්ද ගණන් කිරීම පවා ආරම්භ කර නැති අතර එයට දින කිහිපයක් ගත විය හැකිය.
 
(BBC සිංහල සේවය)
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
කියවන්න:
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...