The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

සිරගත කර සිටින හිටපු රහස් පොලිස් ලොක්කාට කොවිඩ් : ජිවිත අනතුරක් ගැන යලිත් සැකයක් !

T

The Leader Desk

November 25, 2020 • 3:58 AM

සිරගත කර සිටින හිටපු රහස් පොලිස් ලොක්කාට කොවිඩ් : ජිවිත අනතුරක් ගැන යලිත් සැකයක් ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි වාර්තාවේ. එම තත්වය යටතේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු වෙනත් ස්ථානයකට ගෙන රැගෙන ගොස් ඇතැයි වාර්තා වුවද පවුලේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත්ව නොමැත.
  • එහෙත් අපගේ ආරංචිමාර්ග පවසන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරයට ගෙනවිත් ඇති බවයි.
  • ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.
  • ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි වාර්තාවේ. 
 
එම තත්වය යටතේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු වෙනත් ස්ථානයකට ගෙන රැගෙන ගොස් ඇතැයි වාර්තා වුවද පවුලේ කිසිවකුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත්ව නොමැත.
 
එහෙත් අපගේ ආරංචිමාර්ග පවසන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරයට ගෙනවිත් ඇති බවයි. ඔහුව වහාම IDH රෝහලට යොමුකරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇතැයි ද පැවසේ. 
 
කොවිඩ් අසාදිතයින්ගේ අනන්‍යතාවයන් මේ දක්වා අප කිසිඳු ආකාරයකින් වාර්තා කර නැතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාරය තුළදී මොනයම් අයුරකින් හෝ ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සැකයක් මතුව ඇති බවට මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ නාමල් රාජපක්ෂ පසුගියදා මාධ්‍ය හමුවක දී අවධාරණය කර තිබු හෙයින් මේ සම්බන්ධව වාර්තා කිරීමට අප තීන්දු කළෙමු.
 
 

 ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීයකු ලෙස ශානි අබේසේකර හැඳින්විය හැකිය.
 
ශානි අබේසේකර අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.
 
කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත.
 
පසුගිය කාලසීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකරපත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි.
 
 
 
පිල්ලෙයාන්ට ඇප !
 
fdgමඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ.
 
මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් විසින් එම නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු පැවසීය.
 
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.
 
2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනයට ලක්විය.
 
 
සබැඳි පුවත් :
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...