leader s

මේවනවිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට
කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි වාර්තාවේ. 
 
එම තත්වය යටතේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු වෙනත් ස්ථානයකට ගෙන රැගෙන ගොස් ඇතැයි වාර්තා වුවද පවුලේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත්ව නොමැත.
 
එහෙත් අපගේ ආරංචිමාර්ග පවසන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරයට ගෙනවිත් ඇති බවයි. ඔහුව වහාම IDH රෝහලට යොමුකරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇතැයි ද පැවසේ. 
 
කොවිඩ් අසාදිතයින්ගේ අනන්‍යතාවයන් මේ දක්වා අප කිසිඳු ආකාරයකින් වාර්තා කර නැතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාරය තුළදී මොනයම් අයුරකින් හෝ ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සැකයක් මතුව ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාමල් රාජපක්ෂ පසුගියදා මාධ්‍ය හමුවක දී අවධාරණය කර තිබු හෙයින් මේ සම්බන්ධව වාර්තා කිරීමට අප තීන්දු කළෙමු.
 
 

 ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.
 
ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.
 
කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.
 
පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකරපත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.
 
 
 
පිල්ලෙයාන්ට ඇප !
 
fdgමඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ.
 
මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් විසින් එම නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.
 
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.
 
2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනයට ලක්විය.
 
 
සබැඳි පුවත් :
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්